IMG-LOGO

ඉක්මන් ගමන කෙටි කියනවනේ - සුබා

නව පරපුරේ ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක වන සුබා වික්‍රමසිංහ සමගින් මෙවර අපි 'සාරවිට' තරු කතා බහ ආරම්භ කළෙමු. වර්තමානය වනවිට නිරූපණය ක්ෂේත්‍රය තුළ ඉහළ ජනප්‍රියත්වක් හිමිකරගෙන සිටින සුබා ඉදිරියේදී රංගනයට යොමු වීමටද සූදානමින් සිටියි. මේ ඇය ඒ පිළිබඳව සහ ඉදිරි කලා කටයුතු පිළිබඳව අපිට පැවසූ අදහස්ය.

 

20160529Suba-1නිරූපිකාවක වෙන්න ඕනා කියලා සුබාට හීනයක් තිබුණාද?

නැහැ. නමුත්, අහම්බෙන් තමයි නිරූපණය ක්ෂේත්‍රයට මම සම්බන්ධ වුණේ. පුංචි කාලෙ ඉඳලා හිතෙ තිබුණේ නම් වෙනත් වෘත්තියකට යොමු වෙන්න.

 

කොයි කාලේ වගේද නිරූපිකාවක් වුණේ?

මීට අවුරුදු 4කට විතර කලින්. 2012 අවුරුද්දේ වගේ. ප්‍රවීණ මෝස්තර නිරූපිකා රොසෑන් ඩයස් මහත්මිය යටතේ මම නිරූපණය පිළිබඳව හැදෑරීමක් කළා. ඊට පස්සේ තමයි ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ.

 

සිවුවසරක් තිස්සේ නිරූපිකාවක් විදිහට ඔබ මේ ක්ෂේත්‍රය තුළ කටයුතු කරනවා. ක්ෂේත්‍රය තුළ සුබාට තැනක් තියෙනවාද?

ඔව් කිව්වොත් හරි. මම මේ ක්ෂේත්‍රය තුළ ලොකු දුරක් ඇවිල්ලා තියෙනවා. නමුත්, මට මේ ක්ෂේත්‍රය තුළ තව ලොකු ගමනක් යන්න ඕනා කියන අවශ්‍යතාව තියෙනවා.

 

වෙළෙඳ දැන්වීම්, ගීත රූප රචනා වගේ දේවල්වලට දායක වෙලා නැද්ද?

වෙළෙඳ දැන්වීම්වලට නම් ලොකුවට දායක වෙලා නැහැ. මියුසික් වීඩියෝ නම් කිහිපයකටම දායක වුණා. ඒ අතරින් නවක ගායකයන් තිදෙනෙකු වූ ඩිලාන් ළහිරුගේ 'නෙතුකැන්', ෂා විරාජ්ගේ 'වේදනා' හා සමින්ග් නිරාජ්ගේ 'ඔය නෙතු' කියන මියුසික් වීඩියෝ ගොඩ දෙනෙක් අතර ජනප්‍රිය වුණා. මේවාට අමතරව මොඩ්ලින් ෂෝ පොටෝ ෂූට් වගේ දේවල්වලටත් මම සම්බන්ධ වෙලා වැඩ කරලා තියෙනවා.

 

රඟපාන්න කැමති නැද්ද සුබා?

කැමතියි ගොඩක්. දැනට ආරාධනා කිහිපයකුත් ලැබිලා තියෙනවා. ඉදිරියේදී ඒ පැත්තට යොමු වෙන්න අදහසකුත් තියෙනවා.

 

අලුත් කෙනෙක් විදිහට නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

ඕනෑම දෙයක පැති කිහිපයක් තියෙනවා. ඉතින් හැමදේකින්ම හොඳ දේ විතරක් තෝර ගන්න අපි බුද්ධිමත් වෙන්න ඕන. ඉක්මන් ගමනක් යන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. ඉක්මන් ගමන කෙටි කියනවනේ. ඒ හින්දා මම කැමතියි මේ ක්ෂේත්‍ර තුළ හෙමින් ගමනක් යන්න. ‍

 

උදව් කල පිරිසකුත් ඇති?

අම්මා, තාත්තා ඇතුළු මගේ පවුලේ අයගෙන් මට ලොකු සපෝර්ට් එකක් ලැබෙනවා මේ ක්ෂේත්‍රයේ වැඩ කරද්දි. ඒ වගේම තව ගොඩක් අය ඉන්නවා. නම් වශයෙන් නොකීවත් ඒ හැම දෙනාවම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනා.

බුද්ධික සේනාධීර

20160529Suba-2 20160529Suba-3 20160529Suba-4

 

 

 

 



අදහස් (0)

ඉක්මන් ගමන කෙටි කියනවනේ - සුබා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 163 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 471 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 71 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site