IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ඇෆ්ගනිස්ථාන බෝම්බ පිපිරීමෙන් 90ක් මරුට

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර ජනාධිපති මන්දිරය හා රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල පිහිටි ප්‍රදේශයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 90ක් මියගොස් 400කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. 

මුස්ලිම් ජාතිකයන් බහුතරයක් වෙසෙන ඇෆ්ගනිස්තානයේ ඉස්ලාම් භක්තිකයන් මේ දිනවල රාමදාන් උපවාසයේ යෙදෙන අතරතුරදී මෙම ප්‍රහාරය එල්ල විය. මෙම බෝම්බ ප්‍රහාරය කාබුල් නුවරට එල්ල වූ දරුණුතම ප්‍රහාරයක් ලෙස සැලකෙන අතර බෝම්බය පුපුරා ගොස් ඇත්තේ ජර්මානු තානාපති කාර්යාලයේ ආසන්නයේ යැයි වාර්තා විය. පිපිරීමෙන් ජර්මානු තානාපති කාර්යාලයේ ආරක්ෂක භටයකු තුවාල ලබා ඇතැයි ද කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකුට තුවාල සිදු ව ඇතැයි ද එරට විදේශ අමාත්‍ය සිග්මාර් ග්‍රාබියෙල් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි. 

මෙම ප්‍රහාරය කාර් බෝම්බ ප්‍රහාරයක් යැයි කාබුල් පොලිසියේ ප්‍රකාශක බසීර් මුජාහිද්ය. 

“බෝම්බය පුපුරා ගියේ ජර්මානු තානාපති කාර්යාලය ආසන්නයේ. ඒ අවට තවත් තානාපති කාර්යාල රැසක් තිබෙනවා” යැයි බසීර් මුජාහිද් පැවැසීය. 

බෝම්බයෙන්, බෝම්බය පුපුරා ගිය ස්ථානයේ සිට මීටර 100ක් පමණ දුරින් පිහිටි ස්ථානවලට ද හානි සිදු වී ඇතැයි වාර්තා විය. මෙම බෝම්බය මීට පෙර එල්ල වූ ප්‍රහාරවලට වඩා ප්‍රබලත්වයෙන් ඉහළ බව වාර්තා වූ අතර වතුර ප්‍රවාහනය කරන බවුසරයක, වතුර ටැංකියක පුපුරණ පුරවා තිබී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය. 

තානාපති කාර්යාල ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල, ඇෆ්ගන් රජයේ ප්‍රධාන කාර්යාල ඇතුළු ප්‍රධාන පෙළේ පිරිස්වල නිල නිවාස හා ජනාධිපති මන්දිරය පිහිටි මෙම ප්‍රදේශයට ඇතුළුවීම තහනම් කිරීමට ප්‍රහාරයෙන් ඇෆ්ගන් ආරක්ෂක අංශ ප්‍රමුඛ නේටෝ හමුදා කටයුතු කළේය. 

ප්‍රහාරයෙන් අවම වශයෙන් 80කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි ද 350කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ද ඇෆ්ගනිස්තානයේ මහජන සෞඛ්‍ය නිලධාරියකු පැවැසීය. ප්‍රහාරයෙන් තුවාල ලැබූ බොහෝ දෙනා සිවිල් වැසියෝය. 

මෙම බෝම්බ ප්‍රහාරයෙන් ජර්මානු තානාපති කාර්යාලයේ පිරිස් අමතරව, ප්‍රංශ හා චීන තානාපති කාර්යාලවල පිරිස් ද තුවාල සිදුව ඇතැයි වාර්තා විය. 

“මට ඒක දැනුනේ භූමිකම්පාවක් වගේ” යැයි ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් 21 හැවිරිදි මොහොමද් හසන් පැවැසීය. බෝම්බය පුපුරා ගොස් ඇත්තේ හසන් සේවය කරන බැංකුව ආසන්නයේය. 

ප්‍රහාරය පිළිබඳ අදහස් දැක් වූ 27 හැවිරිදි නබීබ් අහමද් මෙසේ කීය. “ඒක මහා විශාල පිපිරීමක්. අවට තිබ්බ සියල්ලම විනාශ වෙලා ගියා. අපිට මුකුත් හිතාගන්න බැහැ. තිබ්බේ මොනව ද දැන් නැත්තේ මොනවද කියලා හිතාගන්න බැහැ” යැයි ද ඔහු කීය.  

“ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ඉන්දියාව සෑම විටම ඇෆ්ගනිස්තානයට උපකාර කරනවා” යැයි ප්‍රහාරය හෙළා දකිමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේය. ත්‍රස්තවාදයට සහාය දෙන සියලු බලවේග පරාජයට පත් කළ යුතු බව ද ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

තලේබාන් සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගැනීම ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත් කර තිබූ අතර කිසිදු ඉලක්කයක් නොමැති හා සිවිල් වැසියන් ඉලක්ක කරගෙන ප්‍රහාර හෙළා දකින බව ද සඳහන් කළේය. 

ඉරාකයේ හා සිරියාවේ දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන අයි.එස් සංවිධානය ද ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවරට ප්‍රහාර එල්ල කළ අතර ඔවුන් පසුගිය මාස කිහිපයේදී දරුණු ප්‍රහාර කිහිපයක් එල්ල කළේය. ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක අයි.එස් සංවිධානය ඉකුත් මාර්තු මාසයේදී හමුදා රෝහලකට එල්ල කළ ප්‍රහාරයකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. 

මෙම ප්‍රහාරයෙන් රියදුරකු මියගොස් ජනමාධ්‍යවේදීන් සිව්දෙනකු තුවාල ලබා ඇතැයි බී.බී.සී පුවත් සේවය වාර්තා කර තිබිණි. 

(රොයිටර්/ඒ.එෆ්.පී 055)



අදහස් (2)

ඇෆ්ගනිස්ථාන බෝම්බ පිපිරීමෙන් 90ක් මරුට

imesh Thursday, 01 June 2017 02:54 AM

බාමියන් බුදුපිළිම විනාශ කිරීමේ ප්‍රතිවිපාකයයි

:       0       0

ධම්ම Thursday, 01 June 2017 03:46 AM

ආක්‍රමණයිකයින් දැන්වත් මේ රට අතහැර යා යුතුය. වටිනා ඛනිජ ගහණ කඳු වළලු හා සරු කෙත්වතු දෙස බලා කෙළහැලුවා ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 43 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 878 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2514 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site