IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇෆ්ගනිස්තානු ක්‍රීඩකයෝ එංගලන්තය පරදවති

 

(යොහාන් භාසුර)

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 13 වැනි තරගය ලෙස දිල්ලිහිදී අද (15) පැවති තරගයේදී ඇෆ්ගනිස්තානු ක්‍රීඩකයෝ ලකුණු 69 කින් ප්‍රබල එංගලන්ත පිල පරාජය කරමින් පෙරළිකාර ජයක් ලැබීමට සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 285 ක් ඉලක්කය හඹා ගිය එංගලන්ත පිල ඕවර 40.3 කදී ලකුණු 215 කට සීමා කිරීමට ඇෆ්ගනිස්තාන් දඟ පන්දු යවන්නන් ප්‍රමුඛ පන්දු යැවීමේ බලඇණිය සමත් විය.

රෂීඩ් ඛාන් (37/3) සහ මොහොමඩ් නබී (16/2) ජයග්‍රහණය දැවැන්ත කොටස්කරුවන් බවට පත්වෙමින් කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූහ. පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානු පිල වෙනුවෙන් රහමුනුල්ලා ගුර්බාෂ් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 57 කින් හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 80 ක් රැස් කළේය.

ඇෆ්ගනිස්තානු පිල ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 284 (රහමුනුල්ලා ගුර්බාෂ් 80, ඊබ්‍රහිම් ශද්‍රාන් 28, ඉක්‍රම් අලිකිල් 58, රෂීඩ් ඛාන් 23, මුජූබ් උර් රහමන් 28, අදිල් රෂීඩ් 42/3, මාක් වුඩ් 50/2) එංගලන්ත පිල ඕවර 40.3 කදී සියලු දෙනා දැවී 215 (ඩේවිඩ් මලන් 32, හැරී බෲක් 66, අදිල් රෂීඩ් 20, මාක් වුඩ් 18, මුජූබ් උර් රහමන් 51/3, රෂීඩ් ඛාන් 37/3, මොහොමඩ් නබී 16/2)

 



අදහස් (0)

ඇෆ්ගනිස්තානු ක්‍රීඩකයෝ එංගලන්තය පරදවති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site