IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඇස් ඇත්තෝ ඇස් වසා ගනිති

දෘෂ්‍යාභාධිත ප්‍රජාවගේ ගැටලු සාකච්ඡා කිරීම සදහා දෘෂ්‍යාභාධිත ජනතා සම්මේලනය විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත් වූ සාකච්ඡාවට අදාල ආරධිත රාජ්‍ය නිලධාරින් කිසිවෙක් සහභාගී නොවූහ. අධ්‍යාපන අමාත්‍යංශයේ නොවිධිමත් අධ්‍යාපන අංශය, සමාජ සේවා දෙපාර්තමේන්තුව, මෝටරථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ මානව හිමිකම් කොමිෂන් සභා නිලධාරින්ට නිල වශයෙන් ආරධනා කර  තිබුණු අතර එහි කිසිම නියෝජිතයෙක් ඒ අවස්ථාවට සහභාගී නොවූහ.

පාසල් පාසල් පෙළපොත් නිසි ලෙස නොලැබීම, බ්බ්‍රේල් පෙළ පොත් මුද්‍රණයේ දී සීමාවන් දැමීම, දමිළ බ්‍රේල් පොත් නොමැති වීම, ප්‍රවාහණයේ දී දෘෂ්‍යාභාධිත පුද්ගයන් පිළිබදඳ රියදුරන් නීති රිතී නොදැනීම, ස්වයං රුකියා, හිංසන ක්‍රියාවන්, වෘත්තීය පුහුණු අවස්ථා වැනි කරැණු ගණනාවක් අවධාරණය කළ අතර මේ කිසිවකට පිළිතුරැ ලබා ගැනීමට ඔවුනට නොහැකි විය.  ස්වයං රුකියා ණය ආධාර ලබාදීමේදී ප්‍රාදේශීය ලේකම් සහ සමාජ සේවා නිලධාරි නිර්දේශයට අමතරව ප්‍රදේශයේ මන්ත්‍රීවරයාගේ ද අනුමැති ගැනීමට යන බව එහි භාණ්ඩාගාරික නිශාන්ත මෙන්ඩිස් මහතා කීය. මේ තත්වය තුළින් තම පිරිස් තවත් ආභාධිත තත්ත්වට වැටෙන බව ඔහු කීය. අවශ්‍ය පහසුකම් තිබියදීත් පෙළපොත් ලබානොදීම දෘෂ්‍යාබාධිත ප්‍රජාව සමාජයෙන් වෙන් කිරීමක් බව එහි ලේකම් මැණික් ගුණරත්න මෙනවිය පැවසීය.



අදහස් (0)

ඇස් ඇත්තෝ ඇස් වසා ගනිති

සමන් එරමිනියවල Friday, 27 September 2013 03:52 PM

ලංකාවේ රාජ්‍ය නිලධාරීන් කියන්නේ මහජනතාවගේ මුදලින් ඉගෙනගෙන, විශ්ව විද්‍යාලයෙන් පිට වෙලා පාරට බැහැල උද්ගෝෂණය කර කර ඉදල යන්තම් රජයේ රැකියාවක් ලබා ගෙන මහජන්තාවගේම මුදලින් වැටුප් ලබන රටට බරක් වෙච්ච කණ්ඩායමක්. ඒ අය ගැන මේ වගේ පුවත් අසන්න ලැබීම පුදුමයක් නොවෙයි. කවදා හරි රාජ්‍ය සේවය නවත්වපු දවසට ලංකාවට සෞභාග්‍යයක් උදාවේවි.(නදී)

:       0       0

සන්ජය් Friday, 27 September 2013 09:27 PM

කොහෙද ගමක ගොල්ෆ් පිටියක් හදන්න විරුද්ද වුන නිලදරින්ව හෝටලයකට ගෙනිහිල්ල විස්තර පෙන්නලා ඉවර වුනාට පස්සේ "අපි අනුමැතිය දෙනවා " කිව්වුව වගේ (අ)

:       0       0

සෙයිලනිකස් Friday, 27 September 2013 04:47 PM

නිතරම අපෙන් දොස් අහන බටහිර රටවල මෙවැනි ආබාධිත අයට සලකන යහපත් ආකාරය ඉතාම හොඳයි. රෝද පුටුවෙන් යන කෙනෙකුට උනත් බසයේ, දුම්රියේ, මහපාරේ කරදරයක් නැතිව යන්න පුළුවන්. (ස) මේ කැත වැඩේ කල නිලදරීන්ට මෙවැනි දෘශ්‍යබදිත සමුළුවක් හෝ පුහුණුවක් සඳහා පිටරටක සංචාරයකට යන්න කිව්වා නම් පෝලිමේ එවි.

:       0       0

අසෝක Friday, 27 September 2013 05:02 PM

ගොළුවන්ට බිහිරන්ට ඇස් නොපෙනෙන අය ගැන කියලා පලක් වෙයිද?ඔතනට කවුරුහරි ඇමති කෙනෙක් හරි පිටරටකින් හම සුදු මිනිහෙක් හරි එනවා කියලා ප්‍රචාරයක් දැම්මා නම් නිලධාරියෝ විතරක් නෙමෙයි, ඔවුන්ගේ අඹු දරුවන්වත් පෝලිමේ එක්කාගෙන එයි. ඔන්න අපේ රටේ වර්තමානය...ඉතින් අනාගතය අනාගන්නවා හැර වෙන කුමක් කරමුද? (නි)

:       0       0

චමත් Friday, 27 September 2013 05:48 PM

ඉතාමත්ම කණගාටුදායකයි මෙවැනි දේවල් අහන්නට ලැබීමත්.මේ වාගේ නිලධාරීන්ව දියුණු රටවල් වලට ගෙන ගොස් එම රටවල නිලධාරීන් ,රජය, මහජනයා, ආබාධිතයන්ට සළකන ආකාරය පෙන්වා දිය යුතුය. සියලු දේ නැතත් අපගේ ආබාධිතයන්ට මුලික අවශ්‍යතා හෝ සපයා දීමට හැකි නම් මොන තරම් පිනක්ද. එය කවදා ඉටු වේවිද? (නි)

:       0       0

උපාලි Saturday, 28 September 2013 06:28 AM

එකම නියෝජිතයෙක්වත් සහභාගි වුණේ නැත්නම් මෙතන වෙන මොකක් හෝ ප්‍රශ්නයක් ඇති. නැත්නම් එක්කෙනෙක් හරි, නිකමටවත් ඔතනට එනවනේ. (නි)

:       0       0

හේරත් Saturday, 28 September 2013 09:55 PM

අයියෝ! මම කොහොමද ඇස් වහගන්නේ? ඇස්.ඇස්.සී.වලට මට ඇස් 8ක්ම තියෙනවා නේ (නි)

:       0       0

සුනෙත් Friday, 27 September 2013 02:52 PM

බොහෝ නිලධාරීන් ඇස් පෙන අයටත් කොලේ වාහන එකේ මේ මිනිසුන් ගැන මොන කතා ද.. (ස)

:       0       0

සමන් - ඕමානය Friday, 27 September 2013 03:06 PM

මෙවැනි සමාජ සේවයකටත්, මේ ආබාධිතයින් මන්ත්‍රී පස්සේ යන්න ඕනෑද? ඒකටත් දේශපාලනය ගාවගන්න එක සුදුසුද? රට දේශපාලනීකරණය කළා හොඳටම ඇති. දැන් කල යුත්තේ එයින් ගැළවීමයි. (ස)

:       0       0

රාජදුත Friday, 27 September 2013 03:25 PM

මං මේ කල්පනා කරන්නේ මේ ගොල්ලන්ට මොන සිංහලෙන්ද අමතන්න ඕනා කියලා. කීයක් හරි ගරා ගන්න පුලුවන්නම් බඩගින්නේ හරි බඩගාගෙන එනවා සිකුරුයි.(නදී)

:       0       0

රෝහණ Saturday, 28 September 2013 10:58 AM

අද රටේ නිලධාරීන් කියල ඇතැම් ආයතන වල දෙපාර්තමේන්තුවල ඉන්නේ අවංකව තමන්ගේ රාජකාරි කරන අය නොවී එව වලින් හම්බ කරගෙන රටට අගතියක් කරන අය. අපේ රට කවද මෙම දුෂ්ටයන්ගෙන් බේරා ගැනීමට පුළුවන් වෙඉද මෙමෙ අසරණ දරුවන්ට කවද සෙතක් වේවිද ප්‍රචරයටන් පින්තුර දල වැඩසටහන් ගෙන යාවි

:       0       0

ටිරෝන් සෙනෙවිරත්න Friday, 27 September 2013 03:33 PM

දැන් එතකොට කවුද දෘශ්‍යාබාධිත. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 591 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site