IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇවන්ගාඩ් සභාපති අසනිපෙන්

ඇවන්ගාඩ්  සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සිංගප්පුරු රෝහලකදී ශල්‍ය කර්මයකට ලක් කොට ඇති බව කියමින් ප‍්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද  (20) බරපතල වංචා දුෂණ පිළිබඳ ජනාධිපති පරීකෂණ කොමිසම හමුවට නොපැමිණියේය.

රෝගී තත්ත්වයෙන් පසු වන නිශ්ශංක සේනාධිපති මහතා සිංගප්පුරු රෝහලකදී ශල්‍ය කර්මයකට ලක් කොට ඇති බවත් මේ තත්වය අනුව ප‍්‍රකාශයක් ලබාදීම  සඳහා කොමිසම කර ඇති දැනුම් දීම අනුව ඔහුට කොමිසමට පැමිණීමට හැකියාවක් නොමැති බවත් නීතීඥවරයකු මඟින් සේනාධිපති මහතා කොමිසමට දැනුම් දුන්නේය.

යුධ හමුදාවට අයත් ගිනි අවි සහ පතුරම් ඔහුගේ සමාගමට  විකුණන ලදැයි කියන සිද්ධියක් ගැන ප‍්‍රකාශයක් ලබා ගැනීම ඔහු  කැදවීමට  කොමිසම නියෝග කළේය.



අදහස් (0)

ඇවන්ගාඩ් සභාපති අසනිපෙන්

අධිකාරී Friday, 20 November 2015 12:38 PM

මොකක්හරි නීතිමය කටයුත්තක් සිදුවෙනකොට තමයි ගොඩක් අය අසනීපවෙන්නේ (නි)

:       0       0

සෑම් Friday, 20 November 2015 01:07 PM

වැරදි වැඩ කරලා නැත්තම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)

:       0       0

ශාන සෞදි Friday, 20 November 2015 01:27 PM

මොකක්ද දන්නේ නැහැ කළ ශල්‍යකර්මය? සරත් ෆොන්සේකා වගේ නායකයෙක් අපේ රටට එන්න ඕනෑ (නි)

:       0       0

කරුණාපාල Friday, 20 November 2015 01:31 PM

සිංගප්පුරු රෝහලෙන් ශල්‍යකර්මය කළාට පස්සේ, අර අමතකවීමේ රෝගය මෙතුමාටත් හැදෙයිද කියලයි මට සැක (නි)

:       0       0

සත්‍යයා Saturday, 21 November 2015 05:33 PM

නඩු වැටෙනකොට අසනීප වෙන්නේ බොහොම වෙලාවට මොනවගේ අයද කියලා අතීත පාඩම් අපට කියාදෙනවා. (නි)

:       0       0

සමන්ති Friday, 20 November 2015 01:38 PM

මතකය අමතකවන රෝහලක් නම් නොවේවා! (නි)

:       0       0

චරිත Friday, 20 November 2015 02:53 PM

මීට පස්සේවත් ඔයවගේ කොමිසම් කාර්යාල ඉස්පිරිතාල පරිශ්‍රයට මාරු කළානම් හොදයි. එතකොට ඔය ප්‍රශ්නේ විසදේවි. (බ)

:       0       0

තිලාන් Friday, 20 November 2015 03:35 PM

අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

රොෂාන් Friday, 20 November 2015 03:37 PM

මෙවන් සත්‍ය මුල්‍ය අපරාධ සිදුව තිබියදී මෙයාලා කොහොමද පිටරට යන්නේ? (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 21 November 2015 11:41 PM

අපේ රටේ නීතිය නැමති දැල ශක්තිමත් මදි මේ වගේ ලොකු මෝරුන්ව අල්ලාගන්න (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් Saturday, 21 November 2015 05:54 AM

සිංගප්පුරු ගියොත් ඔක්කොම අමතක වෙනවා.(ම)

:       0       0

තුෂාර Friday, 20 November 2015 06:14 PM

මොකක්ද දන්නෙ නැහැ හදිසියේ හැදුනු අසනීපය? (නි)

:       0       0

රෝහන Saturday, 21 November 2015 11:34 AM

අන්න හරි චරිත එහෙම තමයි කරන්න ඕන.(රේ)

:       0       0

කුමාර Saturday, 21 November 2015 02:01 PM

ශාන සෞදි, සරත් ෆොන්සේකා කියන්නෙ යුද්ධ හමුදා සේනාපති කෙනෙක් විදියට සුපිරි වෙන්න පුලුවන්, එත් සිවිල් සමාජයේදි යන්නෙ කොහෙද මල්ලෙ පොල් චරිතයක් කියල මුලු ලංකාවටම තේරිල තියෙන්නෙ, (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site