IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඇවන්ගාඩ් විශේෂ කැබිනට් රැස්වීම සඳුදා

ඇවන්ගාඩ් මැරිටයිම් පෞද්ගලික ආරක්ෂක සමාගමේ පාවෙන අවි නැව් සිද්ධිය සම්බන්ධයෙන් ඇමැති මණ්ඩලයේ විශේෂ රැස්වීමක් පවත්වන බව මෛත්‍රිපාල සිරිසේන ජනපති ලග්ගලදී පැවසීය.

පසුගිය ඇමැති මණ්ඩල රැස්වීමේදී මේ ගැන විවිධ අදහස් පළවූ බවද ජනපති කීවේය.

පොලිසිය බාර ඇමැති තිලක් මාරපන පාර්ලිමේන්තුවේදී පැවසූයේ එම සිද්ධිය පොලිසිය ලකුණු දා ගැනීමට කළ වැඩක් බවයි. නඩු පැවරීමට තරම් කරුණු නැතැයි ඔහු කීවේය. ඇමැති චම්පික රණවක මහතා පැවසූයේ පොලිස් පරීක්ෂණ ගැන සෑහීමකට පත් විය නොහැකි බවත් මේ සිද්ධිය රජයේ පැවැත්ම ගැන සාධකයක් විය හැකි බවත්ය.

අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා කොළඹදී පැවසූයේ එම විශේෂ කැබිනට් රැස්වීම ලබන සඳුදා පැවැත්වීමට ජනපති එකඟවූ බවයි.මේ අනුව ලබන 09 වැනිදාට එම රැස්වීම නියම කරගත් බවද ඔහු කීවේය.



අදහස් (0)

ඇවන්ගාඩ් විශේෂ කැබිනට් රැස්වීම සඳුදා

පියුම් Friday, 06 November 2015 10:35 AM

රජයේ පෑවත්මට සාධකයක් ද නැත්තම් අර්ථසාධකයක් ද වෙයිද දන්නේ නෑ.(ම)

:       0       0

කුමාර Friday, 06 November 2015 11:15 AM

ඔය නෞකාව නීතිවිරෝධී එකක් කියලා මම නම් හිතන්නේ නැහැ. යුද්ධ කාලේ බෝම්බ නෞකා, අවි නෞකා උතුරු මුහුදේ තිබුණා. කවුද කතා කළේ? ඔය කියන නෞකාව පෙර සිටම තිබුනානේ. දේශපාලකයෝ එතකොට කොහෙද හිටියේ? මේ ගැන සාධාරණයක් කරන්න (නි)

:       0       0

සේන Saturday, 07 November 2015 08:32 AM

මේ සිද්ධිය රජයේ පැවැත්ම ගැන සාධකයක් විය හැකි බව චම්පික රණවක ප්‍රකාශ කරන්නේ එයා මහා පොදු සාධකය කියල හිතාගෙන වෙන්නැති. (ස)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Saturday, 07 November 2015 10:36 AM

අැවන්ගාර්ඩ් සිද්ධිය සම්බන්ඳව මොන කොමිසම් දැම්මත් , එය සාධාරණය කියා අන්තිමට තීරණය දෙන්නේ , දාහට නැමෙන්නේ නැති කෙනා ලක්ෂයට නැමෙනවා , ලක්ෂයට නැති කෙනා කෝටියට නැමෙනවා , මුදල කීයක් වුණත් ගෙවන්න අැවන්ගාර්ඩ් කට්ටිය සුදානම්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site