රුපියල් ලක්ෂ 355 ක අයථා ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට හා එහි හමුදා සම්බන්ධීකරණ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් පාලිත ප්‍රනාන්දුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියෙන් ඇප නියම කිරීමට එරෙහිව අල්ලස් කොමිසම අද (20) මහාධිකරණයේ ප්‍රතිශෝධිත පෙත්සමක් ගොනු කළේය.
ඒ අනුව සේනාධිපතිට හා පාලිත ප්‍රනාන්දුට නොතීසි නිකුත් කරන ලෙසත් ලබන ඔක්තෝබර් 17 වැනිදාට පෙර විරෝධතා ගොනු කරන ලෙසත් විනිසුරු එම්.සී.ඩී.එස්.මොරායස් මහතා නියෝග කළේය.
එම දෙදෙනාට ඇප දීම අවලංගු කරන ලෙසත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝගය බල රහිත කරන ලෙසත් කොමිසම මෙම පෙත්සමින් ඉල්ලා ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
‘ඇවන්ගාඩ් ලොක්කාටත් ඇප දෙන්න එපා‘
ජනහිත Tuesday, 20 September 2016 06:01 PM
අහලා තියනවද කතාවක් මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි කියලා. හැබැයි ඔය හැමෝම පාර්ලිමේන්තුවට යන්න හදන්නේ නම් රටට තියෙන ආදරයටයි. (නි)
හේවා Tuesday, 20 September 2016 06:02 PM
විරාජ්, හයක් හතරක් නොදන්නා ළදරුවෙක් වගේ කතාකරන්න එපා (නි)
සිරි Tuesday, 20 September 2016 07:55 PM
මෙයාලා කවදාද තේරුම් ගන්නේ "වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව" (නි)
පෙරේරා Wednesday, 21 September 2016 12:32 AM
විරාජ් හැමදේම දන්නවා වගේ කතාව නම් (නි)
චානක ලොස් ඇන්ජලිස් Wednesday, 21 September 2016 01:23 AM
මේ විදියට පොදිගහන අසාධාරන සල්ලි වලින් තමන්ගේ පවුලේ අයට විස්කෝතුවක්වත් කන්න දීමට ශිෂ්ට සම්පන්න මිනිසුන් නම් හිතන්නේවත් නැහැ. ටයි පටියකුත් බෙල්ලේ ඔතාගෙන හිටියට ඉතාම ලැජ්ජයි (නි)
සජී Wednesday, 21 September 2016 03:26 AM
විරාජ්, ඔය කියන ලාබය ලබනවා නම් ඇයි ජනතාවට මෙච්චර බදු ගහන්නේ? (නි)
සුසන්ත Tuesday, 20 September 2016 06:47 AM
අන්තිමට වුනේ රටට දැවැන්ත විදේශ විනිමයකුත්, විශ්‍රාමික රණවිරුවන්ට අතිරේක අදායම් මාර්ගයකුත් ලබාදුන් වටින ව්‍යාපාරයක් බිමටම ඇදවැටිමයි - අපේ රටට හිමිව තිබු සාගර ආරක්ෂක ගිවිසුම් වෙනසේ පල යහමින් නෙලාගන්නා ඇමෙරිකාවේ සහ ඉන්දියාවේ සමාගම් යටතට යාමයි. (ර)
විරාජ් Tuesday, 20 September 2016 03:30 PM
සුසන්ත දන්නේ නැති දේවලට පඬි අර්ථකතන දෙන්නේ නැතුව ඉන්න. මෙතෙක් කල් අවන්ගඩ් පුද්ගලික සමාගමෙන් කරගෙන අපු සේවය ඒ විදියටම නාවික හමුදාව ලවා කරවනවා. දැන් ශුද්ධ ලාභයම රජයටයි ලැබෙන්නේ. පහුගිය මාස ටිකේ ප්‍රවෘර්ති හොයල බලන්න කොච්චර ගානක් ලැබුනද කියල (අ)
දහම් Tuesday, 20 September 2016 03:47 PM
අනේ හැබැටම විරාජ් ඔය දන්නවනම් කියන්නකෝ එදා මේ රටට ලැබුණු විදෙස විනිමය ආදායමත් දැන් ලැබෙන ආදායමත්. ඔයා කියල තියෙන්නේ ඔයා දන්නා එක්කෙනෙක් කියලනේ. (අ)
ලියනගේ Tuesday, 20 September 2016 04:07 PM
විරාජ් යහපාලනයට කඩේ යනවා වගේ ? (අ)
සුසන්ත Tuesday, 20 September 2016 04:37 PM
විරාජ්, ඔවු හොයාගෙන කියවල බලන්න ඉස්සර ලැබුණ අාදායමෙයි දැන් ලැබෙන අාදායමෙයි වෙනස. වෙනස දන්නවා නම් ඔයත් පඩි කතා කියවන එකක් නෑ. (අ)
මිසාබ් Tuesday, 20 September 2016 05:03 PM
අදහස් දක්වන අය දන්නේ මොනවද කියා හිතෙනවා. නාවික හමුදාව දැනට රුපියල් කෝටි ගණනක අාදායමක් ලබා තියෙනවා. මේකයි යහපාලනේ කියන්නේ. ඕක දන්නේ කීයෙන් කී දෙනාද? (නි)
හර්ෂ Tuesday, 20 September 2016 05:08 PM
"අන්තිමට වුණේ රටට දැවැන්ත විදේශ විනිමයකුත්, විශ්‍රාමික රණවිරුවන්ට අතිරේක අාදායම් මාර්ගයකුත් ලබාදුන් වටිනා ව්‍යාපාරයක් බිමටම ඇදවැටිමයි" මේ කතාව නම් සම්පුර්ණයෙන් හරි. (නි)
හරිශ්චන්ද්‍ර Tuesday, 20 September 2016 05:12 PM
අනේ මන්දා, මේවා දැකලා දැකලාම දැන් එපාවෙලා (නි)
එරන්ද Tuesday, 20 September 2016 05:25 PM
අපි මේවට බොරුවට ඇඟේ ලේ රත්කර ගන්න ඕනෑ නැහැ (නි)