IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඇවිද්ද පය දහස් වටී

උපදෙස්  - එංගලන්තයේ  රාජකිය වෛද්‍ය  සභාවේ  විශේෂඥ වෛද්‍ය  අසංග විජයරත්න

වෛද්‍ය විද්‍යාත්මකව පෙන්වා  දෙන පිරිදි නිරෝගි පුද්ගලයකුගේ  දෙපා ශක්තිය ලෝකය වටේ  දෙවරක්  ඇවිද යන්නට  තරම්  ඔරොත්තු දෙන බව සොයා ගෙන තිබේ. එම කරුණු වඩාත්  සාක්ෂාත් කරමින්  අතීතයේ මානවයා  ගමින් ගමට  පමණක්  නොව රටිව්  රටට ගියේ  ද දෙපයිනි.

දෛනික ජිවිතයේ  දඩයම්  කිරිම, ගොවිතැන් කිරිම ආදි  කාර්යයන්හි  නිරත වු  අප මුතුන් මිත්තන්  දිනකට  අවම වශයෙන්  කිලෝ මීටර් 10 ක්  පමණ ඇවිද ගියහ. ආයාසයකින් තොරව කරගෙන ගිය එම කාර්යෙන්  නිරෝගි කම සොයා යෑමට  ඔවුනට  අවශ්‍ය  වුයේ  නැත.

නමුත් අවාසනාවකට වර්තමානයේ  නිරෝගි පුද්ගලයකු උපරිම වශයෙන්  දිනකට  ඇවිදින ප්‍රමාණය කිලෝමීටර් 1.5 දක්වා  අඩුවී  ඇත.

එහි  අවසාන ප්‍රතිළුලය වී ඇත්තේ  නිරෝගි පුද්ගලයා  නොසිතනා  අයුරින්  බෝනොවනා  රෝග ඇතුළු රෝග රැසකට  ගොදුරුව අවම ආයුෂ භුක්ති  විඳ මිය යෑමය.

අද වන විට ලොව පුරා  මිනිසුන්  ඇවිදිමේ වටිනාකම තේරුම් ගෙන සිටින අතර  අප රටේ ද ඇවිදිම වෙනුවෙන් මංතීරු හතළිහක්  පමණ ඉදිකර  ඇත්තේ  වටිනා  ශරීර  ව්‍යායාමය රටේ සෑම කෙනෙකුටම නිරත විය හැකි  පරිදිය.

වෛද්‍ය උපදෙස්

දියවැඩියාව, අධිරුධීර පිඩනය, කොලෙස්ට්‍රරෝල් , හෘදයාබාධ වලට  ලක් වුවන් දිනකට  අවම වශයෙන් කිලෝමීටර් 1 -2 ප්‍රමාණයක්  ඇවිදිමෙන් රෝගි  සංකුලතා අවම කර ගත හැකි බව පෙන්වා දි තිබේ.

විශේෂයෙන්ම නිරෝගි අයකු කිලෝමීටර් 3.5 ප්‍රමාණයක්  ඇවිදිම හෘදයට  යහපත්ය.

හෘදය වෙනුවෙන්  සිදු කරන ව්‍යායාම කාඩියෝ ව්‍යායාම නමින්ද හැදින්වේ. මෙම ව්‍යායාමෙන්  හෘදයට , පෙනහළු වලට රුධීර  ධාවන පද්ධතියට  ඔක්සිජන්  වායුව ගමන්  කිරිම සිදුවේ.

ඇවිදින්න පෙර මේ ගැන සිතන්න.

·        ඇවිදින්න හොඳම කාලය උදෑසනයි.

(සුර්යය රශ්මිය ශරිරයට  ලැබෙන විටමින් ඩී  ස්වභාවිකම උදෑසන කාලයේදී  ශරිරයට  ලැබෙන අතර  වායු  දුෂණය ද අවම මට්ටමක මේ කාලයේදි  පවතියි.

·        ඇවිදිමට  විනාඩි  පහළොවකට  පෙර  මද රස්නය වතුර  මිලිලිටඒ 500 ක්  පානය කිරිම සුදුසුය.

·        උදෑසන ආහාරයට  පෙර  ව්‍යායාම කිරිම සුදුසුය.(උදෑසන ආහාරය ගෙන ඇවිදිමේ ව්‍යායාමයේ  නිරත විමෙන්  ආහාරයේ  මේදය දහනය වන අතර  ශරිරයේ  තැන්පත් වි ඇති  මේදය දහනය නොවේ.

·        අප සාමාන්‍යෙයන්  ඇවිදින වේගයට  වඩා  විසිපස්  ගුණයකින්  පනස්  ගුණයකින්  ඇවිදිය යුතුය. තමන්ට  හැකි  පමණ  වේගයෙන්  ඇවිදිය යුතුය.

·        ඇවිදින ගමන් දිවිම වරදක්  නැත. නමුත්  ඇවිදින ගමන්  නතර  වේවි ඇවිදිම සුදුසු නැත.

·        ඇවිදිමේදි  කළු පැහැ  ඇදුමෙන්  සැරසිම සුදුස නැත.සුදු  සහ ක්‍රිම්  පැහැයෙන්  යුතු කපු  රෙද්දෙන්  නිම කළ ඇදුම්  ඊට  වඩාත් සුදුසුය.

·        බෙල්ල තෙක්  වැඩුණු  වැල මිට තෙක්  නිරාවරණය වුණු ඇදුමකින්  සැරසිමට  වග බලා  ගත යුතුය.

 

දිවිමේ  ව්‍යායාමයේ  නිරත වන බව රන් ආභරණ පැළදිමෙන්  වැළකි සිටිය යුතුය. එම ආභරණ අව් රශ්මියට  පත්වී  ශරිරයේ  තිබිම ශරිරයට  හිතකර  නොවේ.

බොහෝ කාන්තාවන් ඇවිදිමට  යාමේදි  ලිපිස්ටික්  ගල්වා  මේකප්  කර  යැම පුරුද්දක්  කොට කරති. මෙලෙස ඇවිදිමට  යෑම ශරිරයට  බොහෝ සෙයින්  අහිතකර  විය හැකිය.

මේකප් වර්ග , ලිප්ස්ටික් ආදිය ශරිරයට  වැඩිපුර  නිරාවරණය විමෙන්  අතුරු ආබාධ තත්ත්වයන්  සේම සමේ ආසාදිත තත්ත්වයන්ද ඇති විය හැකි.

අවි රශ්මියෙන් ආරක්ෂා විමට  ඒ සඳහා නිර්දේශිත ආලේපනයක් පමණක්  ගැල්විම වරදක් නැත.

ඇවිදිමේදි  මේස් දමා  ක්‍රිඩාව සඳහාම යෝග්‍ය  සපත්තු වර්ගයක්  දැමිය යුතුය. එයින් දණහිසට  කොන්දට  ස්නායු  පද්ධතියට  හානි නොවේ.

එසේ නොමැතිව පහසුවට  රබර් සෙරප්පු හෝ වෙනත් අඩිය නැති හෝ අඩිය සහිත දමා  ඇවිදිම සුදුසු නැත.

ඇවිදිමේදි  කොන්ද කෙලින්  තබාගෙන ඉදිරියට  කෙළින්  බලාගෙන ඇවිදිම කළ යුතුය.

ඇවිදිමේදි  කොන්ද කොලින්  තබාගෙන ඉදිරිය  කෙලින් බලාගෙන ඇවිදිම කළ යුතුය.

ඇවිදිමේදි  උරහිසෙන්  වකුටු නොවිය යුතුය. පපුව කෙලින්  තබා  ගන්න මෙමගින්  පෙනහළු වලට  ඔක්සිජන්   වායුව හොඳින් ලැබේ.

ඇවිදිමේදි  කටින් හුස්ම නොගන්න.නාසයෙන්  පමණක්  හුස්ම ගැනිම කරන්න.

ඇවිදිමේදි  පාද සමාන්තරව තබාගත යුතුය. වි හැඩයට  හෝ තාරාවන් ඇවිදින ආකාරයෙන්  ඇවිද නොයා යුතුය.

ඇවිදිම අවසානයේ  ටික වේලාවකට  පසු  මද උණුසුම්  කොළකැද විදුරුවක්  හො ් බෙලිමල්  රණවරා මල්  වැනි ඖෂධිය පානයක්  ගැනිම වඩා සුදුසුය. මිලිලිටර් 250 ප්‍රමාණයක්  සව් හෝ බාර්ලි  වැනි  පානයක්  ගත හැකි නම්  එයද යෝග්‍යය.නැතහොත්  සිත නොකල පලතුරු  හෝ මිශ්‍ර පලතුරු බිමක්  ගැනිම ද කළ හැකිය.

ඇවිදිමේ ප්‍රයෝජන

හාදය ආශ්‍රිත රෝග නිවාරණයට  මහඟු  පිටුවහලක්  ලැබේ.

දියවැඩියාව,අධිරුධිර පිඩනය, කොපොස්ට්‍රෙරා්ල් වැනි බෝ නොවන රෝගාධීය පාලනය කළ හැකිය.

මානසික ගැටලු  මානසික ආතතියට  සරල විසදුමක්  ඇවිදිමෙන්  ලැබේ.

බර  සහ තරබාරුව පාලනය කළ හැක. දිනකට  විනාඩි 24-45 කාලයක්  ඇවිදිමෙන්  මසකට  කිලෝග්‍රැම්  3 ක්  අඩුකර  ගත හැකිය.

නිවැරදිව ඇවිදිමෙන්  ස්නායු  දුර්වලතා ද අවම කර ගත හැකිය.

ඇවිදිමේදි  ශරිරයෙන්  දහඩිය පිටවිම ක්‍රමවත්  විමෙන්  කාබන්ඩයෝක්සඩ් හොදින්  පිට විමෙන්  සමටත් පැහැපත් වේ.

සමේ මැරුණු සෛල ඉවත් කිරිමට  උපකාරි වේ.

කාන්තාවන්ට ශරිරයේ හැඩය පවත්වා  ගැනිමටතත් යටි බඩ  එලලා  වැටිම වළක්වා  ගැනිමටත් ඇවිදිමේ ලැබේන ප්‍රයෝජන අතර  වේ.

කාන්තා  ශරිරයේ  පවතින හෝමෝන ගැටලු උධික ස්ථුලතාවයට  සහ අධික උෂ්ණත්වය පාලනයට  උපකාරි වේ.

සැලකිලිමත් වෙන්න

වෙනත් කායික හෝ මානසික රෝගි තත්ත්වකින් නොපෙලේ නම්  වයස අවුරුදු හතරට  වැඩි ඕනැම අයකුට  ඇවිදිමේ  ව්‍යායාමයේ  නිරත විම සෞඛ්‍ය  සම්පන්න ජිවිතයට  අත්වැලකි.

 

 

 

 



අදහස් (0)

ඇවිද්ද පය දහස් වටී

දිනුෂ Thursday, 12 November 2015 10:30 AM

හොද ලිපියක් . ස්තුති (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site