IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


ඇල්ල අනතුරේ බස්‍ රියැදුරුගේ රිධිර සාම්පල වැඩිදුර පරීක්ෂණවලට

(ප්‍රසාද් රුක්මල්)

ඇල්ල 15කනුව ප්‍රදේශයේදී  15කට මරු කැදවමින් 18 කට තුවාල සිදුකර රාවණා ඇල්ල රක්ෂිතයේ අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරලී ගිය විනෝද චාරිකා බස්‍ රථය පැදවූ රියදුරුගේ රුධිර සාම්පල හෙට (7) වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බව ඇල්ල පොලිසිය පවසයි .

තංගල්ල නගර සභාවේ සේවකයන් පිරිසක් සිය පවුලේ සාමාජිකයන් සමග නුවරඑළිය විනෝද චාරිකාවක ගොස් ආපසු තංගල්ල බලා ගමන් කරමින් සිටියදි ඉකුත් 4 වනදින රාත්‍රි ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී මෙම විනෝද චාරිකා පෞද්ගලික බස් රථය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථයකද ගැටී පසුව මාර්ගය අසල තිබු ආරක්ශිත යකඩ වැටේ ගැටී රාවණා ඇල්ල ප්‍රපාතයට පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව තිබින .

අනතුරින් එම විනෝද චාරිකා බස්‍ රථයේ රියැදුරු තංගල්ල  හේනකඩුව පදිංචි තෝමරා හැන්නැදිගේ චිරාත් දිමන්ත (25) නැමති තරුණ  රියැදුරුද මියගියේය .

මෙම විනෝද චාරිකා පෞද්ගලික බස් රථය පදවන අවස්ථාවේ එම රියැදුරු මත්ද්‍රව්‍ය හෝ කිසියම් විශ මත්ද්‍රව්‍යයක් පාවිච්චි කර සිටියේ ද යන්න සොයා වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කිරිම සදහා මෙසේ ඔහුගේ රුධිර සාම්පල වැඩ්දුර පරීක්ෂණ කටයුතු සදහා රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කරන බවත් ඇල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච් පී පාලිත මහතා සදහන් කලේය .



අදහස් (0)

ඇල්ල අනතුරේ බස්‍ රියැදුරුගේ රිධිර සාම්පල වැඩිදුර පරීක්ෂණවලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 464 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16956 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 672 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site