IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ඇල්ලේ බසය ආර්.එම්.වී නිලධාරින් බලයි

(ප්‍රසාද් රුක්මල්)

ඇල්ල - වැල්ලවාය  මාර්ගයේ 12 කනුවේදී  15කට මරු කැදවමින් 18 කට තුවාල සිදු කරමින් ප්‍රපාතයකට පෙරලුණු බසයේ කොටස්  කොළඹ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂ  කණ්ඩායමක් විසින් පරික්ෂා කරනු ලැබූහ .

එම විශේශ්‍ය කංඩායමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (කාර්මික)අනුර බතීගම, ප්‍රධාන මෝටර් වාහන පරීක්ෂක ප්‍රභාත් රාජතේව, ප්‍රධාන මෝටර් රථ වාහන පරීක්ෂකවරුන් වන නිශාන්ත හෙට්ටිආරච්චි (මහනුවර ),ජාලිය බංඩාර (නුවරඑළිය ), හසිත රන්දෙණිය ( කුරුණෑගල ), හසිත් කුලතුංග (කෑගල්ල ) යන මහත්වරුන් සමග බදුල්ල ප්‍රධාන මෝටර් රථ වාහන පරීක්ෂක හේමල් ධර්මසේන සහ මෝටර් රථ වාහන පරීක්ෂක (බදුල්ල ) නුවන් චාමිකර කරවිට යන මහත්වරුන් එක්ව සිටියහ.

තංගල්ල නගර සභා සේවක පිරිසක් සිය පවුලේ උදවිය සමග එක්වී නුවරඑළිය ප්‍රදේශයේ විනෝද චාරිකාවක ගොස් ආපසු බණ්ඩාරවෙල හරහා ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය ඔස්සේ තංගල්ල බලා ගමන් කරමින් සිටියදි  බස් රථය  අඩි 1000 දහසක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් මෙම අනතුර සිදුවය.

මෙම අනතුරින් සුනුවිසුනු වීගොස් එකම සුන්බුන් ගොඩක් බවට පත්ව තිබු  බස්‍ රථයේ කොටස් පසුව දොබකර දෙකක ආධාරයෙන්  උඩට ගෙන ඇල්ල පොලිසිය ට රැගෙන ආහ.

 



අදහස් (0)

ඇල්ලේ බසය ආර්.එම්.වී නිලධාරින් බලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17601 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site