IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඇල්ල-වැල්ලවාය මාර්ගය දිගටම වහලා

( පාලිත ආරියවංශ )
 
නාය යාමකට ලක්ව  ගල්  හා  පස් මාර්ගයට කඩාවැටීමෙන්   වසා දැමූ ඇල්ල-වැල්ලවාය  ප්‍රධාන මාර්ගය තව දුරටත් වසා තැබීමට  තීරණය කළ බව  බ දුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය  පැවසීය .

ඇල්ල නගරයේ සිට කි.මී. 3ක් පමණ දුරින් පිහිටි කි .මී 24 සහ 25  කණු අතර   ප්‍රදේශයේ  මෙම නායයාම  ක්‍රියාත්මක වූ අතර  ඒ හේතුවෙන් පසුගිය 25 වැනිදා මාර්ගය තාවකාලිකව වසා දැම්මේය.

මාර්ගය ඉහළින් ඇති මහා පර්වතයේ සිට  අඩි දහසක් පමණ  ක් පමණ  පහළට ගල් පෙරලීම සිදුව තිබේ.
 පර්වතයේ ඉහළ කොටසේ පිපිරීම් කීපයක් දක්නට ලැබෙන අතර තවත් ගල් කීපයක් පෙරලීමේ අවධානයක් පවතින බව ආපදා කලමණාකරණ ඒකකය  පවසයි .
මේ අනාරක්ෂිත තත්වය නිසා මාර්ගය තව දුරටත් වසා දැමීමට (27) දා පියවර ගෙන තිබේ .
වැල්ලවායේ සිට  මාර්ගය වසා දමා ඇති ස්ථානය දක්වා බස්රථ ධාවනය සිදුවෙයි. කුඹල්වෙල හන්දියේ සිට හා නමුණුකුළ මාර්ගයෙන් ඇල්ල නගරයට පිවිසීමට කිසිදුබාධාවක් නොමැත 
 
විකල්ප මාර්ග  ලෙස  කරදගොල්ල අඹ දණ්ඩේගම මාර්ගය( කුඩාවාහන) ,පස්සර - නමුණුකුල මාර්ගය සහ කොස්ලන්ද බණ්ඩාරවෙල මාර්ගය භාතික කළ හැකි බව අපදා කළමනාකරණ ඒකකය මගීන්ට දැනුම් දී තිබේ.

ඇල්ල පොලිසිය හා යුද හමුදා නිලධාරීහු  නාය යන  ස්ථානයේ ආකරෂක කටයුතු නියැලී සිටිති .

මාර්ග සංවර්ධන අධිකාරිය  ආපදා කළමණාකර ඒකකය යුද  හමුදාව හා පොලිසිය  මාර්ගය යළි විවෘත කිරීම සදහා ගතහැකි ක්‍රියමාර්ගයන් පිළිබදව සොය බලමින් සිටී .
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥයන් තවදුරටත් පරීක්ෂණ සිදුකරයි .

බදුල්ල දිස්ත්‍රික් ලේකම්  දමයන්ති පරණගම මහත්මියගේ  උපදෙස් මත ආපදාකළමණාකරන බදුල්ල දිස්ත්‍රික් ඒකකය සම්බන්ධිකරණය කටයුතු සිදු කරනු ලබයි.   

 

 

 



අදහස් (2)

ඇල්ල-වැල්ලවාය මාර්ගය දිගටම වහලා

R m thilakarahna bandara Tuesday, 29 October 2019 02:51 AM

බලවත් කණගාටුව

:       0       0

athula Wednesday, 30 October 2019 08:12 AM

තව පරිසරය සහ වනාන්තර විනාශ කරන්න. එතකොට සේරම සම්පුර්ණ වේවි. පාලකයෝ 71 වසරක් කරපු කෙරුම් වල ප්‍රගතිය. මේවා තේරුම් ගන්න ජනතාවක් අපට නැති එකේ ප්‍රති විපාක.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 90 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site