IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇල්ලේදී ජීවිත බේරන්න කළ මෙහෙවරට නාමල් හිස නමයි

(අංජුල මහික වීරරත්න)

ඇල්ල අනතුරේදී ජනතාවගේ ජීවිත බේරා ගැනීමට දායක වූ සියලු දෙනා පෙන්වූ මනුෂ්‍යත්වයේ උත්තරීතර බවට තම හෘදයාංගම ගෞවරය පිරිනමන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

නාමල් රාජපක්ෂ මහතා මෙසේද කියයි.

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදු වූ බස් රථ අනතුර පිළිබඳව මම දැඩි සංවේගයට පත් වුණෙමි. මෙම අනතුරට ලක් වූ තංගල්ල මහනගර සභාවේ ලේකම් වන ටී. ඩබ්ලිව්.කේ රූපසේන මහතා ඇතුළු පිරිසකගේ ජීවිත අහිමි වී ඇති අතර සමස්ත මහජනතාව මේ සිදුවීම හේතුවෙන් දැඩි කම්පනයට පත් වී ඇත. 

දැඩි බෑවුම් සහිත ස්ථානයක, අනතුරට ලක් වූ අපේම සහෝදර ජනතාවගේ ජීවිත බේරාගැනීමට දෙවරක් නොසිතා සටන් කළ,  ඇල්ල  ප්‍රදේශයේ සහ ඒ ආසන්න ප්‍රදේශවල ජනතාව ඇතුළු පොලිස් නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, වෛද්‍ය කණ්ඩායම් සහ ගිනි නිවීමේ ඒකකයන්හි සියලුම නිලධාරීන් පෙන්වූ මනුෂ්‍යත්වයේ උත්තරීතර බවට මාගේ හෘදයාංගම ගෞවරයත් ස්තූතියත් පුද කරමි.

නොසිතූ අන්දමින් සිදු වූ, රටම කම්පනයට පත් කළ මෙම අනතුරෙන් මිය ගිය සියලුම දෙනාට උතුම් නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරන අතර තුවාල ලැබූ සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.



අදහස් (11)

ඇල්ලේදී ජීවිත බේරන්න කළ මෙහෙවරට නාමල් හිස නමයි

sam Friday, 05 September 2025 09:50 PM

ඇක්සිඩන්ට් වෙනකල් බලාගෙන ඉන්නේ 2029 ට ඡන්ද එකතු කරන්න. රටේ ඔක්කොම මෙහෙම මැරුණත් උඹට නම් එක වෙන්නේ නැහැ. වෙරි සොරි...

:       2       23

ගමේ එකාලා Friday, 05 September 2025 10:09 PM

තාජුඩින්ව අමානුෂිකව ඝාතනය කරවපු , සුදුවෑන් ඝාතන අතුරුදහන් කරවපු අයට පුදුම සන්වේදී හැන්ගීම් නේ පහළ වෙන්නේ...

:       1       15

Amal Friday, 05 September 2025 10:18 PM

අප්‍රසන්නයි දකිද්දීත්... තාත්තගේ නමත් කාලා තවත් කියව කියවා ඉන්නවා...

:       1       12

පිස්සු යකෙක් Friday, 05 September 2025 11:33 PM

තාජුඩීන්ට එක්නැලිගොඩට ලසන්තට එදා ඉශ්ඨ කරන්න බැරිවූ යුක්‍තිය දැං ඉශ්ඨ කරන නිලධාරීන්ටත් ඉදිරියේ දි හිස නමලා ආචාරය කරන්න වෙයි නේද?

:       1       15

සාලිය Saturday, 06 September 2025 07:29 AM

හාල් කෑලි ප්‍රොමෝට් කරන්න එපෝ...

:       2       18

Chandana Saturday, 06 September 2025 08:10 AM

හොදයි. අපි ඡන්දය නම් දෙන්නේ නෑ ඔයාට...

:       2       21

ජයනාත් Saturday, 06 September 2025 10:00 AM

කොහෙන් හරි ඡන්ද කෑල්ලක් කඩා ගන්න බලන්නේ. අර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගැන මුකුත් කියන්න බැරිවෙයි ද...?

:       2       22

යෝගා Saturday, 06 September 2025 11:12 AM

ළඟකදි ඡන්දෙකුත් නැත්නම් ආණ්ඩුවටයි, ඩෝබිලාටයි නාමල් භීතිකාව හැදිලා තියෙන්නේ ඇයි? ඇයි සජිත් භීතිකාවක් නැත්තේ? තමන් ෆේල්, නාමල් ඉදිරියෙන් කියලා දැනිලා...

:       12       4

කපුරුහාමි Saturday, 06 September 2025 03:33 PM

ජනතාව පන්නපු දූෂිත පව්ල් පාලනේ හොර පෙරකදෝරුවා චන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ගා ගෙන කයිවාරු ගහනවා?

:       1       8

Oscar Saturday, 06 September 2025 05:37 PM

විපතක් ඵනතුරු බලාගෙන ඉන්නවා... ලකුනු දාගෙන ඡන්ද රැස් කරන්න. සොරි ඩොට් කොම්...

:       0       0

චතුරි Saturday, 06 September 2025 06:13 PM

මෝඩ බේබි ස්තුතිය පලකරන්නේ උදව් කළ සැමට. මෙයාද ඒ පළාත් බාරව වැඩ කරන නගරාධිපති හො මන්ත්‍රි. නිකම් පිම්බෙන්න ඇවිත්. ලැජ්ජා වෙනවා. අන්න පාතාලේ කට්ටිය. නම් ටික කියනවා උද්ව් දුන්න කට්ටියගෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31315 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13523 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 115 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 938 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site