IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඇඹිලිපිටි සැරයන්ගේ වැඩේ කර්තෘ සංසදය හෙළා දකී

මත භේදයට හේතුවී ඇති තරුණයකුගේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය වාර්තා කිරීමෙහි යෙදී සිටි වාර්තාකරුවන්ගේ සටහන් පොත් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පොලිස් සැරයන් විසින් අධිකරණයේදීම බලහත්කාරයෙන් පැහැර ගැනීමේ සිද්ධිය ශ්‍රී ලංකා කර්තෘ සංසදය තරයේ හෙළා දකියි.

මෙම මරණයේ ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රදේශයේ පොදු ජනතාව යුක්තිය උදෙසා උද්ඝෝෂණය කිරීමට පෙළඹී ඇති අතර පොදු ජනතාවගේ අවධානයද ඒ කෙරෙහි යොමුවී තිබේ. මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වෙද්දීම අධිකරණ සැරයන්වරයා සිදු කළ අත්තනෝමතික ක්‍රියාව වැඩිදුර අවධානයට හේතුවන අතරම කර්තෘ සංසදයට එය අදාළ අධිකාරීන් සමග වෙනමම නිසි ක්‍රියා මාර්ගයක් ගැනීමට හේතුවක්ද වෙයි.

එම ප්‍රාදේශීය වාර්තාකරුවෝ, අධිකරණයේ ඔවුන්ගේ නීත්‍යනුකූල වෘත්තීය සේවයෙහි යෙදී සිටියහ. විනිශ්චයාසනයෙහි සිටි විනිසුරුතුමා කිසිදු අවස්ථාවකදී පුවත්පත් කලාවේදීනට අධිකරණ ශාලාවෙන් පිටවන ලෙස දැනුම් දුන්නේ හෝ අධිකරණ කටයුතු වාර්තා කිරීමෙන් වැළකී සිටින ලෙ දැනුම් දුන්නේ හෝ නැතුවාක් මෙන්ම අධිකරණ කටයුතු වාර්තා කිරීමෙන් පුවත්පත් කලාවේදීන් වළක්වන සංඥාවක් හෝ නොවීය.

සටහන් පොත්වලින් සමහරක් අදාළ පිටු ඉරා ඉවත් කරනු ලැබ පසුව ආපසු එවන ලදි. තරුණයාගේ මරණය සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියා කලාපය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණ සැරයන්වරයාගේ සාවද්‍ය කාර්යයට සම්බන්ධ වන හෙයින් ඔහු ඒ අවස්ථාවේදී ද අධිකරණයෙහි සිට උසස් නිලධාරීන්ගේ නියෝග මත ක්‍රියාත්මක වන්නට ඇතැයි අපි විශ්වාස කරමු.

එම සිද්ධීයෙන් මාධ්‍ය නිදහසටත් ස්වකීය වෘත්තීය ක්‍රියාත්මක කිරීම සඳහා පුවත්පත් කලාවේදීනට හිමි ව්‍යවස්ථානුගත අයිතිවාසිකම්වලට හා පොදු ජනතාවගේ පුළුල් උනන්දුවට හේතු වුණු ප්‍රසිද්ධ නඩු විභාගයක් සම්බන්ධ තොරතුරු දැන ගැනීමට පුරවැසියන්ට ඇති අයිතියටත් ඍජුවම බාධා එල්ල වන හෙයින් ඒ පිළීබඳව කඩිනම් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස කර්තෘ සංසදය රජයෙන් ඉල්ලා සිටියි.



අදහස් (0)

ඇඹිලිපිටි සැරයන්ගේ වැඩේ කර්තෘ සංසදය හෙළා දකී

ඒකනායක Friday, 15 January 2016 06:29 AM

මෙය ඉහළ නිලධාරියෙකුගේ නියෝගයක් මත කළ දෙයක් විය හැකිය (බ)

:       0       0

ගයාන් දිසානායක Friday, 15 January 2016 06:54 AM

පොලිසිය වැරදි නැත්නම් ඇයි මෙලෙස ක්‍රියාකරන්නේ? පොලිසිය මෙම ප්‍රශ්න විසඳීමට මැදිහත් වු ආකාරය ගැටළුසහගතයි. සාදයක් අතරතුර පොලිසිය ආවා කියා කවුද ගොඩනැගිල්ලකින් පහළට පැනලා ජීවිතය නැති කරගන්නේ? (නි)

:       0       0

නිහාල් Friday, 15 January 2016 07:14 AM

ඔය තොරතුරු දැනගැනීමේ පනතේ සැරයන් වරයාගේ ක්‍රියාකලාපයත් අන්තර්ගත වේලා ඇති. (ර)

:       0       0

ජෝන් Friday, 15 January 2016 07:38 AM

ඕනෑම මාධ්‍යයකට නිවැරදි තාරතුරු වාර්තා කිරීමට අයිතියක් තිබිය යුතුය. ඊට එරෙහිවන්නට කිසිදු පාර්ශවයකට අයිතියක් නැත. තොරතුරු දැනගන්නට මඟක් නැතිවිට ප්‍රේක්ෂක ජනතාව වන අපට සිදුවන්නේ කුමක්ද? (නි)

:       0       0

රුපවතී Friday, 15 January 2016 08:06 AM

මෙහෙමවත් අද වෙනකම් මේ රට රැකිලා තියෙන්නේ මාද්‍ය නිසයි කීවොත් 100%ක් ම නිවැරදියි . නීතියට බය නැති, නීතිය කරවන අය දේශපාලකයින් ඇතුළුව අද ටිකක්වත් පාලනය වෙන්නේ මාධ්‍ය තම නම ලියවෙනා නිසාවෙන්. අද අපි ගෙදර ඉදන් පත්තරේ කියවල රට ගැන දැනගන්නේ මාධ්‍යවේදියා රටේ සහ ජනතාව වෙනුවෙන් කරනා මේ වෙහෙවර නිසයි. (ර)

:       0       0

ජයන්ත දසනායක Friday, 15 January 2016 08:31 AM

මේ නිලධාරීන් වැඩ කරන්නේ මව්පියෝ සහෝදර සහෝදරියෝ නැති මව්කුසකින් මෙලොව එළිය නුදුටු ගානට කිව්වොත් හරි. පියෙක් නැති දරුවෝ දෙන්නෙක් හදන්න වියදම් කරන්නේ පොලිසියෙන්ද? මහජන බදු මුදලින් කාකි ඇඳුම ලැබෙන බවවත් දන්නේ නැතුව ඇති. (ර)

:       0       0

ගොඩ්ෆ්‍රී Friday, 15 January 2016 08:38 AM

මාධ්‍යයකට නිවැරදි තොරතුරු වාර්තා කිරීමට අයිතියක් තිබිය යුතුය. සැරයන්ව ජනාදිපති කොමිසමට හෝ සී අයිඩි එකට හෝ රැගෙන ගොස් මේ පිටුපස සිටින අය සොයා රටට හෙළිකරන්න. එවීට රටේ යහපාලනයක් ඇතිබව රටට පෙන්වීමට හැකිය. (ර)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Friday, 15 January 2016 09:24 AM

වෙනස ? යහපාලනය කියන්නේ මේකට තමා (කෞ)

:       0       0

ගොඩගේ Friday, 15 January 2016 09:31 AM

පළමුව පොලිසියේ මොළ පොලිස් කළ යුතුය. නැතිනම් වෙන්නේ යහපාලන රජයක් යටතේ ඇති පොලිසිය කලකදී තිබු- කඩු , කිනිසි , පිස්තෝල ,තුවක්කු සොයන්න රැගෙන ගෙන ගිය පොලිසියක් නැවත රටට බිහිවීමය. අයිතියක් ඇති මාධ්‍යවේදියා මෙසේ සලකානම් මහජනයාට....? අබසරණයි පුතේ. (බ)

:       0       0

රුචි Friday, 15 January 2016 09:34 AM

මාධ්‍ය නිදහස යම් විදිහකට පාලනය විය යුතුයි. අධික නිදහස් ලෙස ප්‍රවෘත්ති පළකිරීම රටක සංවර්ධනයට බාධා එල්ලකරයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site