IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඇඹිලිපිටි මරණ පරීක්ෂණය 13ට කල් යයි

පසුගිය 4 වැනිදා ඇඹිලිපිටිය ව්‍යාපාරික දේගිරි ගයාන් මෙන්ඩිස්ගේ නිවසේ පැවැති සාදයේදී මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන ගේ පශ්චාත් මරණ පරික්ෂණයේ වාර්තාව හා සාක්කි සටහන් කරගෙන ලබන 13 වැනිදා ඉදිරිපත් කරන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ජනක කැකිරිදෙණිය මහතා රත්නපුර නියෝජ්‍ය පොලිස්පතිට අද (11) නියෝග කළේය.

ඇඹිලිපිටි පොලිසිය මෙම පරීක්ෂණවලට ඉදිරිපත් නොවිය යුතු බවද මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.

පසුගිය 4 වැනිදා ව්‍යාපාරිකයාගේ නිවසේ පැවැති මල්වර මගුලේදී පොලිසිය සමග ඇතිවූ ආරවුලකින් පසු සුමිත් ප්‍රසන්න ජයවර්ධන උඩු මහළින් වැටී රත්නපුර රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගියේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පහර දුන්නැයි කියන ව්‍යාපාරිකයා ඇතුළු 8 දෙනකුට ඇප නියම විය. එසේ ඇප නියම වූයේ දේගිරි ගයාෂාන් මෙන්ඩිස්, දේගිරි රුමේෂ් තරංග, දේගිරි ඉෂාර හර්ෂ, දේගිරි රංජිත් නන්දසිරි, දේගිරි පද්මසිරි මෙන්ඩිස්, චම්පික කුමාර ආරියමුණි, ජී.ජී.ලසන්ත හා ජී.ජී.වසන්ත යන අයටය.

පෙරට්ටුවට 6 දෙනෙක් ඉදිරිපත් කරනු ලැබ සිටියහ.පොලිස් රාජකාරියට බාධා කළැයි කියන පස් දෙනෙක් පොලිසියේ සිව් දෙනකු විසින් හඳුනාගනු ලැබූහ.

පෙරට්ටුවට ඉදිරිපත් නොකෙරුණේ ජී.ජී.ලසන්ත හා ජී.ජී.වසන්ත යන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙදෙනාය. අනෙක් පස් දෙනා වන ගයාෂාන් මෙන්ඩිස්, රුමේෂ් තරංග, ඉෂාර හර්ෂ, රංජිත් නන්දසිරි, පද්මසිරි මෙන්ඩිස්, කුමාර ආරියමුණි යන අයයි. චම්පික කුමාර ආරියමුණි හඳුනා නොගැනිණි.

ඉදිරිපත් වුණු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා එක් සැකකරුවකුට රුපියල් එක්ලක්ෂ පනස් දහස බැගින්වූ ශරීර ඇප දෙක බැගින් නියම කළේය. එසේම ගැටුම සිදුවූ නිවස අසල පිහිටි නේෂන් ලංකා බැංකුව, වැලිබල් ෆිනෑන්ස් සහ එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ආයතනවල සීසීටීවී දර්ශන සුරක්ෂිතව තබාගන්නා ලෙසද එම ආයතනවලට නියෝගයක් නිකුත් කැරිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විටින් විට සිදුකරන ප්‍රකාශ නිසා සාක්කි දීමට සිටින අය බියවී සිටින බවත් බලපෑම් සහිත ප්‍රකාශ නිකුත් නොකරන්නැයි ඔහුට නියෝග කරන ලෙසත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විජිත ජී.පුංචිහේවා මහතා මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.

 



අදහස් (0)

ඇඹිලිපිටි මරණ පරීක්ෂණය 13ට කල් යයි

සජිත් Monday, 11 January 2016 02:22 PM

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමාගේ කතා ඇහෙනකොට හිතෙනවා මේක ලංකාවද නැත්නම් අයි.එස්.අයි. එස්.පොලිසියද කියලා. (බ)

:       0       0

කපිල Monday, 11 January 2016 02:30 PM

කොහොම හරි පොලිසියේ වැරදි කරපු අය බේරන්න හදන්නේ නැතුව අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කරාවි යැයි කාට නම් කිව හැකිද? මක් නිසාද නඩුත් බඩුත් හාමුදුරුවන්ගේ වන නිසා (බ)

:       0       0

හිමාල් Monday, 11 January 2016 04:38 PM

මල්වර මඟුලට මත්පැන් ගාවගත්තේ නැත්නම් අද ඔක්කොම සතුටින් ඉන්නවනේ. (නි)

:       0       0

අරවින්ද Tuesday, 12 January 2016 07:25 AM

හිමාල්, බෞද්ධ බහුතරයක් ඉන්න රටක් විදිහට මත්පැන් තහනම් කරන්න අවුරුදු 67 ක් තිස්සේ රට කරවපු එක නායකයෙකුට හරි පුළුවන් කමක් තිබුනේ නෑ නේ. (ර)

:       0       0

අබය Monday, 11 January 2016 10:43 PM

පොලිසියේ ප්‍රහාරයෙන් මැරුණේ සිවිල් වැසියෙක්. නමුත් ඇයි අත්අඩංගුවට ගන්නේ උත්සවයට සහභාගිවුණ උදවිය? පුදුමයක් නෙමෙයි මිනිස්සු කැලේ නීතිය ක්‍රියාත්මක කරන එක. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 12 January 2016 12:24 AM

මේක අපක්ෂපාතිව සිදුකෙරෙන බවට ඉඟියක් මහේස්ත්‍රාත්තුමාගේ නියෝගයේම තිබෙනවා. සාක්කි සටහන් කරගැනීමට ඇඹිලිපිටි පොලිසිය නොයායුතුයි කියන කොටස. අපි ඉමු සුබවාදී තීන්දුවක් එනතුරු, මේ මැරුන තරුණයාට සහ අගතියටපත් පවුලේ සැමට සාධාරනය ඉටුවෙනතුරු සහ වරදකරුවන්ට දඬුවම් ලැබෙනතුරු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site