IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘ඇඹිලිපිටි මගුල් ගෙවල් වලින් බෝතල් හිඟාකනවා‘

ඇඹිලිපිටියේ සාදයකට සහභාගීව සිටි 29 හැවිරිදි එක්දරු පියාගේ ඝාතනයට සහකාර පොලිස් අධිකාරීවරයාගේ සෘජු සම්බන්ධයක් ඇති බව සනාථ කෙරෙන සාක්කි ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

වත්මන් රජයේ පාලනය යටතේ පොලිස් ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් වාර්තාවූ බිහිසුණුම සිදුවීම මෙය බවට සැලකේ.

නගරයේ අසළ ගොඩනැගිල්ලක සවිකර තිබූ ආරක්ෂිත කැමරා  දර්ශන ආශ්‍රයෙන් හඳුනාගත් සිද්දිය ඇසින් දුටුවන් කිහිපදෙනකු මේ වන විට පොලිස් ප්‍රශ්න කිරීම් වලට යොමුකර තිබෙන අතර ඔවුන්ගෙන් ලද තොරතුරු වලින් සැබෑවටම සිදුවූයේ කුමක්දැයි යන්න පිළිඹද පැහැදිලි අදහසක් ලබාගැනීමට පොලිසියට හැකිව තිබේ.

ඇඹිලිපිටිය පොලිස් ස්ථානයේ පිරිසක් පැමිණ, සාදය පැවැත්වුණු මෙන්ඩිස් නම් වන මෙම ගොඩනැගිල්ලේ සිටි නිරායුධ පුද්ගලයින්ට පොලු වලින් පහර දුන් බව සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙක් කියා ඇත.

නිරායුධ පුද්ගලයින් දෙදෙනකුට ඉතාම දරුණු ලෙස පහරදී පොලිස් ජීප් රියට දමාගත් බවටද එම අවස්ථාවේදී සහකාර පොලිස් අධිකාරී ධර්මරත්න හා මූලස්ථාන පොලිස් පරික්ෂක ඩයස් ගොඩනැගිල්ලේ සිටි බවටද තොරතුරු ලැබී තිබේ.

‘‘ එක පොලිස් නිලධාරියෙක් පඩිපෙළ බැහැගෙන මම හිටපු තැනට ආවා.ඔහුත් එක්ක තවත් පොලිස් නිලධාරීන් අටක් හෝ දහයක් පමණ සිටියා.‘‘ මේ සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස් පරීක්ෂණ වලදී සිද්දිය ඇසින් දුටු තවත් අයෙක් කියා ඇත.

‘‘ (ඒ.ස්.පී.) කෙනෙක් තල්ලු කළා.කුඩේ කුඩු.මැරිලා වගේ කියලා ඒ නිලධාරියා කෑ ගැසුවා‘‘ ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

වෙනත් මෝටර් රථයකින් පැමිණි ඒ.එස්.පී. ප්‍රහාරය මෙහෙයවූ බවද ඔහු ප්‍රශ්න කිරීම් වලදී කියා ඇත.

සිද්ධිය ඇසින් දුටු මෙම පුද්ගලයාගේ දිව්රුම් ප්‍රකාශය මේ දක්වා අනාවරණයව ඇති තොරතුරු සමග ගැළපෙන බව පොලිසිය පවසයි.

ගැටුම ආරම්භවීමට හා අනෙක් සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය ලබාදී ඇති තොරතුරු සාවද්‍ය බව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ නිලධරයින් සොයාගෙන තිබේ.අධික ශබ්දයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමක් ගැන විමර්ෂණය කිරීමට ගිය බව පොලිසිය කියා ඇතත් එය තහවුරු කිරීමේ සමත් සාක්කියක් මේ දක්වාම සොයාගැනීමට හැකිවී නොමැත.ගැටුම අවස්ථාවේ ගොඩනැගිල්ලේ සිටි අය පවසනුයේ ගැටුම ආරම්භ වූයේ මත්පැන් ලබාදෙන ලෙස පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමත් සමග බවය.

පොලිසිය පහරදෙන අයුරු බැලීමට 100 – 150 ත් අතර පිරිසක් රැස්ව සිටි බවද සිද්ධිය ඇසින් දුටුවෝ කියති.

රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බ්‍රහස්පතින්දා පැවති පුවත්පත් සාකච්ඡාවකදී කියා සිටියේ පෞද්ගලික සාදයකට පොලිසිය අනවසරයෙන් ඇතුළු වීමට ගත් උත්සාහය වැළැක්වීමට මියගිය පුද්ගලයා කටයුතු කළ නිසාවෙන් ඔහුට පහරකෑමට ලක්ව ඇති බවයි.

ගැටුම ඇතිවීමට ප්‍රධානම හේතුව ලෙස පෙනී යන්නේ පොලිස් නිලධරයින් මත්පැන් ඉල්ලා සිටීමත්,ඔවුන් ඉල්ලා සිටි වර්ගයේ මත්පැන් ලබාදීමට සාදය සංවිධානය කර තිබූ පුද්ගලයින්ට නොහැකි වීමත් බව යැයි අමාත්‍යවරයා පැවසීය.

රාජ්‍ය ආයතන ස්වාධීනව කටයුතු කිරීම කෙරේ ජනතා විශ්වාසය ඇතිකරනු වස් මෙම අවස්ථාවේදී පොලිස් කොමිසම අදාළ පියවර ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඔහු කීය.

‘‘ ඒ වෙලාවේ ඒ ගෙදර බෝතල දෙකක් තිබුණානම් මරණයක් වෙන්නේ නැහැ.පොලිසියට දොස් අහන්න වෙන්නෙත් නැහැ.මගුල්ගෙවල් වගේ උත්සව වල අරක්කු හිඟාකන එක ඇඹිලිපිටිය පොලිසියේ සුලභ දෙයක්‘‘  යැයි නගරයේ ප්‍රධාන වෘත්තිකයෙක් පැවසීය.

තම සගයකු වන ධර්මරත්නගේ නම පිරිසිදු කිරීමට ඇසින් දුටුවකුගේ සාක්කි ඉදිරිපත් කිරීමට පොලිස් ප්‍රකාශක රුවන් ගුණසේකර සූදානමින් සිටියද අනාවරණයව ඇති නව තොරතුරු හමුවේ ඔහුගේ සැලැස්ම ව්‍යර්ථව ඇත.නීතිඥවරුන්ගේ විරෝධය නිසාවෙන් සාක්කි මෙහෙයවීමේ කටයුතු වලින් ගුණසේකර මින් පෙර අවස්ථාවකදී ඉවත් කැරිණ.

පොලිස්පති ඉලංගකෝන්ව එළැඹෙන බ්‍රහස්පතින්දා පොලිස් කොමිසමට කැඳවා තිබීම , ඇඹිලිපිටිය සිදුවීම සම්බන්ධයෙන් පොලිස් කොමිසම කටයුතු කිරීමට යන ආකාරය හා කොමිසමේ ස්වාධීනත්වය විමසුමට ලක්කෙරෙන අවස්ථාවක් වනු ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ගයක් පැවසීය.

පොලිස්පතිවරයා විමර්ශණයක් කැඳවා ඇතත් පොලිසියේ මුල් පුටු ආරක්ෂා කරගැනීමේ අරමුණින් එය යටගසන්නැයි සුපුරුදු ලෙසම ජේ්‍යෂ්ඨ නිලධරයින්ට බලපෑම් එල්ල වෙමින් තිබෙන බව පොලිස් ආරංචි පවසයි.

තමන් සහකාර පොලිස් අධිකාරී ධර්මරත්න ආරක්ෂා කරන බවට නැගෙන චෝදනා පොලිස්පතිවරයා ප්‍රතික්ෂේප කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකරද පොලිස්පතිට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරයි.එම චෝදනා විමර්ශනය කිරීමට පරීක්ෂණයක් පවත්වන්නැයි පොලිස්පතිම පොලිස් කොමිසමෙන් ඉල්ලා ඇතැයිද ඔහු පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වුණු මූලික සාක්කි විභාගයේදී මාධ්‍ය වේදීන්ගේ සටහන් පොත් බලහත්කාරයෙන් ලබාගත්තේයැයි ශ්‍රීලංකා කර්තෘ සංසදය පැමිණිල්ලක් ගොනු කර ඇත.වැඩ බලන මහේස්ත්‍රාත්වරයාගේ උපදෙස් පිට යැයි කියමින් උසාවියේ පොලිස් සැරයන් තමන්ගේ සටහන් පොත් උදුරාගත්තේයැයි මාධ්‍යෙව්දීහු කියති.

සාක්කි යටගැසීමට කටයුතු කරන්නේයැයි අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට චෝදනා කරති. මියගිය පුද්ගලයා වීදුරු දොරක්ද කඩාගෙන බිමට පැන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතුව ඇතැයිද කියති.

පොලිස් නිලධරයින් සිව්දෙනෙකු ග්‍රහණයට ගත් සාදයට සහභාගීව සිටි අය ඔවුන්ට පහර දුන් බවට ගුණසේකර චෝදනා එල්ල කළ අතර අභ්‍යන්තර පරීක්ෂණයකින් හෙළිව ඇත්තේ එවැනි පහරදීමක් සිදුව නොමැති බවය.පොලිසියේ සිව්දෙනාම සාවද්‍ය ප්‍රකාශ කර ඇති බව පරීක්ෂණ වලින් අනාවරණයව ඇත.

නීතිපති උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට භාර කර ඇත.

 



අදහස් (0)

‘ඇඹිලිපිටි මගුල් ගෙවල් වලින් බෝතල් හිඟාකනවා‘

සුමිත්‍ර බස්නායක Sunday, 24 January 2016 04:04 PM

අපරාධකාරයාට කවමදාකවත් ගැලවීමක් නැත. (බ)

:       0       0

මොහාන් Sunday, 24 January 2016 05:10 PM

මොන පිස්සුද සුමිත්‍ර. ඔය යසඅගේට ඉන්නේ. (නි)

:       0       0

අංගොඩ ලාල් Monday, 25 January 2016 07:14 AM

මේ රටේ යහපාලනයක් තියෙනවා , එහෙමත් නැතිනම් යහපාලනයක් ගැන කිසියම් හෝ බලාපොරොත්තුවක් තියා ගන්න ජනතාවට පුළුවන් බව පෙන්වන්න මේ සිද්ධිය වගකිවයුත්තන්ට හොඳ අවස්ථාවක් වේවි මේ වැරදි කරුවන්ට තරාතිරම නොබලා ඉක්මනටම සුදුසු දඬුවම් දුන්න නම් (බ)

:       0       0

සමුද්‍රා Monday, 25 January 2016 02:12 AM

මේ අපේ ධර්මිෂ්ට රාජ්‍යයද? (නි)

:       0       0

අජිත් ගුණසේකර Monday, 25 January 2016 04:51 AM

මේ තමයි යහපාලනය (බ)

:       0       0

දීපාල් නිරෝෂ් Sunday, 24 January 2016 01:08 PM

මොන සාක්කි තිබ්බත් දැන් අපරාධය සිදුවූ තැන අනාරක්ෂිත නිසා සලකුණු මැකිලා ඉවරයි, අශ්වයා ගියාට පසු ඉස්තාලය වහලා මක් කරන්නද? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site