IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


ඇඹිලිපිටිය නගර සභාපති අත්අඩංගුවට

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

නගර සභාවට අයත් වාහනයකින් ගොස් පුද්ගලයෙකුට පහරදීම සම්බන්‍ධයෙන් සැකපිට ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති දිනේෂ් මධුෂංක මහතා ඇඹිලිපිටිය පොලීසිය මගින් අද (30 ) අත්අඩංගුවට ගනු ලැබී ය.

දිනේෂ් මධුශංක මහතා ශ්‍රීලංකා පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරයි. 

ඔහුගේ පහර කෑමට ලක්ව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායකවරයෙක් වූ සියදේරිස් කොඩිතුවක්කු නොහොත් පුංචි අයියා යන අයයි. 

ඔහු ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ වාට්ටු අංක හතේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

සැකකාර නගර සභා සභාපතිවරයා සිද්ධිය සම්බන්‍ධයෙන් 30දා ඇඹිලිපිටිය පොලීසියට බාර වු අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය. 

සැකකාර නගර සභා සභාපතිවරයා නගර සභාවේ වාහනයකින් තවත් පිරිසක් ද සමග පසුගිය 28දා රාත්‍රී හතත් අටත් අතර කාලයේදී ඇඹිලිපිටිය පනාමුර පාරේ එකේ කණුව ප්‍රදේශයේ දී තුවාලකරුට පහරදී ඇති බව ද පෙලීසිය සඳහන් කළේය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරරීමට නියමිතය.



අදහස් (9)

ඇඹිලිපිටිය නගර සභාපති අත්අඩංගුවට

Namal Friday, 30 September 2022 04:26 PM

බලමු අපි ප්‍රසන්න රනවීරටත් මෙ නීතියම වැඩ කරයිද කියල.

:       0       81

සුරංග Friday, 30 September 2022 06:01 PM

වාර්තාව හරියට ජනාධිපතිතුමාගේ නිවස ගිනිතියපු දවසේ රූපවාහිනී නාළිකාවක ප්‍රවෘත්ති කිව්වා වගේ කියලා පේනවා.

:       0       46

swene Friday, 30 September 2022 06:09 PM

ප්‍රසන්න රණවිර ටත් ඇඹිලිපිටිය නගරාධිපතිටත් ප්‍රමෝෂන් ලැබෙන බවනම් කිව හැකියි.

:       0       31

LalithSaturday, 01 October 2022 06:19 AM

ඇඹිලිපිටියේ ඉන්නෙ සභාපති කෙනෙක් මිස නගරාධිපති කෙනෙක් නොවෙයි බං. උන්දැලා බස් නැවතුමේ (නගර සභාව ඉදිරියේ ) හදපු වැසිකිළි ගියාම ලොකු එකද කලේ පොඩි එකද කලේ කියලා අහනවා ගාස්තු ක්‍රම දෙකකට ගන්නවා.

:       0       6

C.K.Lankaputhra Friday, 30 September 2022 06:17 PM

හොරුන් මදාවියන් මිනී මරුවන් පගාකරුවන්ගෙන් පිරුන පක්ෂයක්.

:       0       28

nandana Friday, 30 September 2022 09:26 PM

ඔය නගරාදිපතියව මට දෙන්න කනපිට හරෝනව

:       0       0

Perera Saturday, 01 October 2022 01:10 AM

මේ විදියෙ අයව බලයට පත්කරන මෝඩ ජනතාවක් ඉන්න රටක් බංකොළොත් වෙලා නැවතුනොත් ලොකු දෙයක්.

:       0       16

HemachndraSaturday, 01 October 2022 11:15 AM

උඩවළවේ හා චන්ද්‍රිකා වැව ව්‍යාපෘති නිසා මේ ප්‍රදේශවල හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිනිස්සු විශාල ලෙසට පදිංචි වුනා ඉතින් ඒ දිස්ත්‍රික්කයේ ඉන්නෙ කොහොම මිනිස්සුද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ඒකනේ මෙහෙම වෙලා තියෙන්නෙ.

:       0       1

Sunil Saturday, 01 October 2022 01:25 PM

මේ කාලකණ්ණින්ට මහතා කියා යොදා තිබෙන්නේ ඇයි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 108 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site