IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඇඹිලිපිටියේදී අවියක් පත්තුවේ

වීරකැටියේ දුර ගමනක් යන්නට ආ බව කියන මගියකුගේ ගමන් මල්ලේ තීබී ගිනි අවියක් පත්තුවීමෙන් ඇඹිලිපිටියේ රෙදි සාප්පුවක වීදුරු කැඩී වහලද හෙල්ලී ඇතැයි නගර වාසීහු කියති.

කෙනකු ඇගේ හැපීමෙන් මල්ලක තූ තුවක්කු අතට ගත් බව කියති.

ඔහු කියා ඇත්තේ ‘මා ළඟ බඩු තියනවා. ගහන්න හදන්න එපා. ඕනෑනම් පොලිසියට භාර දෙන්න.‘ යනුවෙනි.

සැකකරු පොලිසියට භාර දුන් බව නගර වැසියෝ කියති.



අදහස් (0)

ඇඹිලිපිටියේදී අවියක් පත්තුවේ

බන්දුල පෙරේරා. Sunday, 08 September 2013 08:44 PM

මම හිතන්නේ මෙයා අපේ පක්ෂයේ කෙනෙක් වෙන්න ඇති. එහෙම නම් පොලිසියේ මහත්වරුනි ,මෙයාව ආරක්ෂා සහිතව ගෙදරට ඇරලවන්න.(නදී)

:       0       0

සදුනි Sunday, 08 September 2013 08:55 PM

කොන්ත්‍රාත් මිනී මැරුමකට ආපු කෙනෙක් වෙන්නැති පොලිසියෙන් කොහොමටත් එලියෙනේ.(නදී)

:       0       0

පිටිගල Sunday, 08 September 2013 10:46 PM

ගුටි නොකා පොලිසියට බාර වුණා නම් මිනිහ දිනුම්. දැන් (මහ) ඇමති කෙනෙක් හරි පලා බබෙක් හරි ඇවිල්ලා පොලිසියට ටොක්කකුත් ඇනලා අරන් යයි. මේ වගේ දේවල් වෙලා තියෙන්නේ ඕනෑ තරම්, අපේ ලෝකෙන් උතුම් රටේ.තව ඉස්සරහටත් වේවි ඕනෑ තරම්. (නි)

:       0       0

පිටිගල Sunday, 08 September 2013 10:56 PM

ඇඹිලිපිටියේ මිනිස්සු වෙන්න ඇති ඒ කලේ අරයව ගඟට දැම්මේ.(නදී)

:       0       0

ලුම්බිණි Monday, 09 September 2013 05:56 AM

මොකටද කලබල වෙන්නේ? මෙයා වීරකැටියේ නේ. (නි)

:       0       0

සුදනි Monday, 09 September 2013 09:36 PM

ගුනේ අයියාගේ කතාවේ හැටියට මිනුවන්ගොඩ මිනිස්සු නම් වාසනාවන්තයි.(නදී)

:       0       0

සි ගී Monday, 09 September 2013 08:45 AM

හා.. හා... දැන් අපි මැක්සිකෝ බ්‍රසිල් වගේම දියුණු වෙලා. ඉස්සර අපි දුර ගමන් යන්නේ බත් මුලක් නෑදායෝන්ට තෑගි අරන් .දැන් තුවකුවක් අරන්. (දී)

:       0       0

රුවන් Sunday, 08 September 2013 06:36 PM

පොලිස්සියට බාරවුනොත් නිදහස් වෙනවා කියලා දන්නවනේ. ඒවගේද ගම්ගුටි.(නදී)

:       0       0

අමිළ කටුනායක Sunday, 08 September 2013 07:05 PM

දැන් එයා ආරක්ෂිතයි.(නදී)

:       0       0

රූපවතී Sunday, 08 September 2013 07:07 PM

කාගේ හරි ජීවිතයක් බේරැන් නේද?  පොලිසියට බාර දෙන්න කලින් නැගිටින්න බැරි වෙන්න කඩන්නයි තිබුනේ කොන්ද. එවිට ජීවිත කාලෙටම මතක් වෙනවා තමන් කොයි තරම් නම් අහිංසා වාදියෙක්ද? ඇයි මෙහෙම උනේ කියලා.(නදී)

:       0       0

අනුර-නාවලපිටිය Sunday, 08 September 2013 07:33 PM

ඇති බස් එකේ අය බේරිලා මෙච්චර දුරක් ආව එක ඇති නේද?(නදී)

:       0       0

ඩිසීඩ් Sunday, 08 September 2013 07:46 PM

මෙයා පොලිසියෙ එක්කෙනෙක් වෙන්න ඇති නේද?(නදී)

:       0       0

ගුණේ Monday, 09 September 2013 05:12 PM

මිනුවන්ගොඩ පොලිසියේත් කලින් සිටියේ පගා කාක්කෝ, ගෑනු පෙරේතයෝ,පන්දම් කාරයෝ. කලින් ප්‍රශ්නයකට ඔවුන්ව මාරුකලා. ඔන්න දැන් නියම මහත්මයෙක් පොලිස් යුනිෆෝම් එකේ ගරුත්වයටම ගැලපෙන ලොක්කෙක්. ඔහුගේ බැග් එක මේසය උඩම තියාගෙන ඉන්නේ. ඕනේ වෙලාවක මාරුවක් ලැබූනෝත් යන්න බලාගෙන. පොලිස් ස්ථාන විශාල සංඛ්‍යාවක මේ වන විට ඉදලා තියෙනවා. ඔහු පොලිස්සියට පැමිණි දිනයේම ඔහුගේ ආසනයට උඩින් තිබුන පින්තුර තුන ( අගමැති ,ජනාදිපති ,මහ ඇමති ) දිහා බලල පොලිස් රාළහාමි කෙනෙකුට කතා කරලා කිව්වලු ජනාදිපති තුමාගෙයි, අගමැති තුමාගෙයි පින්තුර තියල අනික ගලවන්න මේක මෙතනට අවශ්‍ය නැහැ කියලා. රාළහාමි අදිමදි කරලා නියෝගය පිළිපදින්න. රාළහාමිට කිව්වලු පලයන් කුඩුව ඇතුලට කියල ඉබ්බා දැම්මලු. ඉන්පසු ඔහුම පුටුවට නැගල එම පින්තුරය ගලවල දැම්මලු. රාළහාමිව පසුවදා එලියට ගත්තලු. දැන් ගමේ කොල්ලෝ රෑ තිස්සේ රවුන් ගැසීම නවත්තල. මොකද කනපුරා කන්න ලැබෙනවලු.(නදී)

:       0       0

නිරෝධ. Sunday, 08 September 2013 07:59 PM

පොලිසියෙන් කිසිම ප්‍රස්නයක් නොවෙන බව මොහු දන්නවා. රටේ සිදුවන අපරාධ ,මිනීමැරුම් වලට මාවත සකස් කර ඇත්තේ බොහෝ දුරට දේශපාලකයන් නිසා සමහර විටෙක පොලිසිය ද අසරණ වෙනවා. නීතිය හරියට ක්‍රියාත්මක කරන පුද්ගලයා වැරදි කරු බවට පත් වේවි. ලංකාවේ පොලිස් කොමිසම අහෝසි කරලා දැන් චිකාගෝ වල වගේ කඩ වලට යන ගමනුත් තුවක්කු රැගෙන යනවා. බය නැහැ, බයත් නැහැ. නිසි රැකවරණය ඔවුන්ට නොඅඩුව. මේකද අපට උදා කර දුන් මහලොකු ආශ්චර්ය?.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site