IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇඹිලිපිටියට-සෙවනගලට ඩොලර් ඉල්ලමක්

(අංජුල මහික වීරරත්න)

ඇඹිලිපිටිය හා සෙවණගල ප්‍රදේශ දෙක ආශ්‍රිතව අපනයනය ඉලක්ක කර ගත් කෙසෙල් සැකසුම් කළාප දෙකක් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් දැනට රාජාංගනය හා යාපනය කෙසෙල් අපනයන ආදර්ශ ගම්මාන දෙකක් ස්ථාපිත කර ඇත. 

ඊට  අමතරව සෙවනගල හා ඇඹිලිපිටිය කෙසෙල් වගා කරන ගොවීන්ගේ  ඉල්ලීම පරිදි මෙම කෙසෙල් අපනයන ආදර්ශ ගම්මාන ව්‍යාපෘති දෙක ස්ථාපිත කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ.

ඒ අනුව සෙවනගල ප්‍රදේශයේ කැවෙන්ඩිෂ් නැමැති කෙසෙල් විශේෂයත්, ඇඹිලිපිටිය හා හම්බන්තොට  ප්‍රදේශ ආශ්‍රිතව  ඇඹුල් කෙසෙල් විශේෂයත් වගා කිරීමට සැලසුම් කර ඇත. මෙම වගාවන් දෙකම ආරම්භයේ දී අක්කර 200 බැගින් අක්කර 400ක වගා කෙරෙන අතර ඉන්පසුව එය අක්කර 800ක් දක්වා ව්‍යාප්ත කිරීමට කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය සැලසුම් කර ඇත.

මේ යටතේ වගාව සඳහා තෝරාගන්නා ගොවීන්ට කෙසෙල් වගාව විද්‍යානුකූලව හා ජාත්‍යන්තර වෙළෙඳපොල ප්‍රමිතීන්ට අනුකූලව  වගා කිරීමට අවශ්‍ය කෘෂි තාක්ෂණය හා නවීකරණ වැඩ පිළිවෙල මෙන්ම අලෙවි කර ගැනීමට අවශ්‍ය විදේශ වෙළෙඳපොල ද කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් ගොවීන් වෙත සපයනු ලබයි.

 මීට අමතරව එම ව්‍යාපෘතිය විසින් ගොවීන්ට වගාව සඳහා අවශ්‍ය මුල්‍ය ආධාර ද සපයනු ලබන බව එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා පැවසීය.



අදහස් (2)

ඇඹිලිපිටියට-සෙවනගලට ඩොලර් ඉල්ලමක්

Silva Tuesday, 02 May 2023 01:47 PM

හරි කැලෑවල්වලට වැඩක් දෙන්න යන්නේ...

:       18       5

ලලිත් Tuesday, 02 May 2023 04:40 PM

ගොවියෙක් හැටියට තේරෙන්න සාමාජිකත්වය ගන්න ඕන කරන්නෙ පොහොට්ටුවෙද නැත්නම් ශ්‍ර්‍රිලංකා නිදහස් පක්ෂයේද එහෙමත් නැත්නම් කොතනද කියන්න

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site