IMG-LOGO

ඇමෙරිකා බදු අඩු නොවුණොත් ඇගළුම් කරුවෝ අවදානමක

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාවේ "අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ මෙරටට පනවා ඇති සියයට 30 ක තීරු බද්ද අඩුකර ගැනීමට ශ්‍රී ලංකාව අසමත් වුවහොත්, ඇමරිකානු ඇඟලුම් ගැනුම්කරුවන් සිය අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකාවට වඩා අඩු තීරුබදු සහන ලබා ගත් රටවල් වෙත යොමු වීමේ අවදානමක් තිබෙන බව ඇඟලුම්කරුවෝ පවසති.

මෙරටට පනවා ඇති සියයට 30 ක තීරු බද්ද එළැඹෙන 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇත."අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ වියට්නාමයට සියයට 20 ක තීරුබදු ප්‍රතිශතයක් පැනවී තිබීමත්, ඉන්දියාවට සියයට 20 ට වඩා අඩු තීරු බදු ප්‍රතිශතයක් පැනවෙනු ඇතැයි අපේක්ෂා කිරීමත් හේතුවෙන් මෙරටට පනවා ඇති සියයට 30 තීරු බද්ද අඩුකර ගැනීමට උපරිම උත්සාහ කළ යුතු බව ඇඟලුම් කරුවෝ ප්‍රකාශ කළහ.

ඉන්දියාව සහ ඇමෙරිකාව අතර එළැඹීමට නියමිත වෙළෙඳ ගිවිසුම හේතුවෙන් "අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ සියයට 20ට වඩා අඩු තීරු බද්දක් ඉන්දියාවට පැනවෙනු ඇතැයි වාර්තා පළවී තිබෙන බවත් එසේ වුවහොත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට විශාලතම අවදානම ඉන්දියාවෙන් එල්ල වනු ඇති බවත් ඇඟලුම්කරුවෝ ප්‍රකාශ කළහ.

පසුගිය වසරේ මෙරට ඇඟලුම් අපනයනයෙන් ලැබූ ආදායම සියයට ඇමෙරිකානු ඩොලර් බිලියන 4.7 ක් වූ අතර ඉන් සියයට 40.04 ක ප්‍රතිශතයක් එසේත් නැතිනම් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9ක් උපයා තිබුණේ ඇමෙරිකාවට සිදුකළ ඇඟළුම් අපනයනයන් ගෙනි.

එසේම මෙම වසරේ පළමු මාස 5 තුළදී ඇඟලුම් අපනයනයන්ගෙන් ඉපැයූ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2 ක් වන අතර ඉන්ද ඇමෙරිකානු ඩොලර් මිලියන 746.53 ක් උපයා ඇත්තේ ඇමෙරිකානු වෙළෙඳපොළට සිදුකළ ඇඟලුම් අපනයනයන්ගෙනි.

ඇඟලුම් අපනයන සඳහා මෙරට ප්‍රධාන වෙළෙඳපොළ වන්නේ ඇමෙරිකාව වන අතර දෙවැනි තනි ප්‍රධාන වෙළෙඳපොළ වන්නේ එක්සත් රාජධානියය. පසුගිය වසරේදී ඇමෙරිකාව සියයට ඇඟලුම් අපනයනයන්ගෙන් සියයට 40.04 ක කොටසක් හිමිකර ගනිද්දී, එක්සත් රාජධානිය හිමිකර ගෙන තිබුනේ සියයට 14.17 ක ප්‍රතිශතයකි

පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා ප්‍රකාශ කර සිටියේ ඇමෙරිකාව යනු මෙරට ප්‍රධාන ඇඟලුම් වෙළෙඳපොළ බවත් එය එක් රැයකින් ආදේශ කළ නොහැකි බවත්ය. ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ ප්‍රකාශ කර තිබුණේ ජනපති ට්‍රම්ප් මෙරටට පනවා ඇති සියයට 30 ක තීරු බද්ද එළැඹෙන 1 වැනිදාට පෙර අඩුකර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් එලෙස අඩුකර ගැනීමට නොහැකි වුවහොත් ඉන් ඇඟලුම් කර්මාන්තයට අවදානමක් එල්ල විය හැකි බවත්ය.

 



අදහස් (4)

ඇමෙරිකා බදු අඩු නොවුණොත් ඇගළුම් කරුවෝ අවදානමක

ගුණරත්න Tuesday, 15 July 2025 10:34 PM

පාණ්ඩුවේ ඇතැම් ඇමතිලා ප්‍රසිද්ධියේ කිව්වා මේක හොඳ අවස්තාවක් ලු, උන්ගෙන් අසා බලන්න තියෙන්නේ මේ හොඳ අවස්ථාවෙන් මොකක්ද ගන්න ප්‍රයෝජනේ කියල

:       2       7

Ranathunga Wednesday, 16 July 2025 09:06 AM

ඒ වුනාට කමක් නෑ අපි නම් මාලිමාවට කියපු උන්ට තමයි ඔය කෙල වෙන්න යන්නෙ. කරපු අමන බලු වැඩ වලට විපාක ලැබෙන්නත් එපැයි. මිනිස්සු මරලා, ගෙවල් ගිනි තියලා, බොරු වපුරවලා බලය ගත්තම ඔහොම තමයි.

:       6       10

රටවැසියා Wednesday, 16 July 2025 09:59 AM

බොරුවට ආයුශ නැත.ජනාදිපති තුමාට රගහල විවුර්ත කර ඇත.නටවනවද.නැටවෙනවද යන දෙක ඔබ සතුයි.

:       5       7

Srinath Wednesday, 16 July 2025 04:08 PM

ඉස්සර රටවල් යටත් කරගත්තේ අවි බලයෙන්. දැන් ටැක්ස් වලින් රටවල් යටත් කරගන්නවා. ඇමරිකාව කරන්නේ රටවල් යටත් කරගැනීමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 122 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 336 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 154 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site