IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඇමරිකා රාජ්‍ය නිලධරයෙක් ලංකාවට

ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආර්ථික හා ව්‍යාපාරික කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් චාල්ස් එච්.රිව්කින් බදාදා (11) දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

ලංකාව හා ඇමෙරිකාව අතර වෙළඳ හා ආයෝජන කටයුතු ඉහළ නංවා ගැනීමේ අරමුණෙන් මෙම සහකාර රාජ්‍ය ලේකම්වරයා දිවයිනට පැමිණෙන බව සඳහන්වේ.

ඔහු සිය සංචාරයේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන , අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු රජයේ නායකයින් රැසක් හමුවීමට යයි.

රිව්කින් මෙරට ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින්, ආයෝජකයින් සහ ව්‍යවසායකයින් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.



අදහස් (0)

ඇමරිකා රාජ්‍ය නිලධරයෙක් ලංකාවට

බණ්ඩාර Monday, 08 August 2016 03:22 PM

මෙය ඉතා හොඳ දෙයක් මොකද තනිවෙලා පැරණි පාලයෙන් මිදුන ලංකාවට දැන් තමයි ලෝකයට දොර ඇරිලා තියෙන්නේ (බ)

:       0       0

දිනේෂ් Monday, 08 August 2016 03:34 PM

මොකටද දන්නේ නෑ කුරුමානන් අල්ලන්නේ.(හේ)

:       0       0

විපුල Monday, 08 August 2016 05:35 PM

අපේ ශ්‍රමය හූරාකන්න මිසක අපට ලාභයක් නැහැ (නි)

:       0       0

ඩිලාන් Monday, 08 August 2016 09:44 PM

මේ ඔයාලගේ රට. අපිට ලැබුනේ ඔයාලගෙන්නේ. ඉතින් ඔබට අවශ්‍ය විදියට මේ රට හදන්න පුළුවන්. අපේ උත්තමාචාරය! (නි)

:       0       0

කවින්ද Tuesday, 09 August 2016 07:58 AM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

ධනුෂ්ක Tuesday, 09 August 2016 08:03 AM

අපි ඉන්දියාවයි චිනෙයි එක්ක කරන ගනුදෙනු වලින් අවාසි ලබනකොට යුරෝපා සංගමයයි ඇමරිකාවයි එක්ක කරන ගනුදෙනු වලින් වාසි ලබනවා. (නි)

:       0       0

ධම්ම Monday, 08 August 2016 02:39 PM

සාදරයෙන් පිළිගනිමු! වෙන මොනවා කියන්නද. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 541 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site