IMG-LOGO

ඇමෙරිකා දූත පිර‍ිසේ තොරතුරු දෙන්න

(ඩයනා උදයංගනී සහ යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවට පසුගිය මාසයේ පැමිණි ඇමෙරිකානු දූත පිරිස සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි තොරතුරු නිලධාරී වෙත ලිපියක් යොමු කර ඇත.

මන්ත්‍රීවරයා තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම තොරතුරු ඉල්ලා ඇත.

ඇමෙරිකානු දූත පිරිසක් සී 17 - ග්ලෝබ්මාස්ටර් ගුවන් යානා දෙකකින් ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකානු දූත පිරිස නියෝජනය කළ අයගේ නම් මොනවාද?, එලෙස පැමිණි පිරිස අතර ඇමෙරිකානු එක්සත් ජනපදයේ මධ්‍යම බුද්ධි නියෝජිතායතනයේ අධ්‍යක්‍ෂ විලියම් බර්න්ස් සිටියේද? එකී පැමිණි පිරිසේ ගමන් බලපත්‍ර ආගමන විගමන නිලධාරීන් පරීක්‍ෂා කළේද?, එම බලපත්‍ර ආගමන විගමන නිලධාරීන් විසින් මුද්‍රා තැබුවේද?, ඔවුන්ගේ ගමන් මළු රේගු පරීක්‍ෂාවට ලක්කළාද?, ඔවුන් රට තුළට පැමිණියේ සාමාන්‍ය මගී පර්යන්තයෙන්ද? ප්‍රභූ පර්යන්තයෙන්ද? විශේෂ ප්‍රභූ පර්යන්තයෙන්ද?, එම පිරිස ආගමන විගමන නිලධාරීන්ගේ සහ රේගු නිලධාරීන්ගේ පරීක්‍ෂාවට ලක්නොකරන ලෙස යම් පුද්ගලයකු උපදෙස් දුන්නාද, එසේ නම් එම උපදෙස් දුන්නේ කවුද? යනුවෙන් ගම්මන්පිල මහතා තොරතුරු ඉල්ලා තිබේ. 



අදහස් (5)

ඇමෙරිකා දූත පිර‍ිසේ තොරතුරු දෙන්න

Demuni Uduwara Friday, 17 March 2023 05:24 AM

එය අනිවාර්යයි!

:       1       1

Perera Friday, 17 March 2023 05:26 AM

මූත් රට වලපල්ලට තල්ලු කරන්න යහමින් දායක වුන එකෙක් .දැන් එනවා සුදනා වෙන්න

:       1       2

Bunny Preena Friday, 17 March 2023 09:22 AM

අපිටත් ආසයි ඒ සම්බන්ධව දැන ගන්න

:       5       1

sam Friday, 17 March 2023 11:20 AM

බය වෙන්න එපා. ඔතන ඕස්ට්‍රේලියන් කාරයෝ හිටියේ නැහැ. බ්‍රයන් ෂැඩොක් ඔයා හොරකම් කරපු සල්ලි අත හැර දාලා හුඟක් කල්.

:       1       7

kamal Friday, 17 March 2023 01:02 PM

අපි දේසපාලනේ කරන්නේ චීන සල්ලිවලින්. ඉතින් ඒගොල්ල එක කරපන්, මේක කරපන් කිව්වහම අපි නොකර කොහොමද?

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 365 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 913 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1309 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site