IMG-LOGO

ඇමති හේරත්ගේ නිවෙසත් වටලති

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

වාරියපොල නගරයේ  විරෝධතාවයේ යෙදුනු පිරිසෙන් කොටසක් රජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතාගේ නිවස වැටලීමට ගිය අවස්ථාවේ පොලිසිය එය වැළැක්වීය.

ඒ වන විට රාජ්‍ය අමාත්‍යවරයා නිවසේ නොසිටි අතර පොලිසිය විසින් නිවසට ඇතුළුවන මාර්ගය වසා මාර්ග බාධක යොදා සිටියහ.

විරෝධතා පාඨ කියමින් එහි පැමිණි පිරිස පොලිස් බැරියර් පෙරළාගෙන යාමට තැත් කළ අතර පොලිසිය විසින් එය වළකන ලදී.

එහෙත් රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස සහිත ඉඩමේ වැටෙන් ඇතුළු වූ විරෝධතාකරුවන් නිවස දෙසට දිව යද්දී අමාත්‍යවරයාගේ නිවසේ සිටි අමාත්‍යවරයාගේ ආධාරකරුවන් පිරිසක් පැමිණීමත් සමග විරෝධතාකරුවන් ආපසු මාර්ගයට පැමිණ විරෝධතා පාඨ කියමින් සිට පැයකට පමණ පසුව විසිර යන ලදී.

 

 



අදහස් (4)

ඇමති හේරත්ගේ නිවෙසත් වටලති

UK RAN Monday, 25 April 2022 09:09 AM

ඔය ඉන්නේ අනුරගේ හෙල්මට් ගැන්සි එක. ඔය කට්ටියට ඕනෙ රට හදන්න නෙවෙයි, බලය ගන්න..

:       2       2

ravin Monday, 25 April 2022 10:39 AM

හපොයි, හපොයි.... ජනතාවනි. දැනට රැකිලා තියෙන ශරීර ශක්තිය හැකි පමණ ඉතිරිකරගන්න. මේ රට යන විදිහට හෙට දවසේ කෑමක් බීමක් ගැන සිතීම අපහසු වනු ඇත. නිශ්ශබ්දව සිට ඊළඟ ඡන්දයේදී ඔය කට්ටියට වියදම් කිරීම හෝ ඡන්දය දීමෙන් වැළකී තම තමන්ගේ වාරයේ උපරිමය ලබාගන්න. කොකාට වාරයක් වගේ තිත්තයටත් ලැබෙන වාරයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න.

:       1       4

AnonMonday, 25 April 2022 01:49 PM

ඊළඟ ඡන්දේ වෙනකම් රටක් ඉතුරු වෙයිද මහත්තයෝ?

:       0       7

සෙනෙවිරත්න Monday, 25 April 2022 11:31 AM

මෙතුමා නේද මොළ හතේ කතාව කිව්වේ? කුකුල් මස්, බිත්තර ඇමති.

:       2       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 231 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 754 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1174 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site