(යොහාන් භාසුර)
ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සිය රාජකාරී වාහන සහ නිල නිවාස ඇතුළු අමාත්‍යවරයා ලෙස ලබාදී තිබූ රජයේ සියල්ල ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ආචාර්ය ඉංජිනේරු ප්‍රියත් බී. වික්‍රම මහතාට අද (14) පෙරවරුවේ භාරදුන්නේය.
අමාත්‍ය මණ්ඩලයේ රැස්වීම් වර්ජනය කිරීම සහ අමාත්‍යංශයේ රාජකාරීවලින් ඉවත්වීමත් නිසා තව දුරටත් වාහන සහ අනෙකුත් අමාත්‍යංශයේ පහසුකම් ලබාගැනීම සදාචාර නොවන බැවින් මෙම තීරණයට එලැඹි බවත් සිය සහෝදරයෙක්ට හිමි කුඩා රථයක් ඉදිරියට භාවිතා කරන බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඇමති වාසු නිල නිවාස-වාහන භාරදෙයි
mahinda Monday, 14 March 2022 01:38 PM
එතකොට 1987 සිට මේ දක්වා තීරුබදු රහිතව මහජන මුදලින් ලබාගත් වාහනවලට මොකද කළේ..? මහා සමාජවාදී වාසිදේව සහෝදරයා. ජනතාව ගොනාට අන්දන්න හදන්න එපා.
Pradeep KumaraMonday, 14 March 2022 02:33 PM
ජනතාව වෙනුවෙන් කැපවෙලා ඒ පර්මිට් විකුණලා ජනතාවට බෙදලා දීලා වෙන්න ඇති... පොදු ජනතාව මෙච්චරම මෝඩයි කියලද මේ දේශපාලකයින් හිතාගෙන ඉන්නේ...
fairoosMonday, 14 March 2022 07:24 PM
මෝඩ නැතිනම් 1987 ඉඳන් පාර්ලිමේන්තුවට එවයියැ...
ravin Monday, 14 March 2022 02:15 PM
හොඳ වැඩක්... රට ගැන හිතලා ඉතිරි කට්ටියත් වාහන සහ අනිකුත් සියලු පහසුකම් අත හැරලා එම මුදල් පොදුජන සුව පිණිස යෙදෙව්වොත් නරකද? පෙන්නන්න බලන්න අපි දේශපාලකයෝ මිසක් දේශපාලකයෝ නොවේ කියලා...
ddd Monday, 14 March 2022 02:18 PM
අනේ යන්නම යන්න. ආයේ පැත්ත පළාතේ එන්න එපා.. අනිත් 225 මේ විදිහට යනවා නම් අපිට ඉර පායයි..
සමිත සේනක අලුත්ගමගේ. Monday, 14 March 2022 02:25 PM
"බලවත් අයගේ සැම වත්කම් සෙවීම ... නොකරන නිසා මහ ජන කලකිරීම... රටේ මුදල් හොරකම් කොට තිබීම... හේතුව මෙයයි රට පහළට වැටීම ... "
SUNIL MILANO Monday, 14 March 2022 04:36 PM
මොකද්ද තමන්ගේ ප්‍රජාතන්ත්‍රය...? මේ අමාරු අවස්ථාවේ අවශ්‍ය ලොකුකම පෙන්නන එක නෙවෙයි. උරෙනුර ගැටී මේ නරාවලෙන් ගොඩඒමයි. තමුන්ලාට තවත් ගොඩඒමක් නැහැ.
de silva Monday, 14 March 2022 05:38 PM
මේ රථයට ඉන්ධන ලීටරයකින් කිලෝමීටර 5ක්වත් යන්න බැහැ.. මෙයා මේක බාර දුන්නට තව කීදෙනෙක් සතුව තිබෙනවද? රජයේ මුදල්වලින් නඩත්තු කරනවද?