IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඇමැති මණ්ඩලයේ විශේෂ රැස්වීමක්

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් අද (04) ඇමති මණ්ඩලයේ විශේෂ රැස්වීමක් පැවැත්වෙයි.

රටේ ආර්ථිකය ගැන එහිදී සාකච්ඡා කැරෙන බව දැනගන්නට ඇත.

බ්‍රහස්පතින්දා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළේ පසුගිය රජය සමයේ ලබාගත් ණය ප්‍රමාණය සහ ඒවා පියවීමට ගත හැකි පියවර මොනවාද යන්න පිළිබඳව අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට ලක්වනු ඇති බවයි.

පසුගිය රජය රටට දරාගත නොහැකි පරිදි අසීමිත ලෙස ණය ලබාගෙන ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක පුකාශ කළේ පසුගිය දා මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

රටේ ආර්ථිකය ගැන කතා කැරෙන මෙම සාකච්ඡාව දැන් පැවැත්වෙයි.



අදහස් (0)

ඇමැති මණ්ඩලයේ විශේෂ රැස්වීමක්

තිළිණ Friday, 04 March 2016 12:00 PM

දහසක් පොරොන්දු සමගින් බලයට පැමිණි මේ ආණ්ඩුව තවදුරටත් බොරුවෙන් පවත්වාගෙන යා නොහැකි තැනට පැමිණ තිබේ. කොමිස් නැවැත්වූ පසු රටේ සංවර්දනය තුන් ගුණයකින් වැඩි කිරීම, මිනිස්සුන්ගේ ආර්ථිකය ඉහල දැමීම ,බදු මිල පහත දැමීම ආදී නොයෙක් දේ කියමින් පැමිණ තමන්ගේ නොහැකියාව වසා ගැනීමට පසු ගිය රජයට චෝදනා කිරීමෙන් පලක් නැත. (හේ)

:       0       0

විහඟ Friday, 04 March 2016 12:03 PM

ඔයගොල්ල රැස් වෙන්නේ තමුන්ගේ බලය අහිමි වෙන එක නවත්වන්න කල යුතු දේ ගැන සාකච්චා කරන්න. ජනතාවට හෙන ගැහුවත් මැති ඇමතින්ට මොකද?(හේ)

:       0       0

රොහාන් Friday, 04 March 2016 07:00 PM

ඕක අපිටත් ඇහෙන්න ප්‍රසිද්ධියේ පවත්වන්න බැරිද දන්නෙ නැහැ (නි)

:       0       0

මහී Friday, 04 March 2016 12:47 PM

දැන් දුෂණයෙන් නැතිවුණු සල්ලි ඉතුරු වෙන නිසා මොකටද බය වෙන්නේ. (ර)

:       0       0

මහින්ද සෞදි Friday, 04 March 2016 01:59 PM

මේ රජය පෙරාලුනාට පස්සේ එන අය කියන්නෙත් ඔය ටිකම තමා. වෙනස මාරයි. (ර)

:       0       0

දහම් Friday, 04 March 2016 02:06 PM

කලින් වගේ මේ ආණ්ඩුවේ අය හොරකම් කරන්නේ නැති හින්දා ඉතිරි වෙන කෝටි ගණන් සල්ලි තියෙද්දී මොකටද බය වෙන්නේ. (ර)

:       0       0

දිනේෂ් කළුආරච්චි Friday, 04 March 2016 02:12 PM

ඇමෙරිකාව, චීනය, යන බලවත් රාජ්‍ය වාගේම ග්‍රීසිය ,පෘතුගාලය, ඉතාලිය බොහෝ යුරෝපිය රටවල් අද මුහුණ දීලා තියෙන්නේ බලවත් ආර්ථික අර්බුධයකට. අපිට ණය දෙන්න රටවල් දැන් බයයි මොකද ගෙවා ගන්න විධියක් නැති උනොත් බොල් ණය බවට පත්වෙන නිසා.ආශ්චර්ය කියපු රටක් නේද මේක?මෙතරම් ඉක්මනට මේ තත්වය උදා උනේ ඇයි? උත්තර අපට දෙන්න, කාටවත් ඇඟිල්ල දිගුකලාට වැඩක් නැහැ. (ර) . .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site