IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ඇමැති මණ්ඩලයේ ‌වෙනසක් වන ලකුණු

(සුජිත් හේවාජුලිගේ )

ලබන වසර මුල කැබිනට් මණ්ඩලයේ සංශෝධන කිහිපයක් සිදු කිරීමට රජය බලාපොරොත්තුවෙන් පසුවන  බව එහි ආරංචි මාර්ගවලින්  පැවසේ.

මේ යටතේ ප්‍රධාන පෙළේ ඇමැතිධුර කිහිපයකද  වෙනස්වීම් සිදුකෙරෙනු ඇතැයි දැනගන්නට  ඇත.

ලබන වසර ආරම්භයේදී රජයේ වැඩපිළිවෙළ නව ජවයකින් සහ  වේගවත්ව  ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති අතර කැබිනට් මණ්ඩලයේ මෙම සංශෝධනය සිදු කෙරෙන්නේද ඊට සමගාමීව බව
රජයේ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.

මේ අතර කැබිනට් මණ්ඩලය පත් කර ඇති ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුවේ  මන්ත්‍රීවරුන් රැසක් රජයේ ප්‍රධානීන්ට දැනටමත් සිය විරෝධය මතු කර ඇත.

ජාතික ජන බලවේගය  පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝද  කැබිනට් මණ්ඩලය පත් කර ඇති ආකාරය සම්බන්ධයෙන්  පාර්ලිමේන්තුවේදී පසුගියදා   දැඩි විවේචනයක් සිදුකළහ.



අදහස් (31)

ඇමැති මණ්ඩලයේ ‌වෙනසක් වන ලකුණු

C.K.Lankaputhra Saturday, 18 December 2021 11:53 AM

හොරුන්ගේ නම් වෙනස් වෙලා කරන හොර කම් වෙනස් උනාට ඔය ඔක්කොමලා හොරකම් කරන්නේ අපේ සල්ලි නිසා .අපට ඉතින් ඔය කියන වෙනස් කම් කලත් එකයි නොකලත් එකයි.

:       64       113

යෝගා Saturday, 18 December 2021 01:38 PM

මහින්ද සුළඟේ තුන් කට්ටුව මට්ටු කරන්න තියෙන උවමනාවටද?

:       24       74

දාස Saturday, 18 December 2021 01:45 PM

නව ජවය ,අප්පා වචන නම් මරු, හොරු දන්නෙ හොරකම් කරන්න මිසක් රටවල් හදන්න නෙමෙයි.

:       35       80

ravin Saturday, 18 December 2021 02:05 PM

pahugiya dina kipayedi maadhya wala palaunaaneda samahara ganudenu waladi kabinet amathiwaru nodana ovun anumatha kalaaya kiyalaa prachaaraya kalaa kiyalaa? evani thathwayan thula kabinet amathiwaru mokatada? yana viya-hiyadam dariyayuththe podu mahajanayaa neda? anika kabinet amathiwarunwa adhikshanaya karanna thawath kabinet amathiwarayek innawaa neda? okkoma viyadam podujanayaage sukaviharana kappaadukara darana viyadam neda?

:       28       9

Akila Saturday, 18 December 2021 02:50 PM

මුදල් අර්බුදයක් තියන වෙලාවේ ජනතාව ටත් පටි තදකරගන්න කියල තියන මේගොල්ලෝ මේ වෙලාවේ කරන්න ඕනේ ඔය ඇමති මණ්ඩලය අඩු කරලා රජයේ වියදම් අඩුකරන එක , නමුත් ඒකනම් කරන්න හිතන්නෙවත් නැහැ ,මේ උන්දැල සියලුම බර ජනතාවට දාන එක විතරයි කරන්නේ

:       14       69

NMSaturday, 18 December 2021 06:20 PM

රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ කැබිනට් මණ්ඩලයේ වෙනසක්..., ඇමැති මණ්ඩලයේ ‌වෙනසක් හෝ ප්‍රධාන විපක්ෂයට බලය ලැබීමක් නොව ලංකාවේ සමස්ත දේශපාලන ක්‍රමයේම වෙනසකි. අවංක, විශ්වාසනීය නව කණඩායමකට බලය ලබාදීම ශ්‍රී ලාංකිකයින්ගේ බලපොරොත්තුව වේ..

:       1       49

hesaSunday, 19 December 2021 04:14 AM

ශ්‍රී ලාංකිකයින්ගේ බලපොරොත්තුව වන, අවංක, විශ්වාසනීය නව කණඩායමක් ඉන්නත් ඕනෑ නේද බලය ලබාදීමට...

:       0       3

ගලපර Saturday, 18 December 2021 03:10 PM

සීකේ... ඔයාගේ කටේ මසුරන් දාන්න වටිනවා. 100ට 100ක් ඇත්ත. මේ කම්බ හොරු කොහොම පත්කළත් එකයි.

:       37       56

සකල බුජංSaturday, 18 December 2021 04:24 PM

කැලේ මාරුවුණාට කොටියා කොටියාම තමයි... ඌ වෙනස් වෙන්නේ නැහැ..

:       13       53

දොලේවත්ත Saturday, 18 December 2021 03:22 PM

අලි බබා හොරු 40 ඇඳුම් මාරු කළා වගේ...

:       30       69

shyam Saturday, 18 December 2021 04:31 PM

කුට්ටම අන අන ඉඳපන්...!

:       14       61

සෑම් Saturday, 18 December 2021 04:35 PM

අලුත් අවුරුද්දේ අළුත් ක්ෂේත්‍රවල නව ජවයකින් නවතම ක්‍රමවලට හොරා කන්න පාපතර හොරුන්ට අවස්ථාවක් හදලා දෙන්න යන්නේ..

:       17       56

Wasala Saturday, 18 December 2021 06:33 PM

නැට්ට හතර අතට වනන උන්නැහේල‍ට හොඳම කට්ට දෙමු ... සර්..!

:       1       40

Lal Saturday, 18 December 2021 07:19 PM

ගොබ්බ සෙට් එක ඉඳගෙන හිටු කියලා ඩිස්ලයික් දානවා. හිතාගෙන ඇති ජනවිඥාණය වෙනස් කරන්න පුළුවන් වේවි කියලා.. ඊළඟ ඡන්දෙන් පස්සේ මේ ගොල්ලන්ට වෙන්නේ මීයන් අල්ලන්න.

:       3       13

Lal Saturday, 18 December 2021 07:28 PM

ඊළඟ මැතිවරණයේදී ඇමතිවරු උපරිම 15 දෙනයි... නියෝජ්‍ය ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු කියන තනතුරු අහෝසි කරන පක්ෂයකට පමණයි අපේ ඡන්දය. ඇමැතිවරු 15 දෙනා සුපිරි බුද්ධිමත් අය මිසක් දැන් ඉන්න ගොබ්බ ඇමතිවරු වගේ නොවිය යුතුයි.

:       1       11

රසික Saturday, 18 December 2021 09:27 PM

අපි ඉතිං අර කැහි ගෑනිව දීලා, හොටු ගෑනිව ගත්තා වගේ තමා.

:       0       4

MO77 Saturday, 18 December 2021 09:32 PM

ආණ්ඩුව විවේචනය කරන රාජ්‍ය ඇමතිවරුන්ට ඇමැතිකම්, රජය විවේචනය කරන මන්ත්‍රීවරුන්ට නියෝජ්‍ය ඇමැතිකම් ද ලැබෙනු ඇත. 225 දෙනාගෙන් සීයට පනහ කාර්යාල සහායක තනතුරකටවත් සුදුසු නැත...

:       0       1

karolis Saturday, 18 December 2021 10:31 PM

මිනිස්සු හැදෙනකොට රට හැදෙනවා. රට හැදෙනකොට මිනිස්සු හැදෙනවා. මේ චක්‍රය හරි පැත්තට කරකවන්න පුළුවන් නම් මිසක් වෙන කිසි විදිහකින් ගොඩ යන්න නම් බෑ. මේ සම්මජාතියේ.

:       0       4

Demuni Uduwara Sunday, 19 December 2021 03:13 AM

කැබිනෙට්ටුව වෙනස් කිරීම විසඳුම නොවේ. ජාතික රජයක් ලෙස මිත්‍රශීලීව කටයුතු කළ යුතුයි.

:       0       1

Rohan Sunday, 19 December 2021 05:08 AM

රනිල්ව ගත්තා නම් හරි, අනිවා එනවා.

:       1       2

ranjith Sunday, 19 December 2021 07:17 AM

තව පවුලේ අයට දෙන්න දේවල් ඉතුරු වෙලා ඇති.

:       0       3

Jayampathi Sunday, 19 December 2021 09:10 AM

ඒ කියන්නේ දැන් ඉන්න කට්ටිය හොඳට හොරා කෑවාට පස්සේ එයාලා අයින්වෙලා ඉතිරි අයටත් හොරා කන්න අවස්ථාවක් ලබාදෙනවා..

:       0       5

jim kuru Sunday, 19 December 2021 09:16 AM

රටේ දැවෙන ප්‍රශ්න විසඳන්න විසඳන්න බලන්න... හොරු ටික ගෙදර යවන්න.

:       0       3

බද්රානි Sunday, 19 December 2021 09:48 AM

බල්ලන්ට සායම් ගාලා බලු කූඩුව වෙනස් කළා කියලා සිංහයින් කරන වැඩ කරන්න පුළුවන්ද? දැන් ඔය පහුගිය කාලෙත් නරියෙකුට සායම් තවරලා සිංහයෙක් ලෙස කරලියට ගෙනාවේ වැඩක් වුණාද? ඔය කොතන හිටියත් බල්ලා බල්ලාමයි..

:       1       8

Rohana Sunday, 19 December 2021 10:33 AM

අද රට මුහුණ දී ඇති බැරෑරුම් ආර්ථික අර්බුදය ඇමැති මණ්ඩලය වෙනස්කළ පමණින් විසඳාගත නොහැක. මේ කුඩා රටට ඔරොත්තු නොදෙන ඇමැති මණ්ඩලයක් සිටින අතර දූෂණය, හොරකම, වංචාව නැතිකිරීම මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තුවිය නොහැක.

:       0       7

Chaminda Sunday, 19 December 2021 12:02 PM

අගමැති බැසිල් නැත්නම් නාමල්... මුදල් ආචාර්යතුමාට. ජෝන් මාමාට කම්කරු ජොන්ස්ටන්ට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන කටයුතු, කෘෂිකර්ම හිටපු ජනාධිපති මෛත්‍රිපාලට දුන්නොත් හොඳයි.

:       1       3

Shan Sunday, 19 December 2021 02:18 PM

ඔය කුට්ටම අනලා වැඩක් නෑ. ඔක්කොම බූරු කොළ තියෙන්නේ. ගෝඨාභය ඇතුළු ඔක්කොම ගෙදර යැවිය යුතුයි.

:       1       9

sampath Monday, 20 December 2021 12:04 AM

ඇමැතිවරු මාරු කළාට වැඩක් නෑ... වැඩක් කරන්න පුළුවන් මිනිස්සු ළංකර ගන්න, සුදුස්සන් ළංකරගන්න, සැබෑ දක්ෂයන් ළංකරගන්න. එහෙම වුණොත් යන්තම් හරි ගොඩදාගන්න පුළුවන්... විශේෂයෙන් අායතන ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩලවලට ජාත්‍යන්තරය පිළිගත් ඉහළම සුදුස්සන් දාගන්න ඕනෙම නම් ඔය කේලම් කියන්න එක්කෙනෙක් විතර දාගන්න.

:       1       1

fairoos Monday, 20 December 2021 01:13 PM

මේවටත් හුරේ දාන කට්ටිය ඉන්නවනේ...!

:       0       1

chandima Tuesday, 21 December 2021 12:11 AM

වයසට ගිය කට්ටිය වෙනුවට ඒගොල්ලන්ගේ පුතාලව පත්කරගන්න යනවා වගේ...?

:       0       0

Nishan Pradeep Tuesday, 21 December 2021 01:33 AM

මුලින්ම මුදල් ඇමැතිව මාරුකරමු. ඉන්පස්සේ අගමැතිවත් මාරුකරමු. එතකොට ඉබේම රට හැදෙයි ජනාධිපතිතුමෝ...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොට්ටාවේ ඝාතනයට අයෙක් අල්ලයි
2025 මැයි මස 11 24 0

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී අපරාධ රැසකට සම්බන්ධ ’’ ඇඹිලිපිටියේ පොඩ්ඩා’’ නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨා


දිවයින පූරා දන්සැල් 8581 ක්
2025 මැයි මස 11 132 0

වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.


මෝල් ගස් පහරින් තරුණයා මරුට
2025 මැයි මස 11 745 0

රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි


විදුලි සභාපති ඉල්ලා අස්වේ?
2025 මැයි මස 11 4361 0

විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම


රම්බොඩ අනතුරේ මරණ 11 දක්වා ඉහළට
2025 මැයි මස 11 2165 0

කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 11 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 1008 0

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 923 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1415 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 368 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site