IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


ඇමැති බංගලා පිටරට සංචාරකයන්ට

(සුජිත් හේවාජුලිගේ)

ඇමති බංගලාවලින් අඩක් පමණ විදේශ සංචාරකයන් වෙනුවෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.

පෞරාණික වටිනාකම් සහිත ඇමැති බංගලා ඒ සඳහා වෙන් කෙරෙනු ඇතැයි පැවසූ හෙතෙම මෙමගින් ලොකු ආදායමක් උපයාගත හැකි වෙතැයි අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

මේ අතර ඇමැති බංගලා සම්බන්ධයෙන් විශේෂ සමීක්ෂණයක් ආරම්භ කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එම ඇමති බංගලා අයත් අමාත්‍යාංශ මොනවාද සහ එම බංගලා වලට අයිතිය දේපළ මොනවාද ඇතුළු කරුණු කාරණා රැසක් මෙහිදී සොයා ගැනීමට නියමිතය.

මේ අතර රජයේ සේවකයන් වෙනුවෙන් ලබා දී ඇති බංගලා ඔවුනට දිගටම ලබාදීමට අපේක්ෂා කරන බව අමාත්‍යාංශය පවසයි.

ඇමතිවරුන් වෙනුවෙන් කොළඹ වෙන්කර තිබූ බංගලා සංඛ්‍යාව 35කි.

 



අදහස් (8)

ඇමැති බංගලා පිටරට සංචාරකයන්ට

Nishan Saturday, 21 December 2024 09:04 AM

ඇයි පිටරට අයට විතරක්? දේශීය අයටත් දෙන්නකෝ? ඇයි වෙනස්කමක්? කොහොමත් ලංකාවට එන සංචාරකයෝ ලොකු ගණන් ගෙවලා ඉන්න ලෑස්ති අය නෙවෙයි. එහෙම ලෑස්ති ලෑස්ති අතලොස්සට ඉන්න තරු පහේ නවාතැන් හෝටල් ඕනතරම් තියෙනවා.

:       6       36

සදුෂSunday, 22 December 2024 12:18 PM

ඒකෙ තේරුම විදේශ විනිමය රටට ගේන්න ඕනේ එකයි. නිකම් මේ රටේ රුපියල් වලින් සල්ලි හම්බ කරලා වැඩක් නෑනේ, ණය ගෙවන්න තියෙන්නේ රුපියල් වලින් නෙමේනේ...

:       0       3

Sugath Saturday, 21 December 2024 09:15 AM

එය විදේශිකයන්ට සීමා නොකරන්න. ගෙවීමට හැකියාව ඇති ඕනෑම කෙනෙකුට වෙන්කරවා ගැනීමට හැකි විය යුතුය...

:       0       39

Bunny Preena Saturday, 21 December 2024 10:03 AM

සංචාරක මණ්ඩලයේ වෙබ් අඩවියට දැම්මා නම් හොඳ ඉල්ලුමක් තියේවි අනිවාර්යයෙන්ම.

:       13       25

රම්බොඩ Saturday, 21 December 2024 11:20 AM

දේශීය සංචාරකයන් සඳහා ද එම අවස්ථාව උදාකර දෙන්නේ නම් මැනවි යැයි සිතමි.

:       2       30

SIRI Saturday, 21 December 2024 04:05 PM

දීල විතරක් මදි. ඒවා නිසි පරිදි නඩත්තු කරන්නත් අවශ්‍ය පහසුකම් සහිතව පවත්වාගෙන යන්නත් ඕනෑ. සංචාරකයෝ එන්නේ අපට පිහිටවෙන්න හිතාගෙන නොවේ. වියදම් කරන මුදලට හරියන අන්දමට හොඳ නිවාඩුවක් ගත කරන්න බලාගෙනයි. ලංකාවේ අයටත් දුන්නට කිසිම වරදක් නැහැ.

:       0       18

Nayomi Saturday, 21 December 2024 11:59 PM

අදහස නම් හොඳයි... ලංකාවේ අයටද ඒ පහසුකම් සැලසේනවා නම් හොඳයි. සංචාරකයින් සඳහා වෙන්කරද්දී අපේ අයටද එහි රැකියාවන් සලසා දෙන්නට පුළුවන්.. cleaning staf එකක් සහිතව දීමෙන් අපේ ජනතාවටද රැකියා ලබා දිය හැකියි.

:       0       2

de silva berlin Sunday, 22 December 2024 08:42 AM

ඕවා ටුවරිස්ට් බෝර්ඩ් එක මගින් පාලනය කරන්න ගියොත් අපේ තානායම් වලට ලබපු කල දසාවම ලබාවි... අන්තිමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය වගේ අපේ බදු මුදලින් නඩත්තු වෙන සුදු අලි බවට පත්වේවි. ඕවා ටෙන්ඩර් කැඳවලා වසර 5ක පමණ කාලෙකට දැඩි කොන්දේසි සහිතව පුද්ගලික අංශයට බදු දෙන්න.. එහෙම කලොත් ආදායමක් ලැබේවි. ඕවා දෙන්නේ විදේශික සංචාරකයින්ට පමණක් කියලා සීමා කිරීම... අපේ රටේ ව්‍යවස්ථාව සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස දකිමි. අදාල මුදල ගෙවනවා නම් ශ්‍රී ලාංකිකයින්ටත් පුළුවන් වෙන්න ඕනේ ඕකේ ඉන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

විදෙස් චිත්‍රපටවලට ට්‍රම්ප්ගෙන් බදු
2025 මැයි මස 05 140 0

විදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100


කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථාන නිලධාරීන් අපහසුතාවයට
2025 මැයි මස 05 512 0

කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටී කළුතර තිස්ස ජාතික පාසලේ ප්‍රමාණවත් පරිදි කූඩාරම් ඉදිකර නොතිබීම සහ අසුන් පනවා නොතිබීම හේතුවෙන් පැමි


මාදිවෙල බංගලා සැප මදි : හදන්න සල්ලිත් මදි
2025 මැයි මස 05 720 2

මාදිවෙල මන්ත්‍රී බංගලා රැසක් අබලන්වීමෙන් මන්ත්‍රීවරුන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


කතානායක බංගලාවේ වියදම් භාගයක්ම කපයි
2025 මැයි මස 05 756 2

කතානායක නිල නිවසේ ආහාර පාන ඇතුළු වියදම් සියයට පනහකින් පමණ කපා දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


ජන්ද මධ්‍යස්ථාන 13759 ක් සකස් කිරීම අද ඇරඹෙයි
2025 මැයි මස 05 147 0

පලාත් පාලන ආයතන 339 ජන්ද විමසීමට අදාළ ජන්ද මධ්‍යස්ථාන සකස් කිරීම අද (5) පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ජනාධිපතිට කළ චෝදනා හොයන්න කියන්න ජවිපෙ මහ රෑ සී.අයි.ඩී යයි
2025 මැයි මස 05 1954 4

ජනාධිපති අනුර දිසානායක මහතා ග්‍රීසියේ දැවැන්ත මුදල් ආයෝජනයක් කර ඇති බවට ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුව මහතා කළ චෝදනාව සම


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 681 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 175 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1207 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site