IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ඇමැති නම විකුණූ ලේකම් අල්ලයි

ජ්‍යෙෂ්ඨ ඇමැති මහාචාර්ය තිස්ස විතාරණගේ සම්බන්ධීකරණ ලේකම් බව කියන සුගත් රත්නවර්ධන නම් පුද්ගලයා රැකියා දෙන බව කියමින් 2011 සිට සෑහෙන පිරිසකගෙන් මුදල් වංචා කර ඇතැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේ දී අද කියැවිණි. ඇමැති තිස්ස විතාරණ මහතා 2011 දී ඔහු ගැන පොලිස්පතිට කළ පැමිණිල්ලක් අනුව ඇහැලියගොඩ දී අත්අඩංගුවට ගන්නා විට ඔහු බොරු අංක තහඩුවක් යෙදූ කාරයකින් ගමන් කැර ඇත. ලංකා සමසමාජ පක්ෂයේ ලිපි ශීර්ෂ යොදා ගනිමින් වරායේ, ටෙලිකොම්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ රැකියා දෙන බව කියමින් මුදල් වංචා කැර ඇතැයි පොලිසිය, මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාට දැන්වීය. කුරුවිට බන්ධනාගාරයේ රිමාන්ඩ් කර සිටින ඔහු ලබන 12 වැනි දා ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත් නියෝග කෙළේය.



අදහස් (0)

ඇමැති නම විකුණූ ලේකම් අල්ලයි

උදයංග Friday, 07 September 2012 05:44 PM

ලංකාව එන්න එන්නම අගාදයට යනවා (දී)

:       0       0

ආරි Friday, 07 September 2012 05:40 PM

හොද වැඩ මේවා (දී)

:       0       0

සිල්වා Saturday, 08 September 2012 11:26 AM

ඔය කොයි කව්රුත් ඔහොම තමයි (දී)

:       0       0

ලලිත් - කටාර් Friday, 07 September 2012 06:36 PM

ඔය ලේකම් අපි පත්කර ගත්ත කෙනෙක් නෙමෙයිනේ. ඇමතිතුමාමනේ පත් කරගන්න ඇත්තේ. (නි)

:       0       0

අභය - ගම්පහ Friday, 07 September 2012 07:10 PM

ලේකම් නෙමෙයි ගම්පහ පැත්තේ කප්පම් ගන්න ඇමතිකෙනෙක්ම ඉන්නවා..!!(නු)

:       0       0

මධු Saturday, 08 September 2012 01:43 PM

අහුවුණොත් කියන්නේ වෙන කෙනෙක් කරලා කියලා. අහුනොවුනොත් තමන් කළා කියනවා. අනේ මන්දා! (නි)

:       0       0

අමල් Saturday, 08 September 2012 01:52 PM

ඇයි අර කප්පම් ගත්ත කෙනාව අල්ලන්නේ නැත්තේ? (නි)

:       0       0

ඩී.එස්.සිල්වා Friday, 07 September 2012 09:09 PM

මේව‍ගේ තව කෙනෙක් ඉන්නාව බෙල්ලන්විල පැත්තේ..ලක්ෂ දෙකක් ගන්නවා මුලින්ම.. පස්සේ මොනවා හරි කිය කිය මග හරිනවා..!!(නු)

:       0       0

ප්‍රේමලාල් Saturday, 08 September 2012 02:39 AM

කොහොමද වැඩේ? (නි)

:       0       0

සරසි Saturday, 08 September 2012 05:03 PM

ඇමති නම විකුණූ ලේකම් අත්අඩංගුවේ.. ලේකම් පත් කළ ඇමතිට මොකද කරන්නෙ..!!(නු)

:       0       0

වරුණ Saturday, 08 September 2012 09:34 AM

සම්බන්ධීකරණ ලේකම් කියලා සමහර කට්ටියක් ඉන්නවා රැකියා ලබාදෙනවා කියලා ජනතාව රවට්ටලා මුදල් ලබා ගන්නවා..!!(නු)

:       0       0

නිලන්ත Saturday, 08 September 2012 09:43 AM

ඇත්තටම මේ අය සල්ලි අරන් රස්සා දෙන්නේ නැද්ද ? (ස)

:       0       0

පනාගොඩ Friday, 07 September 2012 05:41 PM

කොහොම හරි වැඩේ වෙනවනේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 498 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 307 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site