IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ඇමතිවරු පහක් තවමත් මන්ත්‍රී නිවාසවල

(සුජිත් හේවාජුලිගේ )

රාජ්‍ය ඇමැතිවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් තවමත් ඉවත්ව ගොස් නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු ප්‍රධානියකුගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මඟින් නිල නිවාස මෙතෙක් ලබාදී නැති හෙයින් එම රාජ්‍ය ඇමැතිවරුන් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ මෙසේ තවදුරටත් රැඳී සිටින බවයි .

මේ රාජ්‍ය ඇමැතිවරුන්ට ලබාදීම සඳහා නිල නිවාස කිහිපයක් පිළිසකර කරගෙන යන බව පළාත් පාලන අමාත්‍යාංශ ප්‍රධානීන් දැනුම්දී ඇතැයිද ඔහු සඳහන් කළේය.

මේ අතර මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවල කාලයක් තිස්සේ රැඳී සිටි රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනෙකු ඒ නිවාසවලින් පසුගිය දිනවල පිටව ගොස් ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

එසේම පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් සියලු දෙනාද මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් මේවනවිට ඉවත්ව ගොස් ඇතැයි දැනගන්නට ඇත .

 



අදහස් (1)

ඇමතිවරු පහක් තවමත් මන්ත්‍රී නිවාසවල

එච් එම් ගුණවර්ධන Tuesday, 13 July 2021 05:10 PM

නිල නිවසක් නොමැති නම් ගැටළුවක් තියනවා. නමුත් මන්ත්‍රී නිල නිවසේ රාජ්‍ය ඇමතිවරු තවම ඉන්නවා කියන්නේ ඇමති නිල නිවාස නොලැබුණු නිසා... ඒ කියන්නේ මන්ත්‍රී නිල නිවාස රාජ්‍ය ඇමතිවරුන්ට සුදුසු නැතිද?. මේ හීනමානය සහ නිලධාරී වාදය නිසා තමයි අපේ රට මේ තත්වයට පත්වෙලා තියෙන්නේ. අලුතින් ආණ්ඩුවක් පත්වුණාම කලින් ආණ්ඩුවේ කට්ටිය පාවිච්චි කළ කාර්යාල වාහන නිල නිවාස අලුත් කට්ටියට පාවිච්චි කරන්න බැහැ. එයාලට අලුතින් ඕනෑ. මේ විකාර විනාශකාරී වැඩ නවතින දවසක අපට ඉදිරි ගමනක් තියෙයි.

:       15       61

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site