IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ඇමතිවරුන්ට මැති සබයේ අසුන් පැනවීම පමාවෙයි

(සුජිත් හේවාජුලිගේ )

අලුතින් පත්වූ ඇමැතිවරුන්ට   පාර්ලිමේන්තු සභාගර්භයේ අසුන් පැනවීම  පමා කිරීමට  පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.

ඇමැතිවරුන් තවත් පිරිසක් දිවුරුම්දීමට නියමිතව සිටින හෙයින් සියලුම දිවුරුම්දීම්  අවසන්වීමෙන් පසුව  අසුන් පැනවීමට බලාපොරොත්තු වන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය.

එසේ නැතහොත් වරින් වර අසුන් වෙනස් කිරීමට( පැනවීමට) සිදුවීමෙන් විවිධ  අපහසුතා මතුවන බවද හෙතෙම සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක්ද  ඉදිරි දිනවල දිවුරුම්දීමට  නියමිතය.

අලුතින් පත්වූ ඇමැතිවරුන්ට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන්  වෙන් කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය බව  පාර්ලිමේන්තු නිලධාරීහු පැවසූහ.

දේශපාලන කලබල මැද වරින් වර සිදුවූ ඇමැති තනතුරුවල වෙනස් වීම් නිසා  පාර්ලිමේන්තු සභාගර්භයේ  අලුතින් ආසන පැනවීම්  පසුගිය සති කිහිපය මුළුල්ලේම සිදු කෙරිණ.



අදහස් (0)

ඇමතිවරුන්ට මැති සබයේ අසුන් පැනවීම පමාවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 209 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 708 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 136 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site