IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


‘‘ඇමතිගේ කතාවෙන් වී මිල ඉහළ ගියා‘‘

(තිලකරත්න දිසානායක)

ඉදිරියේදී රට තුල සහල් හිගයක් ඇති වන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා  කළ ප්‍රකාශය මත කැළඹීමට පත් ජනතාව වී තොග රැස් කිරීම හේතුවෙන් මේ වනවිට කිලෝ 64 ක වී මිටියක මිල රුපියල් 10,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණයේ මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී.කේ.රංජිත් මහතා පවසයි.

මේ වනවිට කුඩා මෝල් හිමියන් සතුව වී තොග නොමැති බව සදහන් කළ සභාපතිවරයා , බොහෝ දෙනා වී රැස් කිරීම හේතුවෙන් නාඩු සහ සම්බා වී මිල ඉහළ යාම මත ප්‍රවාහන ගාස්තු ඇතුලු සියලු වියදම් සමග කිලෝ 64 ක වී මිටියක් මරදගහමුලට ලැබෙන විට රුපියල් 10,350 ක් වන බවත් මේ අනුව අද වනවිට නාඩු සහල් කිලෝවක් රුපියල් 290 ක තොග මිලකට අලෙවි කිරීමට සිදුව ඇති බවත් සභාපතිවරයා පෙන්වා දෙනු ලැබීය.

පවතින තත්ත්වය අනුව රජයේ පාලන මිලට සහල් ලබාදීම කළ නොහැකි බව පෙන්වා දුන් සභාපති රංජිත් මහතා, රට තුල සහල් හිගයක් ඇති වීමට හේතුවක් නොමැති බවත් ඉදිරි මාස තුනක කාලයක් සදහා අවශ්‍ය තරම් සහල් තොග පවතින බවත් පැවසූ අතර පොහොර අවශ්‍ය පරිදි නොමැති වුවද වර්ෂාව ලැබීම මත ගොවීන් කුඹුරු අස්වැද්දීම හේතුවෙන් යල කන්නයේ අස්වැන්නද ඉදිරියේදී ලැබෙන බැවින් බියවිය යුතු තත්ත්වයක් නොමැති බවත් පැවසීය.

රට තුල සහල් හිගයක් ඇති වන බවට ජනතාව කැළඹීම හේතුවෙන් වී රැස් කිරීමට යොමුවීම මත වී තොග පවතින ප්‍රදේශවල සිට දුම්රියෙන් විශාල වශයෙන් විවිධ ප්‍රදේශයන්ට ගෙන්වන තත්ත්වයක්ද පවතින බවද සභාපති රංජිත් මහතා පෙන්වා දෙනු ලැබූ අතර මේ බව දුම්රිය ස්ථාන මගින්ද තහවුරු විය.

 



අදහස් (3)

‘‘ඇමතිගේ කතාවෙන් වී මිල ඉහළ ගියා‘‘

කිරි පුතා Monday, 13 June 2022 03:09 PM

පාර්ලිමේන්තු ගිය අය ඔහේ කතා පවත්වනවා. රටේ අනෙක් හැමකෙනාම කරන්නේ කූඨ විදිහට හම්බ කරන්න හදන එක. නැත්නම් තමන්ට හැකි පමණින් හොරකම් කරන එක. මේ රට හදන්න නම් ඉස්සෙල්ලාම තද නීති ගෙනැල්ලා ඒවා ක්‍රියාත්මක කරන්න ඕනෑ.

:       0       32

Praba Monday, 13 June 2022 04:53 PM

අගමැතිතුමාත් ඔය කතාව කිව්වානේ...

:       0       15

Rohana Monday, 13 June 2022 06:45 PM

යම් දෙයක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කතාකරන විට එම ප්‍රකාශය නිසා සමාජයට වියහැකි ප්‍රතිවිපාක පිළිබඳ මනා ඇගයීමක් කර එවැනි ප්‍රකාශ කළයුතුද? නැද්ද? යන්න තීරණය කළයුතුයි. වී මිල අනවශ්‍ය ලෙස ඉහළ යාමට මේ ප්‍රකාශ හේතුවන්නට ඇතැයි සිතිය හැක...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 522 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2252 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1683 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site