(සුජිත් හේවාජුලිගේ)
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු දෙසීයකට වැඩි සංඛ්‍යාවක් කලක් තිස්සේ නොපිරවීම හේතුවෙන් ඒවායේ වැඩ කටයුතුවලට විශාල වශයෙන් බාධා මතුව ඇතැයි වාර්තා වේ.
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 100ක්ද නීතිපති දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 120 ක්ද මෙලෙස පවතින බව අධිකරණ අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වාර්තා සම්බන්ධයෙන් බරපතළ ගැටලූ පවතින බවත් පොලීසිය එම දෙපාර්තමේන්තුවට එවා ඇති වාර්තා 3776 ක් අතරින් හෙරොයින් ග්‍රෑම් 5කට වැඩියෙන් අඩංගු සාම්පලවලට අදාල වාර්තා ඇත්තේ තුනක් පමණක් බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
පොලිසිය කිසිදු මත්ද්‍රව්‍යක් අඩංගු නැති සාම්පල 209ක් රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවට එවා ඇතැයිද මේ එක් සාම්පලයක් සඳහා එම දෙපාර්තමේන්තුවට රුපියල් 20,000 ක පමණ මුදලක් වැය වන්නේ යැයිද ඔහු කීවේය.
සමහර පොලිස් ස්ථාන හිතාමතාම මෙවැනි දේවල් එවනවා දැයි සැකයක් මතුවන බවද අමාත්‍යවරයා පැවසුවේය.
පොලිසියට නඩුවක් කල් දාන්න අවශ්‍ය නම් ඔවුන් කරන්නේ සෑම ලිපි ගොනුවක්ම නීතිපති දෙපාර්තමේන්තුවට යවන එක බවත් මේ හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ ඔරොත්තු නොදෙන ලිපිගොනු සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බවත් ඔහු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇබෑර්තු දෙසීයක් පුරවා නෑ: නීතිපති රස පරීක්ෂක අංශ දෙකේ වැඩ අඩාලයි
ravin Saturday, 08 July 2023 12:08 PM
අනේ මන්දා... මෙරට උපාධි ධාරීන් දහස් ගාණක් විරැකියාවෙන් පෙළෙනවලු...
කේ.රජිත් රේණුක Wednesday, 29 November 2023 08:11 AM
සර් මම බහුකාර්ය දෙපාර්තමේන්තුවේ තාවකාලික අනුයුක්තව දැනට සේවය කරමි... පුරප්පාඩුව වන කාර්යාල සහායක සඳහා මාව සම්මුඛ පරීක්ෂණය සඳහා යොමුකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.