IMG-LOGO

2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා


ඇප සම්පූර්ණ කළ කෙහෙළිය පවුල එළියට

(රෝෂන් තුෂාර)

ඇප කොන්දේසි සපුරා ගත නොහැකිව රක්ෂිත බන්ධනාගාර ගතවූ  හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල  මහතා ඇතුළු තිදෙනාගේ  ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට සැකකාර පාර්ශවය අද කටයුතු කර ඇත.

රුපියල් කෝටි නවයකට අධික මුදලක් සහිත සැක කටයුතු බැංකු ගිණුම් 16 ක් පවත්වාගෙන ගියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  මුදල් විසුද්ධිකරණ පනත ප්‍රකාරව  සැකකරුවන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද ඇප මත මුදාහැරිනි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය එක් සැකකරුවෙකුට රුපියල් 50000 බැගින් මුදල් සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුන බැගින් නියම කළාය.

ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවටද සියලු ඇප කොන්දේසි සපුරාලීමෙන්  පසුව සැකකරුවන් මුදා හරින ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය  නියෝග කළාය.

කෙසේ වෙතත් ඊයේ පස්වරුව වන තෙක් සියලු ඇප කොන්දේසි සපුරා ගත නොහැකි වූ සැකකරුවන් බන්ධනාගාරය වෙත රැගෙන යාමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළේය.

සැකකාර පාර්ශවය අද දින අධිකරණයට ඇප කොන්දේසී සපුරාලීම මේ වන විට සිදු කර ඇති අතර අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මුදා හැරීමට නියමිතය.



අදහස් (1)

ඇප සම්පූර්ණ කළ කෙහෙළිය පවුල එළියට

ගමේ එකාලා Thursday, 19 June 2025 03:38 PM

බලයේ හිටපු කාලේ මහා පරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා හම්බ කරගත්තූ විදියට කොහොම ගෙවන්ඩ බැරිද? බාල බෙහෙත් දීලා අහින්සක ලෙඩ්ඩු බිල්ලට දීපු අයට සාප වෙනවා.

:       1       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1906 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 602 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 691 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site