IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඇප මදිවී තංගලු සභාපතිටත් මුල සිටම තංගලු යන්නවේ

තංගල්ල හෝටලයක දී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂේක් ෂමාන් මරා ඔහුගේ හිතවතිය වූ වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රෝනා කෙළෙසීයැයි කියන නඩුවේ   සැකකරුවන් පස්දෙනා වෙනුවෙන් ඉදිරිපත් කැරුණු ඇපකරුවන් සතුව රුපියල් පන්ලක්ෂක වත්කම් නැති නිසා ඔවුන් ඇපකරුවන් ලෙස නොපිලිගන්නා බව කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය අද තීරණය කළාය.

රුපියල් පන්ලක්ෂයකට වැඩි වත්කම් ඇති සහ සැකකරුවන්ට වඩා ඉහළ තනතුරක් දරන ඇපකරුවන් ඉදිරිපත් කර‍න තෙක් අද පස්වරු දෙක වනතුරු තංගල්ල ප්‍රාදේශීය සභාපති සම්පත් විදානපතිරණගේ  ඇතුළු සැකකරුවෝ බන්ධනාගාරයේ රඳවා තබන ලෙස ද විනිසුරුවරිය විසින් නියෝග කරනු ලැබූහ.



අදහස් (0)

ඇප මදිවී තංගලු සභාපතිටත් මුල සිටම තංගලු යන්නවේ

රසික Monday, 02 December 2013 03:56 PM

මේ වගේ එවුන් හින්ද ලංකාවේ නමත් කැත වෙනවා. මුන් එල්ලන්නම ඕන. (ස)

:       0       0

කුමාර් Monday, 02 December 2013 04:02 PM

මේ තමයි හලෝ ධර්මඃ ද්වීපය (ස)

:       0       0

පහන් මඩුගල්ලේ Monday, 02 December 2013 04:11 PM

මෙයාව ආයුධ හොයන්න ගෙනියන්නේ නැද්ද ? වෙඩි තියපු ආයුධය නම් හංගල ඇති. (නදී)

:       0       0

පහන් මඩුගල්ලේ Monday, 02 December 2013 04:11 PM

මෙයා ව ආයුධ හොයන්න ගෙනියන්නේ නැද්ද ? (ස)

:       0       0

අමිල - කටුනායක Monday, 02 December 2013 04:11 PM

නත්තලටත් ඔහොමම තියමු. (ස)

:       0       0

තිලක්-ඩුබායි Monday, 02 December 2013 09:51 PM

ලෙස්ලි ජයවර්ධන 2013-12-02 13:20:48 මේ නඩුව අහන හැටි මුළු ලෝකයම බලා ඉන්නවා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 02 December 2013 09:52 PM

දැන් ඉතින් සංචාරකයන් ලක්ෂ දෙක නෙමෙයි ලක්ෂ 10ක්ම ඒවි (නි)

:       0       0

අමිල Tuesday, 03 December 2013 08:35 AM

ලංකාවේ වෙන දේවල් එක්ක මේක ඉතා සුළු දෙයක්. (නදී)

:       0       0

සාරසී Monday, 02 December 2013 04:13 PM

ඔය මිනිහගේ තනතුර තවම තියෙනවද. රට කනවා. ආහ... ඒකටනේ පළාත් සභා වට ඇවිත් තියෙන්නේ. (ස)

:       0       0

ජනිත් Tuesday, 03 December 2013 09:16 AM

ඔයාල කියන ඒවා කරන්න බැහැ අද දේශපාලනයට.(නදී)

:       0       0

අමිල් Monday, 02 December 2013 12:54 PM

මෙන්න දැන් කාලේ වැඩ.(නදී)

:       0       0

උපාලි Monday, 02 December 2013 12:58 PM

මෙයා හිතන් හිටියේ එයාට වඩා ඉහල කෙනෙක් නැහැ කියලනේ. ඉතින් කොහොමද ඇප දෙන්න 'වඩා ඉහල' කෙනෙක් හොයා ගන්නේ? අනේ අහිංසක දුප්පත්තු. (ස)

:       0       0

ගිම්හාණි Monday, 02 December 2013 01:16 PM

මේ මිනීමරුවන්ට ඇප දෙන්න එපා. නඩුව ඉවර වෙනතුරු රිමාන්ඩ් කරලම තියන්නයි තියෙන්න ඕනා.(නදී)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Monday, 02 December 2013 01:20 PM

මේ නඩුව අහන හැටි මුළු ලෝකයම බලා ඉන්නවා. (ස)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Monday, 02 December 2013 01:20 PM

මේ නඩුව අහන හැටි මුළු ලෝකයම බලා ඉන්නවා.(නදී)

:       0       0

නලීන් Monday, 02 December 2013 06:34 PM

ආයුධ පෙන්නන්න යන්නේ නැද්ද එයාලා? (නි)

:       0       0

ගමේකොල්ලා Monday, 02 December 2013 01:21 PM

මේ වගේ අයට ඇප දෙන්න එපා. එලියට ගියත් කරන්නේ ඔය වැඩම තමයි. (ස)

:       0       0

ප්‍රසන්න Monday, 02 December 2013 01:34 PM

නඩු ඉක්මනින් අසා දඩුවම් දිය යුතුය. .එල්ලුම් ගස ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු දෙයකි .(නදී)

:       0       0

දයා අලහාකෝන් Monday, 02 December 2013 01:35 PM

අර උත්තමයට තුමාට තමයි මෙයාට ඇප දෙන්ඩ වෙන්නේ.(නදී)

:       0       0

මධු Monday, 02 December 2013 01:40 PM

කව්රුත් නොයන්නයි තියෙන්නේ ඇප දෙන්න . (නදී)

:       0       0

අමිල Monday, 02 December 2013 01:40 PM

රටේ නම කෙලෙසු මේ අයව එල්ලුම් ගස් යැවිය යුතුයි.(නදී)

:       0       0

ඒඑස්ඩී Monday, 02 December 2013 01:44 PM

මේ වගේ අයට ඇප දෙන්නෙත් මේ වගේ අයම තමා. (ස)

:       0       0

ලාල් සුරන්ජිත් Monday, 02 December 2013 01:52 PM

කෝ මෙයාගේ අර කියන ලොක්කෝ ටික ඒ කට්ටියෙන් එක්කෙනෙකුට මෙයා වෙනුවෙන් පෙනී සිටින එක පොඩි දෙයක් නේ. අයියෝ ඉක්මනට එන්න කියන්න නැත්නම් කෝල් එකක්වත් දෙන්න කියන්න.(නදී)

:       0       0

දිනේෂ් Monday, 02 December 2013 01:52 PM

හිනා යනවා අදහස් දැක්කම. ඔයාල හිතන දේවල් නඩු තීන්දුවෙන් ලැබෙන්නේ නැ,ඉවසගෙන ඉන්නකෝ (නදී)

:       0       0

මොහාන් Monday, 02 December 2013 02:01 PM

සසිරිබර මෙසිරිලක, නඩුව ඉවර වෙනකම් අදහස් පල නොකරමි. නිකම් සවුත්තු වෙන්න බැරි නිසා. (ස)

:       0       0

පිටබැද්දර ජයා Monday, 02 December 2013 02:03 PM

ඕක ඇතුලේ ඉන්න කොට නම් හිතෙනවා ඇති අනේ මනුස්ස කමට හිටිය නම් හොඳයි කියල නේද සබාපති තුමෝ? (ස)

:       0       0

කුසුම් Monday, 02 December 2013 07:48 PM

ලෝකෙන් උතුම් රටේ ලොකු ලොකු අය කරන මේ වගේ සුළු සිද්ධි වලට, හංගපු ආයුධ හොයන්න පොලිසියේ මහත්වරුන් නිකරුනේ කැලෑ වලටරිංගන්නේ මොකටද? මට නම් සැක හිතෙන්නේ, මෙයාල කට්ටිය එකතුවෙලා, පොලිස් මහත්තුරුන්ව කැළයේ සඟවා තිබෙන ආයුධ හොයන්න කැඳවා ගෙන යයිද කියලයි??? (නි)

:       0       0

සිරියලතා කෙන්ය Monday, 02 December 2013 02:47 PM

අපෝ මෙයාලව බේර ගන්න ඕන තරම් අය එයි. (ස)

:       0       0

දර්ශා Monday, 02 December 2013 03:03 PM

කව්රු අතිනුත් වැරදී වෙනවානේ ,මෙයාලට මැරුණු හා දුෂනය වුන අයගේ පව් වලින් සමාව අරන් සාදාරණ මුදලක් අරන් නිදහස් කළ යුතුයි. නැත්නම් දේශපාලනය කරන්න සුදුස්සෝ හොයන්න වෙයි.(නදී)

:       0       0

චතුර Tuesday, 03 December 2013 07:41 AM

ඇප දෙන්න එපා ඔවුන්ට (නි)

:       0       0

මොහාන් Monday, 02 December 2013 03:23 PM

දර්ශා , මේ සභාපති ඔයාගේ දුවෙක් දුෂණය කළා නම් ඔයා කීයක් ගන්නවද සමාව දෙන්න ?(නදී)

:       0       0

චතුල වෙරෝනා Monday, 02 December 2013 03:24 PM

ඈප දෙන්න යන අයව ආයුධ පෙන්වන්න ගෙනියන්න ඕනා. මෙච්චර ජඩ වැඩක් කරලත් රටේ නම කාලත් තව ඈප.(නදී)

:       0       0

වෙදමහත්තයා Monday, 02 December 2013 03:26 PM

මුන් ටිකට ඇප නොදී නඩුව ඉවර වෙන තුරු රිමාන්ඩ් බාරයේ තිබ්බා නම් කාටවත් කරදරයක් නැහැ. මිනි මරපු, ගැහැණුන් කෙලෙසපු අයට ලක්ෂ 5 කියන්නේ පොඩි ගානක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site