IMG-LOGO

‘ඇප මුදල් මැතිවරණ කටයුතුවලට ගන්න පුලුවන් ‘

 (ජේ.කේ.එල්. චාමින්ද සහ රවි ලියනගේ)

ඇපමුදල් ලෙස තැන්පත්කොට ඇති රුපියල් මිලියන 186ක මුදල මැතිවරණ කටයුතු සදහා  මහා භාණ්ඩාගාරය  හරහා මැතිවරණ කොමිසමට ලබාදිමට මැතිවරණයට ඉදිරිපත්ව සිටින  දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම්වලට  ඉඩකඩක් පවතින බැව් ෆැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා ගාල්ලේ දි පැවති මාධ්‍ය හමුවකදි සදහන් කළේය.

රජය මැතිවරණය කල්දැමිම සදහා ගන්නා  උත්සාහය පරාජය කිරිම සදහා  දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම් විසින් ඇප වශයෙන් තැන්පත්කොට ඇති මුදල නිත්‍යානුකුල අයුරින් මැතිවරණ කොමිසමට ලබාදිය හැකි බවද හෙතෙම පවසයි.

මේ පිළිබද අදහස් දක්වමින් රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙසේද කිවේය.

මැතිවරණය සදහා තරග වදින සියලු දේශපාලන පක්ෂ හා ස්වාධින  කණ්ඩායම් මේ සදහා  එකගනම් දිවුරුම් ප්‍රකාශයක් මගින් නිත්‍යානුකුල ආකාරයට  ඇපමුදල් තමන් ආපසු ලබා නොගන්නා බවට තහවුරුවක් දිලා රජයේ ගිණුමෙන් මැතිවරණ කොමිසම් සභාවට බැරකරණ ලෙස ඉල්ලිමක් කරන්න පුළුවන් . එහෙම වුනොත් මිලියන 186 මුදල මැතිවරණ කොමිසම් සභාවට මැතිවරණ කටයුතු සදහා ලබාගන්න පුළුවන්.

ඉතිහාසයේ පළමු වතාවට තමයි මුදල් මත මැතිවරණයක් ප්‍රමාදවෙලා තියෙන්නේ. ආණ්ඩුවක් නිතියෙන් බැහැරව මැතිවරණයක් වැලැක්විම සදහා උත්සාහදරපු  අවස්ථාවක් මිටපෙර වාර්තාවෙලා නැහැ. .



අදහස් (6)

‘ඇප මුදල් මැතිවරණ කටයුතුවලට ගන්න පුලුවන් ‘

fairoos Wednesday, 15 February 2023 02:11 PM

මොනව කරලත් වැඩක් නැහැ නන්දසේනව එලෙව්ව වගෙ රනිල් රාජප්කශලවයි එලවන්ඩ තමයි ඔනෙ.

:       15       15

sharm warn Wednesday, 15 February 2023 02:18 PM

අන්න හරි... අඩුගානේ ඔය පඩිය නවත්තලා හරි මැතිවරණය තියන්නම ඕනෑ. මේක යකාගේ මගුලක් වුණානේ... එයාලගේ නාඩගම් ඔක්කොටෝම සල්ලි තියෙනවා. රටේ වැදගත් දේවල්වලට සල්ලි නෑ. තව දිපල්ලකෝ බලය...

:       4       5

Try Wednesday, 15 February 2023 02:55 PM

මට තේරෙන්නේ නැහැ ෆැපරල් සංවිධානෙට තියෙන බලය මේ තරම් අදහස් ඉදිරිපත් කරන්න, එයාල හරි හෝ වැරදි.

:       8       11

Aravinda Monarawila Wednesday, 15 February 2023 03:47 PM

එක එහෙම කරන්න ඔන නැහැ, ආන්ඩුවක වගකීම තමයි නියමිත කලට හා වෙලාවට මතිවරන පැවැත්වීම.

:       3       5

Anura Wednesday, 15 February 2023 04:38 PM

ස්වාධීන නිරික්ෂකයෝ කියලා කියා ගන්නා අය ඇත්තටම ස්වාධීන නම් මෙවැනි මත ප්‍රකාශ කරන්න බෑ...

:       6       5

sharm warnWednesday, 15 February 2023 05:24 PM

ඒ කියන්නේ ඔයාටත් ඡන්දෙ තියන්න ඕනෑ නෑ... මේ කාලකණ්ණි කුපාඩි ටික ඔහොමම රට කකා හිටියට කමක් නෑ... එහෙමද?

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 511 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 690 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 280 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site