IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඇප මුදල් බාර නොගැනීම ගැටලුවක්

(නිමල කොඩිතුවක්කු)

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා මැතිවරණ කමිෂන් සභාව විසින් කැඳවා තිබෙන අවස්ථාවක මැතිවරණයට ඇප බාර ගැනීම නැවත දන්වනතුරු නවත්වන ලෙස සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට නියෝග කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

මෙය, සහමුළින්ම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කිරීමක් මෙන්ම,ජනතා පරමාධිපත්‍යයට එරෙහිව යාමක් බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මෙය සහමුලින්ම මන්දිර සහ මණ්ඩල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් යැයිද කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී අද (10)මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පැවසීය.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කළාට පසු මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රියාදාමය පවත්වාගෙන යාම මැතිවරණ කොමිෂන් සභාවේ වගකීමක් බවත්  විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

මැතිවරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීන්දුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන නීති විරෝධී තීන්දුවක් බවද ප්‍රේමදාස මහතා කීවේය. 

ජනතා පරමාධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීම උදෙසා ආණ්ඩුව ගනු ලැබූ මේ අන්තනෝමතික ක්‍රියාවලියට එරෙහිව මුළු රටම සමග පෙරට ඒමට සමගි ජන බලවේගය සූදානම් බවද ඒ මහතා තවදුරටත් පැවසීය.



අදහස් (8)

ඇප මුදල් බාර නොගැනීම ගැටලුවක්

Lal Tuesday, 10 January 2023 10:44 PM

අපිට මැතිවරණ අවශ්‍ය නැහැ... අපි මෙතන අරගල කරනවා

:       13       1

chandrasena gamage Tuesday, 10 January 2023 10:47 PM

අගේට පෙරට එයි...

:       0       1

Demuni Uduwara Wednesday, 11 January 2023 05:23 AM

විරෝධතා හෙටට කල් දැමිය යුතු නැත; මැතිවරණ කොමිෂන් සභාව විසින් නියම කර ඇති පරිදි අද සිටම ආරම්භ කර හෙට ඔබේ පක්ෂයේ නාමයෝජනා මැතිවරණ නිලධාරියාට ලබා දෙන්න. මේ අවස්ථාවේ තීරණ ගන්නේ මැතිවරණ කොමසාරිස් නමුත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාය. ජනාධිපතිවරයාගේ මෑත කාලීන තීරණ කිහිපයක් අනුව දෝෂාභියෝගයක් අත ළඟ බව මට හැඟේ!

:       0       6

Bamunuarachchi Wednesday, 11 January 2023 07:25 AM

කිසිම ගැටළුවක් නැහැ ගොයියෝ මේ අමාරු අවස්ථාවේ චන්ද තියන්න රටට සල්ලිනැත. උඹලා ටෙස් කරන්නේ උඹලට තිබෙන ජනතා කැමැත්ත. නැතුව පලාත්පාලනේ දින්නා කියක උම්බ්ලාට කරන්න පුළුවන් මගුලක් නැත. උඹලාගේ එෂ්පරිමන්ට් වලට රට බිලිදෙන්න පුළුවන් කමක් නැත. රටේ කැඩුණු කොන්දට දමා තිබෙන ප්ලාස්ටර් කපන්නේ කොන්ද හරිගියාම .එනිසා අතරමග චන්ද එපා. දෙන්දෙයක් කාලා ජෙප්පොත් එක්ක එකතුවෙලා හයියෙන් දොඩවලා බුදිය ගනිල්ලා. හීනෙනුත් දොඩවපල්ලා තෙමාගන්නේ නැතුව.

:       21       1

fairoosWednesday, 11 January 2023 02:13 PM

අනේ ලැජ්ජ නැද්ද අදහස් ලියන්ඩ..අද රට මෙ තත්වෙට පත්කරපු මෙ කාලකන්නි සෙට් එකටනම් හොදක් සිද්ධ වෙන්නෙ නැහැ.

:       0       1

Perera Wednesday, 11 January 2023 07:36 AM

ආයේ කවදාවත් මේ ආණ්ඩුව මේ රටේ චන්දයක් තියන්නේ නැති බව මෙයාට තේරෙන්නේ නැත්නම් ඒ ගැන කරන්නේ මොකද්ද කියලාවත් මෙයාට අවබෝධයක් නැත්නම් මෙයා රට නායකත්වයට සුදුසුද ?

:       9       5

Bunny Preena Wednesday, 11 January 2023 10:14 AM

කැබිනට් මණ්ඩලයට එහෙම කරන්න අයිතියක් තියෙනවද?

:       0       9

NamalWednesday, 11 January 2023 05:46 PM

මේක අපේ රට, අපේ ආණ්ඩුව, අපේ නීතිය හරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 617 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 757 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 319 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site