IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇප නැතිව කෝටි 1000ක් ණය දීලා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

නිවාස සංවර්ධන අධිකාරිය 2011 වසරේදී කිසිදු ඇපකරුවකු නොමැතිව රුපියල් කෝටි 1000කට අධික නිවාස ණය ලබාදී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.

මෙයට අමතරව එම අධිකාරියට 2015 වසරේදී අනවශ්‍ය පරිදි පුහුණු සේවකයන්ට 5296ක් බඳවා ගෙන ඇති බවද එහිදී තොරතුරු හෙළිවූ බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.

මෙම සේවකයන් සඳහා රුපියල් කෝටි 214 කට වැඩි මුදලක් වැටුප් හැටියට ගෙවා ඇතැයිද එම කමිටුව සඳහන් කළේය.

අධිකාරිය පසුගිය වසර පහේදී ලබා ඇති පාඩුව රුපියල් කෝටි 500 ක් බවද එහිදී තොරතුරු අනාවරණය විය.

මෙහිදී අදහස් දැක්වූ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජිව් සූරියආරච්චි මහතා පැවසුවේ 2011 වසරේදී උපහාර යනුවෙන් හඳුන්වමින් කෝටි 1000 ක පමණ ණය ලබාදී ඇති බවයි.

මේ ණයවලට ඇපවී ඇත්තේ අධිකාරියේ ගිණුම් ටික බවත් මෙලෙස ණය ලබාදීම අද අධිකාරියට ලොකු ශාපයක්වී ඇති බවත් ඔහු කීවේය. අධිකාරියට රුපියල් කෝටි 96කට ආසන්න මුදලක් අයවීමට ඇති බව පැවසූ සභාපති වරයා මේ තත්ත්වය යටතේ ආයතනය ලාභ ලබන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

එම කාලයේදී වැඩිපුර ණය දී ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට බවත් බඳවාගත් සේවකයන්ගෙන් වැඩි පිරිසක්ද එම දිස්ත්‍රික්කයේ අය බවත් මෙහිදී තොරතුරු අනාවරණය විය. පසුගිය 2011 වර්ෂයේදී කොළඹ කළුතර මොණරාගල ජනතාවට වැඩි වශයෙන් ණය ලබාදී ඇතැයිද එහිදී සඳහන් විය.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (17) රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

 



අදහස් (5)

ඇප නැතිව කෝටි 1000ක් ණය දීලා

Pali Wednesday, 18 October 2023 08:39 PM

විමල් වීරවංස සහ සජිත් ප්‍රේමදාස.

:       0       11

පැරකුස් Wednesday, 18 October 2023 08:49 PM

කාටද මේ කියන්නෙ? නිකං කාලයයි ශ්‍රමයයි අපේ බදු මුදලුයි නාස්ති නොකර තමුන්ගෙ වැඩක් බලාගත්තනම් කරකද?

:       0       4

Perera Thursday, 19 October 2023 03:28 AM

ඒ කාලේ හිටපු නිවාස ඇමැතිගේ සහ අනෙකුත් දේශපාලන බලපෑම් මත දීපු ණය වෙන්න ඕනෑ.

:       0       1

Saman Bandara Thursday, 19 October 2023 09:06 AM

ජයන්ත සමරවීර ඡන්දෙන් පැරදිල ඔකෙ සභාපති කාලෙ කරපු හපන්කම් තමයි ඔය. ඔව කරල තමයි එයා ඊලග චන්දෙන් දිනුවෙ.

:       0       7

Nimal Thursday, 19 October 2023 10:12 AM

දැන් සැපද

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site