IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


ඇපල්ගෙඩියේ සහායෙන් ගලේවෙල බලය ජාජබ අල්ලයි

(කාංචන කුමාර අරියදාස)

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පැහැදිලි ජයක් ලබා ගැනීමට කිසිදු පක්ෂයක නොහැකි වූ ගලේවෙල ප්‍රාදේශීය සභාවේ සභාපතිධුරයට ජාතික ජන බලවේගය පක්ෂයෙන් ඉදිරිපත් වූ ඉන්දික කරුණාරත්න මහතා තේරිපත් වූ අතර උපසභාපති ධූරයට ස්වාධීනව ඇපල් ගෙඩිය ලකුණෙන් ඉදිරිපත් වූ මොහොමදු මකීම් මහතා තෝරා පත් කර ගත්තේය.

මධ්‍යම පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස් කේ.පී.කේ. අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගලේවෙල සාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත් කර ගැනීම ගලේවෙල ප්‍රාදේශීය සභාවේ පීඩි ටී .බී .තෙන්නකෝන් අනුස්මරණ ශාලාවේදී අද පස්වරුවේ සිදු කෙරිණි.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ගළේවල ආසන 29යෙන් ආසන 14ක් ජාතික ජනබලවේගය පක්ෂයද, සමගි ජනබලවේගය සභික ආසන හතක්ද, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ ආසන තුන බැගින්ද, සර්වජන බලය පක්ෂය සහ ස්වාධීන කණ්ඩායම එක එක් සභිග ආසනය බැගින් දිනා ගත්තේය.

නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගය පක්ෂය නියෝජනය කළ ඉන්දික කරුණාරත්න මහතාගේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන එම් පි .ආර් ජයතිලක මහතාගේ නම යෝජනා විය..

එමෙන්ම ස්වාධීන කණ්ඩායමකින් ඇපල් ගෙඩිය ලකුණෙන් පත් වූ එක් මන්ත්‍රීවරයෙක් ඉන්දික කරුණාරත්න මහතාට පක්ෂව ඡන්දය  ප්‍රකාශ කළේය.

 



අදහස් (2)

ඇපල්ගෙඩියේ සහායෙන් ගලේවෙල බලය ජාජබ අල්ලයි

යෝගා Monday, 16 June 2025 05:13 PM

ජේවීපියට ඩීල් දේශපාලනය ගහට පොත්ත වගේ. 1994 ඉඳන්ම මොවුන් කලේ බලයට ආපු සෑම දේශපාලන පක්‍ෂයක් එක්කම ඩීල් ගසා හම්බ කරගත්තු එකයි. පහුගිය අවුරුදු 30 සැබෑ සාපය කවුද කියලා ජනතාව දැන් දන්නවා..

:       36       6

C.K.Lankaputhra Monday, 16 June 2025 05:45 PM

ගැරඬි, නයි, පො⁣ළොංගු, කබරගොයි, මුගටි ගංවතුර තරණය කරන්න එකම ⁣කොටය උඩට නගින හැටි අද කොළඹදී හොඳට පෙනුණා. ඉතුරුවත් ඔහොම්ම තමා.

:       5       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1568 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site