IMG-LOGO

ඇඳීරි නීතිය අස්සේ යාච්ඥා මෙහෙයක් පැවැත්වූ 6 කට ඇප

(එච්. චන්දන )

ඇඳිරි නීතිය පවතින අවස්ථාවේදී යාච්ඥා මෙහෙයකට සහභාගි වූ බව කියන 06 දෙනෙකුව අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කළ බව  දංකොටුව පොලීසිය  කියයි.

ඊයේ (04) වැනිදා සවස දංකොටුව - මෝරුක්කුලිය ප්‍රදේශයේදී මෙම පුද්ගලයින් 6 දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

දංකොටුව - මෝරුක්කුලිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වා ගෙන යන යාඥා මධ්‍යස්ථානයක් තුළ කිසියම් පිරිසක් ආගමික කටයුතු වල නිරත වන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තොරතුරු ලැබී ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ බව දංකොටුව පොලිසියට දැණුම් දී පසුව වැටලීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇති පිරිස අතර යාච්ඥා මධ්‍යස්ථානය පවත්වා ගෙන ගිය දේව ගැතිවරයා , ඔහුගේ බිරිඳ දරුවන් දෙදෙනා සහ පිටස්තර පුද්ගලයෙකුද වන බව පොලිසිය කියයි.

සැකකරුවන් සහ සැකකාරියන්ට එරෙහිව මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතව ඇත.

 

 



අදහස් (9)

ඇඳීරි නීතිය අස්සේ යාච්ඥා මෙහෙයක් පැවැත්වූ 6 කට ඇප

ගගන Sunday, 05 April 2020 01:56 PM

බලන් යනකොට ගෙදර කට්ටියනේ

:       0       412

ධම්ම Sunday, 05 April 2020 02:17 PM

තනි තනිව යාච්ඥා කරන්නට බැරිද? රටේ නීතිය රැක්කොත් දෙවියන්ගේ නීතිය ඉබේම රැකෙනවා.

:       31       152

Ajith Nissanka Sunday, 05 April 2020 03:56 PM

තනි තනිව යාච්ඥා කලොත් ඔය අයට ලැබෙන සම්තින්ග් එක නැතිවෙනවානේ

:       2       2

Ajith Nissanka Sunday, 05 April 2020 03:59 PM

දෙවියන් වහන්සේ මාර්කට් කරන එක තරම් ලාබ ලබන වෙනත් ව්‍යාපාරයක් ලෝකේ කොහෙවත් නැහැ ! ඔය ඔක්කොම දගලන්නේ ඕවාට තමා!

:       0       2

ශාන් Monday, 06 April 2020 12:49 AM

එතකොට පවුලේ කට්ටියනේ වැඩේ කරල තියන්නෙ... මේ කාලයතුල කිතුනුවන්ට විරුද්ධ අයත් හීනියට වාසි ගන්නවා මට පේන්නෙ

:       1       1

sampath Monday, 06 April 2020 02:42 AM

ඇත්තටම මේ අය තේරුම් ගන්නේ කවදද මේ ලෝකේ පවතින්නේ නොදැක්ක බොරු දෙවියෙක් මත නෙමෙයි වැඩ කරන මිනිසුන් මතයි කියලා

:       0       3

Frank Monday, 06 April 2020 03:32 AM

පන්සලේ හාමුදුරුවරු පිරිස පිරිත් කියන්නේ එතකොට අත් අඩංගුවට ගන්නේ නැද්ද ? මේක ගෙදර කට්ටිය කරපු එකක් නේ

:       1       1

ජයන්ත මිලානො Monday, 06 April 2020 03:56 AM

පිටස්තර පුද්ගලය තමයි හරහට හිටියි. නැත්නම් ඉතින් මේ කෝ නිසා තනි තනි ගෙවල් හදාගෙන ඉන්න තමයි වෙන්නේ .එකට කන්න නිදියන්න පුලුවන් නම් එකට යාඤ්ඤා කරන්න බැරි ඇයි ?

:       0       1

dilan Monday, 06 April 2020 07:18 AM

ඔන්න ඉතින් ආගම්වාදී මැටි කතාවක් කියෙව්වා, හාමුදුරුවෝ තනියම පන්සලේ පිරිත් කිව්වුවම ගමේ අයට කොරෝන බෝ වෙනවද? එහෙම බලනකොට ෆ්රන්ක්ගේ ආගම අදහන උදවියගෙයි , අකුරණ ආගම අදහන උදවියගෙයි බුද්ධි මට්ටමේ වෙනසක් ඇත්තෙම නැහැනේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 366 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 529 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site