(විනීතා එම් ගමගේ)
පවතින කොවිඩ්-19 රෝග තත්ත්වය සීග්‍රයෙන් පැතිර යාම හමුවේ ඇඟළුම් කර්මාන්තය පවත්වාගෙන යාමට අදාලව විශේෂිත වූ මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් සැකසීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.
ඇඟළුම් කම්හල් පවත්වාගෙන යාමේදී කොවිඩ් වසංගතය පැතිර යාම හේතුවෙන් උද්ගත වන ගැටළුවලට විසඳුම් ලබා දීමේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව රාජගිරිය කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ මධ්‍යස්ථානයේ පැවැති කම්හල් හිමියන් දැනුවත් කිරීමට හා ගැටළු සාකච්ඡා කිරීමේ සාකච්ඡාවේ දී මෙම තීරණයට එළැඹි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
එමෙන්ම මේ වනවිටත් ක්‍රියාත්මක කම්හල්වල මුව ආවරණ පැළැඳීම, එකිනෙකා අතර දුරස්ථභාවය තබා ගැනීම කෙරෙහි කාර්ය මණ්ඩලවල දැඩි අවධානය යොමු කරවන ලෙසත් දිනකට තෙවරක් උෂ්ණත්වය මැන බැලීම සිදුකරන ලෙසත් කම්හල් පරිපාලනයන්ට එහිදී උපදෙස් දුන් බව ද ඔහු කීය.
නිමි ඇඳුම් කම්හල්වල සේවයේ නියුතු සේවක සේවිකාවන් නවාතැන්ගෙන සිටින ස්ථාන පිළිබඳව විශේෂ සැළකිල්ලක් දක්වන්නැයි ඇඟළුම් කම්හල් හිමියන්ට හා පරිපාලකයන්ට දැනුම් දුන් බව ද හෙතෙම සඳහන් කළේය.
යම් සේවකයෙක් උණ හෝ ආසාත්මික තත්ත්වයකින් පසුවුවහොත් ආසන්නතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් සෞඛ්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් ඔවුන් දෙසතියකට වරක් පී.සී.ආර්. පරික්ෂණයකට ලක්කරන ලෙසත් සෑම සේවකයකුගේම ස්ථිර ලිපින ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් කම්හල් හිමියන්ට හා පරිපාලනයට දැනුම් දුන් බව ද හෙතෙම කියා සිටියේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඇඟළුම් කම්හල්වලට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්
සමීර Tuesday, 13 October 2020 01:42 PM
කොරෝනා මර්ධනයට ඖෂධයක් රජය සොයා ගනී. එය ටින් මාළු, සීනි, බී ළූණු වලින් සාදා ඇත. අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා ඇති වෙළඳසල් වලින් මහජනතාවට ලබා ගැනීමට හැකි බවත් දන්වා සිටී.
එරා Wednesday, 14 October 2020 02:38 AM
අස්සයා පැන ගිය පසු, ඉස්තාලය වැසීම... ඕක කරන්න තිබුණෙ මාර්තුවලනෙ.