IMG-LOGO

ඇඟිලි බද්ධ කළ 'මැස්සා' සුවෙන්

පසුගිය අඟහරුවාදා මොරටු අධිකරණයේ සිය මවට එරෙහිව විභාග වු නඩුවකට යමින් සිටි ‘මැස්සා’ යන නමින් හඳුන්වන තරුණයාට රාවතාවත්ත උසාවි ආසන්නයේදි කපා කොටා තුවාල සිදුකලබව කියන හතරදෙනෙකුගෙන් යුත් කල්ලිය අද (22) පොලිසියට භාර වු බව මොරටු පොලිසිය කියයි . 

හෙරොයින් සම්බන්ධ ආරවුලක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදු වී ඇති බව පොලිසිය කියයි.

පහර කෑමට ලක් වු තරැණයා ලුනාව රෝහල් වත්තේ පදිංචිකරුවෙක් වන අතර පහරදුන් සැකකරුවන් අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

පහරකෑමට ලක් වු තරුණයා ලුනාව දිස්ත්‍රික් රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඇතිවු අසාධ්‍ය තත්වය හේතුකොටගෙන දකුණු කොළඹ ශික්ෂණ රෝහලට මාරුකොට යැවුහ.

තරුණයාගේ ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල දෙපයේ පහළ කොටසේ කැපුම් තුවාල  දකුණු අතෙහි කැපී වෙන් වු ඇගිලි අත් බද්ධ කිරීම දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අංශයේ ප්‍රධානි ශල්‍ය වෛද්‍ය යසස් අබේවික්‍රම මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සිදු කරනු ලැබීය.

රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අප කළ විමසීමේදී ශල්‍ය වෛද්‍ය  අබේවික්‍රම මහතා පැවසුවේ රොගියාගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බවයි.

පොලිසියට බාර වු සැකකරැවන් මොරටු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර වැඩිදුර පරික්ෂණ මොරටු පොලිසිය විසින් පවත්වති.

 



අදහස් (0)

ඇඟිලි බද්ධ කළ 'මැස්සා' සුවෙන්

බෙනට් Thursday, 22 September 2016 11:36 AM

මේ මිනීමැරුමක් කිරීමට තැත් කිරීමක් .. අදාළ දඬුවම් දෙන්න (හේ)

:       0       0

පියුමි Thursday, 22 September 2016 07:22 AM

වරද කුමක් වුවත් මෙලෙස පහරදෙන්න කිසිවෙකුටවත් අයිතියක් නැහැ (නි)

:       0       0

රූපවතී Thursday, 22 September 2016 09:04 AM

මේවා බලවතුන්ගේ වැරදි. රටේ නීති තද නොකරන්නේ දේශපාලකයන්ගේ දරුවන්ට ඒවා විඳවන්න වුණොත් කියන බයටද? මුළු රටම ගිලගත් මේ භීෂණයෙන්, මත්ද්‍රව්‍ය වලින්, මිනීමරුවන්ගෙන් බේරිලා රටක් දියුණු කරන්න කියා සිතාගන්නවත් බැහැ. පාලකයෝ වගේම සෑම දෙමාපියෙක්ම වගකිවයුතුයි මේ ව්‍යයසනයට. එල්ලුම් ගහ නීතියෙන් ක්‍රියාවට නංවනතුරු මේවා නැතිවනවා බොරු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 129 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 401 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site