IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇගළුම් සේවක යන්ත්‍රයට හසු වී මරුට

බියගම නිදහස් වෙළද කලාපයේ  පිහිටි  ඇගළුම් ආයතනයක සේවක කළ සේවකයකු  එහි යන්ත්‍ර අලුත් වැඩියා කරමින් සිටියදී යන්ත්‍රයට හසු වී මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.

සිද්ධීයෙන් මිය ගොස් ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකි.

 

 



අදහස් (0)

ඇගළුම් සේවක යන්ත්‍රයට හසු වී මරුට

අනුෂා Thursday, 26 December 2013 02:34 AM

අනේ පව් අහිංසකයා. ජීවිතේ පටන් ගත්තා විතර වෙන්න ඇති.(නදී)

:       0       0

සරත් අතාවුද Thursday, 26 December 2013 05:40 AM

අහංසක දරුවෙක්නේ. (ත)

:       0       0

දර්ශා Thursday, 26 December 2013 06:01 AM

අනතුරුවලට හේතු පුද්ගල නොසැලකිල්ල සහ ආයතනවල ආරක්ෂක ක්‍රම වේදයක් නොපැවැත්වීම.(නදී)

:       0       0

තිස්ස Thursday, 26 December 2013 08:54 AM

කෝ....හෙල්ත් ඇන්ඩ් සේෆ්ට් තිබුනා නම් මෙහෙම වනවාද? අහිංසක ජීවිතයකට ගෙදර අයට කාගේ පිහිටක්ද? (නදී)

:       0       0

ජයතිලක Thursday, 26 December 2013 09:00 AM

දියුණු රටකදී මේ අනතුර සිදුවුවා නම් ආයතනයේ හිමිකරුට මහා විශාල දඩයකටත් යටත්ව, සමහර විට හිරේ විලංගුවෙත් සිටින්නට සිදු වේවි. එම රටවල තේමාව වන්නේ සියල්ලට පෙර සේවකයන්ගේ ආරක්ෂාව. .හරිම කනගාටු දායක පුවතක්.(නදී)

:       0       0

චානක දමාම් Thursday, 26 December 2013 11:56 AM

ඇඟලුම් යන්ත්‍රයකට හසුවී මිය යයි කියා සිතන්නත් අමාරුයි. ඇත්තටම මොකක්ද ඔය යන්ත්‍රය.(නදී)

:       0       0

ගයාන් සමීර Wednesday, 25 December 2013 06:10 PM

බදුල්ලේ කව්ද දන්නේ නැහැ නේද? එයාගේ නමවත් දන්නව නම් දාන්න.(නදී)

:       0       0

දයා අලහකෝන් Thursday, 26 December 2013 02:49 PM

මෙතැනදී යන්ත්‍රය ක්‍රියා කරවන්නා හරි හැටි නීති රීති අනුගමනය කර නැති බවකුයි පෙනෙන්නේ. (ස)

:       0       0

සුරා Thursday, 26 December 2013 02:57 PM

හරිම අවාසනාවන්ත සිද්ධියක්. ඔබට නිවන් සුව. (ස)

:       0       0

පුබුදු Wednesday, 25 December 2013 06:50 PM

ඉතාමත් කණගාටුදායක සිද්ධියක්(දිල්)

:       0       0

සුමංගල ඇල්පිටිය Wednesday, 25 December 2013 07:42 PM

කණගාටුයි! පළමුවැනි රස්සාව වෙන්නැති (දිල්)

:       0       0

සත්‍යා Wednesday, 25 December 2013 09:24 PM

අප විසින් පලකළ යුත්තේ කනගාටුව නොවෙයි විරෝධය. ලෝකයේ වැඩිම කාර්මික අනතුරු වෙන්නේ ශ්‍රී ලංකාවේ. හේතුව අනතුරු වැළැක්වීමට ගත යුතු පියවරවල් ගැනීමට කර්මාන්ත කරුවන්ට බල නොකිරීමයි. (ත)

:       0       0

මසුහුඩ් Wednesday, 25 December 2013 09:40 PM

අහිංසක දෙමාපියන් මේ දුක කොහොම ඉවසන්නද මන්දා.(නදී)

:       0       0

ගුණරත්න/ඩුබායි Wednesday, 25 December 2013 11:10 PM

මම හිතනවා වෙළඳ කලාපේ වෙන්ඩ ඇති ඕනේ මේක සිද්ද උනේ. මේක එක සිද්දියක්. මම දන්නා වෙළඳ කලාපේ එක ආයතනයක බබාල හම්බ වෙන්ට හිටපු ළමයි ගනනාවගේ බබාලව ගබ්සා උණා. පස්සේ හොයා ගත්ත හේතුව.යන්ත්‍ර වල රස්නෙට මේක උනේ. මොටරේ තියෙන්නේ බඩට කිට්ටුව. නමුත් ආයතනය කීවේ වෙන හේතුවක්. අවසානේ වහල යන්ට සිද්ද උණා. කිසිම ආයතනයක් වැඩ කරන අයගේ ආරක්ෂාව හොයන්නේ නැහැ. සම්පුර්න වැරැද්ද ආයතනයේ. කාටද මේවා කියන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site