IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


ආහාර උද්ධමනය අඩුවුණේ ආහාර රැසක මිල අඩුවීමෙන්ලු

(යොහාන් භාසුර)

ආහාර කාණ්ඩයේ උද්ධමනය නොවැම්බර් මාසයේ සියයට 0.0 දක්වා පහතට වැටීමට හේතුව ප්‍රධාන ආහාර වර්ග කීපයක මිල අඩුවීම බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.  

අලුත් පළතුරු, අලුත් මාළු, කුකුළු මස්, එළවළු, බිත්තර, මුං ඇට, සීනි, මිරිස් කුඩු සහ අර්තාපල් යන ආහාර ද්‍රව්‍යවල මිල අඩුවීමක් නොවැම්බර් මස ප්‍රදර්ශනය වූ බවත් පොල්, බි ලූණු, සහල්, පොල් තෙල්, දෙහි, රතු ලූණු සහ අමුමිරිස් යන ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් තිබූ බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  

ඔක්තෝබර් මාසයේ පැවැති සියයට 1.3 ක උද්ධමනය සිට නොවැම්බර් මාසයේ සියයට 0.0 ක් දක්වා අඩු වූ බවත් ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ඔක්තෝබර් මාසයේ සියයට සෘණ 2.3 සිට නොවැම්බර් මාසයේ සියයට සෘණ 3.1 දක්වා අඩු වී ඇති බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

ජාතික පාරිභෝගික මිල දර්ශකයකට අනුව නොවැම්බර්  මස උද්ධමනය සියයට සණ 1.7 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.  

පසුගිය වසරේ (2024) ඔක්තෝබර් මාසයේ උද්ධමනය සියයට සෘණ 0.7 ක් ලෙස වාර්තා වූ බවත් නොවැම්බර් මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ සියයට 0.0 ක සහ ආහාර නොවන කාණ්ඩයේ සියයට සෘණ 1.7 ක දායකත්වයක් පිළිවෙළින් ලැබී ඇති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස්වීම සංසන්දනය කළ විට, 2024 ඔක්තෝබර් මාසයේ 202.1 ක් වූ දර්ශකාංකය නොවැම්බර් මාසයේදී 202.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කියන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේ දර්ශකාංකය 0.3ක වැඩිවීමක් එනම් 0.16 ක ප්‍රතිශතාංක වැඩිවීමක් පෙන්නුම් කරන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මාසික වෙනස්වීම සඳහා ආහාර කාණ්ඩය සියයට 0.18 ක වැඩිවීමක්  සහ ආහාර නොවන කාණ්ඩය සියයට 0.02 ක අඩුවීමක් ලෙස දායකත්වය සපයා ඇති බවත් නොවැම්බර් මාසයේ ආහාර නොවන කාණ්ඩයේ දර්ශක අගය අඩුවීම සඳහා ‘ගෘහ උපකරණ, ගෘහ ඒකක නඩත්තු කටයුතු සහ මධ්‍යසාර පාන වර්ග, දුම්කොළ සහ මත්ද්‍රව්‍ය (පුවක්)  යන කාණ්ඩවලට අයත් අයිතමයන්ගේ මිල අඩුවීම ප්‍රධාන වශයෙන් බලපා ඇති බවත් එම දෙපාර්තමේන්තුව කීය.

රෙදිපිළි සහ පාවහන් (රෙදිපිළි) යන කාණ්ඩයට අයත් අයිතමයන්ගේ මිලෙහි වැඩිවීමක් වාර්තා වෙමින් සෞඛ්‍ය, ප්‍රවාහන, සහ විවිධ භාණ්ඩ සහ සේවා යන කාණ්ඩවලට අයත් අයිතමයන්ගේ මිලේ ඉතා සුළු වැඩිවිමක් වාර්තා වී බවත් ආපනශාලා සහ හෝටල් යන කාණ්ඩයට අයත් අයිතමයන්ගේ මිලේ ඉතා සුළු අඩුවීමක් වාර්තා වී ඇති බව කියන එම දෙපාර්තමේන්තුව නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන, සන්නිවේදන, විනෝදාත්මක, සංස්කෘතික සහ අධ්‍යාපන යන කාණ්ඩවලට අයත් අයිතමයන්ගේ මිල නොවැම්බර් මාසය පුරා නොවෙනස්ව පැවති බව ද සඳහන් කරයි.  

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ලක්ෂ්‍යමය වෙනස්වීම් පදනම්ව නිතර මිල උච්ඡාවචනය වන ආහාර වර්ග, බලශක්ති සහ ප්‍රවාහන අයිතමයන් ඉවත් කිරීමෙන් පිළිබිඹු වන යටිදැරි උද්ධමනය ඔක්තෝබර් මාසයේ සියයට 1.7  සිට නොවැම්බර් මාසයේදී සියයට 1.5 ක්  දක්වා අඩුවී ඇති බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි. 



අදහස් (3)

ආහාර උද්ධමනය අඩුවුණේ ආහාර රැසක මිල අඩුවීමෙන්ලු

ගුණරත්න Wednesday, 01 January 2025 01:06 PM

මේ කොහේ තියෙන රටක්ද? අපේ ශ්‍රී ලංකාවේ නම් දැන් ලොකු ආහාර උද්ධමනයක් තියෙනවා.

:       8       25

මෝඩයා Wednesday, 01 January 2025 01:19 PM

නාග ලෝකයේ නම් අඩු ඇති... මෙහි නම් දිනපතා බඩුමිල ඉහළ යනවා.

:       5       23

දිමුත් Wednesday, 01 January 2025 04:33 PM

මොන රටේද හැබෑවටම? ඔය මහත්තුරු ළඟදී පොලේ ගියේ නැද්ද?

:       2       12

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සුරාවේ සුපිරි රිය හිටපු ලොක්කෙක් ගෙදර අරන් ගිහින්
2025 මැයි මස 04 59 0

සුරාබදු ත්‍යාග අරමුදලේ රුපියල් කෝටියකට වැඩි මුදලකින් මිලදීගෙන ඇති සුඛෝපභෝගී මෝටර් රථයක් එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු වෙනත් රැකියා ස්ථානයකට මා


ගල්කිස්සේ පුද්ගල ඝාතනයට තුනක් අල්ලයි
2025 මැයි මස 04 209 0

ගල්කිස්ස හුළුදාගොඩ පාළු ඉඩමකදි තියුණු ආයුධ වලින් පහරදී පුළුස්සා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව


වැඩබලන අමාත්‍යවරු හතරක් පත් වෙති
2025 මැයි මස 04 379 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 4ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබේ.


ජාත්‍යන්තර පාසල් ගුරුවරයා මත්ද්‍රව්‍ය සමඟ අල්ලයි
2025 මැයි මස 04 565 0

දකුණු පළාතේ රාත්‍රී සාද සඳහා මත්ද්‍රව්‍ය සැපයීමේ යෙදුණු ජාත්‍යන්තර පාසලක ගුරුවරයෙක් රුපියල් ලක්ෂ 2 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩං


මැයි රැලියට ඇවිත් හයිවේ එකේ රැඟූ අයට නීති පියවර
2025 මැයි මස 04 1075 0

ජාතික ජන බලවේගයෙ මැයි දින රැළියට පැමිණ නැවත යන ගමනේදී දක්ෂිණ අධිවේගී මාර්ගය අයිනේ බස් රථ නවතාගෙන සිටි රියැදුරන්ටත් ඊට සයෝගය දුන් කණ්ඩායම් වලටත් ඒ සිදු


ජපාන ආරක්ෂක ඇමති අගමැති හරිනි හමුවෙයි
2025 මැයි මස 04 311 0

ජපාන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් නකටානි මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අරලියගහ මන්දිරයේදී අද (4) හමුවිය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 623 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 158 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1183 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site