IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ආසියාවේ හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය පහළටම වැටෙයි

 

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙම වසරේ පළමු මාස 6 තුළ ආසියාවේ හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට පත් වූ ශ්‍රී ලංකා රුපියල මසක් තුළදී  ආසියාවේ දුර්වලම ක්‍රියාකාරීත්වයක් ඇති මුදල් ඒකකය බවට පත්ව ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පෙන්වා දී ඇත.

පොලී අනුපාත අඩු කිරීම සහ ආනයන සීමා ලිහිල් කිරීම හේතුවෙන් ඉදිරියේදී රුපියල තවත් දුර්වල විය හැකි බව එම නාලිකාව වාර්තා කර තිබේ.ජූලි මාසයේදී ශ්‍රී ලංකා රුපියල සියයට 6 කටත් වඩා වැඩි ප්‍රමාණයකින් දුර්වල වී ඇති බවත් මෙම මාසයේදී පිට පිට දින 14 ක් රුපියලේ අගය පහත වැටී තිබෙන බවත් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකා රුපියලේ අගය දින 14 කාලයක් පහත වැටීම අවුරුදු 5 ක තුළ රුපියලේ අගය පහත වැටුණු දීර්ඝතම දින ගණන බවද බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර ඇත.පළමු මාස 6 තුළදී ශ්‍රී ලංකා රුපියල සියයට 19 කින් ශක්තිමත් වෙමින් ආසියාවේ හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට පත් වූ බවත් ජූලි මාසය තුළදී සියයට 6 කටත් වඩා වැඩි ප්‍රමාණයකින් දුර්වල වී ආසියාවේ දුර්වලම ක්‍රියාකාරිත්වයක් ඇති මුදල් ඒකකය බවට පත් වී ඇති බවත් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකා රුපියල වසර අවසාන වන විට තවත් සියයට 8 කින් අවප්‍රමාණය වී ඇමෙරිකානු ඩොලරයක වටිනාකම ශ්‍රී ලංකා රුපියල් 355 පසු කර යනු ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පුරෝකථනය කර ඇත.



අදහස් (2)

ආසියාවේ හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය පහළටම වැටෙයි

de silva berlin Tuesday, 25 July 2023 07:20 PM

දැනට මාස 6 කට පෙර මංජු නිස්සංක පැවසුවා මේක වෙනවා කියල , අවුරුද්ද අන්තිම වෙනකොට ඩොලර් එක 370-390 අතර අගයක් ගන්නවා , රුපියල ආරක්ෂා කරගන්න අවශ්‍යනම් දැන් කරගත්ත යුත්තේ නිෂ්පාදනය වැඩිකර අපනයනය දිරිමත් කිරීම ,

:       0       2

Kamal Koyrala Wednesday, 26 July 2023 12:23 PM

ලංකාවේ ආර්ථික ඔස්තාර්ලා සහ වීරසිංහ, සිරිවර්ධන දෙපළ වෙන වෙනම මයික් කටාලා වෙන්නේ නැතිව, කියන්න එකම වේදිකාවකට ගෙනැල්ලා ජනතාව දැනුවත් කරන්න කියලා රුපියලකට ගන්න පුළුවන් දේකුත් අරන් ඇවිත්...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site