IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


‘ආසියාවේ රැජිණ’ට රුපියල් කෝටි 2000 ක මිලක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම මැණික වන ‘ආසියාවේ රැජිණ’ ලෙස නම් කර ඇති නිල් මැණික ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක් හෙවත් රුපියල් කෝටි 2000 කට අධික මුදලකට මිලදී ගැනීමට ඩුබායි සමාගමක් යෝජනා කර ඇතැයි වාර්තා වේ.

‘කොරන්ඩම්’ වර්ගයේ කිලෝග්‍රෑම් 310 ක බර මෙම මැණික රත්නපුර, බලංගොඩ ප්‍රදේශයේ පතලකින් සොයාගෙන තිබේ.

 
 



අදහස් (12)

‘ආසියාවේ රැජිණ’ට රුපියල් කෝටි 2000 ක මිලක්

රට යන අත Tuesday, 04 January 2022 06:22 PM

ඩොලර් නැතුව ඉන්න වෙලේ රුපියල් කථා මොකටද? ඩුබායි රට රුපියල් අච්චු ගහන්නේ නෑනේ. හැබැයි මේ මැණිකේ අයිතිකාරයත් වෙනත් රටක මුදල් තැන්පත් කරාවි. මොකද නායකයෝත් එහෙම කරනකොට මුකුත් කියන්නත් බෑනේ...

:       10       53

බමුණුපියාTuesday, 04 January 2022 07:37 PM

මේවා බං අපේම සල්ලි. නාට්‍යයක් කරගෙන යනකොට නාට්‍ය අවුල් යනවා නම් අධ්‍යක්ෂක තමන් යටිකූට්ටු ගහපු සල්ලි හරි දාල නාට්‍යය දුවන්න හදනවා. නැතුව ජීවිතේට අහල දැකලා නැති තඩි මැණික් (කලු) ගල් එක දෙක මතුවුණාට ඒවා සල්ලිවලට ගන්න සුද්දෝ අරාබිකාරයෝ මෝඩ නෑ. මේවාට කියන්නේ කැලණියේ නාග මාණික්‍යය දෙක කියලා....

:       33       79

RaveendraTuesday, 04 January 2022 09:21 PM

බමුණුපියා මයා වෙත, පළමුව මැණික් පළිබඳව අපගේ දැනුම "ශුන්‍ය" බව සඳහන් කරන්නෙමු. ඒ පිළිබඳව අප අවංකවම ලැජ්ජා වන්නෙමු. ඔබගේ මෙම (ජීවිතේට අහලා දැකලා නැති තඩි මැණික් (කලු) ගල් එක, දෙක මතුවුණාට...) අදහස් වලින් ඉතාමත්ම හොඳින් පැහැදිලි වන්නේ ඔබ මැණික් පිළිබඳව කෙළපැමිණි කෙනෙකු බවයි...

:       5       18

සමන්Wednesday, 05 January 2022 06:04 AM

එ්කේ අයිතිකරු කියලා තිබුණා මේ ගල එයා ළඟ ටික කලක් තිස්සේ තිබුණා.., නමුත් රටට විදේශ විනිමය නැති නිසා පිටරටට විකුණලා ලංකාවට යම්කිසි ප්‍රමාණයකට හරි ආදායමක් ගෙනෙන්න හිතුවා කියලා. ඉඳලා හිටලා හරි තමන්ගේ උපන් රට සහ ඉන් ලැබූ නිදහස් අධ්‍යාපනය වැනි දේ ගැන මතක අය තවමත් ඉන්නවා...

:       4       15

ජයන්ත Tuesday, 04 January 2022 06:50 PM

අපිට තවත් මිලියන 100 ක් ලැබිල තියනවා. ඒක බාර්..... මේව නාට්‍ය. තනිකර බොරුවෙන් දුවන ආණ්ඩුවක්

:       19       63

raheem Tuesday, 04 January 2022 08:19 PM

අයියෝ, ඇයි මේක දැම්මේ? ඕක කබ්‍රාල් අයියගේ විදේශ විනිමය ගිනුම් සංචිතයට දාගන්න බලයි.

:       13       40

ahajana niyojitha Tuesday, 04 January 2022 10:41 PM

ඉල්ලන ගානකට දෙන්න මල්ලි ,අපිට ඩියුටි ෆ්‍රී වාහන නැතුව වේලි වේලි ඉන්නේ

:       2       11

Perera Wednesday, 05 January 2022 08:43 AM

රටේ මිනිස්සුද මෝඩ නැත්නම් මේ කතා ගොතන අයද මෝඩ.?

:       4       11

Hafeel Wednesday, 05 January 2022 09:39 AM

ලෝකෙම වටිනා මැණික් ගල් දෙකක් ලංකාවෙන්. ගම්මන්පිලගේ මන්නාරමේ තෙල් නිදිය, ලෝකේම හොඳම මුදල් ඇමති සහ ලෝකෙම හොඳම සෞඛ්‍ය ඇමැතිත් ඉන්න මේ රටේ ඇයි අපි තාම දුප්පත්? ඇයි එහම ඩොලර් නැහැ? ඇයි එහමනම් කබ්රාල් මුදල් නෝට්ටු අච්චු ගහන්නේ? මේවා ජනතාව රවට්ටන සහ කල්මරණ වැඩ.

:       4       23

සමන් Wednesday, 05 January 2022 10:54 PM

කලු සල්ලි සුදු කරන අලුත්ම විදිහ. මැණික් වෙලදාම. අය්යෝ මෙහෙමත් නාට්‍ය...

:       0       0

Eranga perera Friday, 07 January 2022 02:32 PM

දැන් රට දියුණුවෙන් දියුණුවට පත්වෙයි

:       0       0

විපරමා Friday, 07 January 2022 07:30 PM

ඔය මැණික මැදමූලනේ උදවියගෙන් පරිස්සම් කරගන්න වෙයි. හෙල්පින්ග් හම්බන්තොට සුනාමි ආධාරවලට වෙච්චි හරිය මතක ඇතිනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 99 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site