හික්කඩුවේදී දැන් පැවැත්වෙන ආසියානු යොවුන් චෙස් ශූරතාවලියට සමගාමීව පැවැති ආසියානු යොවුන් රැපිඞ් චෙස් තරගාවලියේදී කණ්ඩායම් ඉසව්වලදී ශ්‍රී ලංකාවට තවත් රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් හයක් ද හිමිවිය. ශ්‍රී ලංකාව කණ්ඩායම් ඉසව්වේදී රන් පදක්කම් දෙකක්ද දිනා ගත්තේය. වයස 6 න් පහළ සිට වයස 18 න් පහළ දක්වා වයස් කාණ්ඩ රැුසක බාලක හා බාලිකා ඉසව් තරගාවලියට ඇතුළත්ය. තරගාවලියේ කණ්ඩායම් ඉසව්වලදී 8 න් පහළ (බාලිකා), 18 න් පහළ (බාලිකා) සහ 16 න් පහළ (බාලිකා) යන වයස් කාණ්ඩවලින් රිදී පදක්කම් තුන ශ්‍රී ලංකාව දිනා ගත්තේය. වයස 14 න් පහළ බාලක හා බාලිකා, 16 න් පහළ (බාලක), 12 න් පහළ (බාලිකා) සහ වයස 10 න් පහළ බාලක හා බාලිකා ඉසව්වලින් ලෝකඩ පදක්කම් ශ්‍රී ලංකාවට හිමිවිය. ජුලි මස 1 වැනිදා දක්වා හික්කඩුවේ චායා ට‍්‍රාන්ස් සහ සිට්රස් යන හෝටල්වලදී පැවැත්වෙන ආසියානු යොවුන් චෙස් ශූරතාවලියට සමගාමීව මෙම ආසියානු යොවුන් රැෆිඞ් තරගාවලිය සහ ආසියානු යොවුන් බ්ලිට්ස් යන අධිවේගී චෙස් ක‍්‍රීඩා ඉසව් දෙක පැවැත්වේ. රැුපිඞ් තරගාවලිය විනාඩි 20 කට සීමාවෙයි.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආසියානු යොවුන් රැපිඞ් චෙස් තරගාවලිය ශ්‍රී ලංකාවට රිදී - ලෝකඩ පදක්කම් 9 ක්