හික්කඩුවේදී දැන් පැවැත්වෙන ආසියානු යොවුන් චෙස් ශූරතාවලියට සමගාමීව පැවැති ආසියානු යොවුන් රැපිඞ් චෙස් තරගාවලියේ වයස 6 න් පහළ කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. වයස 6 න් පහළ (බාලක) කණ්ඩායම් ඉසව්වේදී ශ්‍රී ලංකාව රන් පදක්කම දිනා ගත්තේය. තිළිණ ජයසිංහ, සෙනිල ගුණරත්න සහ දිනුපුර හපුආරච්චි රන් පදක්කම් ලාභී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ වෙති. එම වයස් කාණ්ඩයේ බාලිකා ඉසව්වේ රන් පදක්කම ද ශ්‍රී ලංකාව දිනාගත් අතර ටාෂී ඔමායා, පංචාලී රත්නායක සහ මෙත්සරා ද සිල්වා ශ්‍රී ලංකා පිල නියෝජනය කළහ. රටවල් 19 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහභාගිවී සිටින මෙම තරගාවලියේදී ඉන්දියාව මේ වන විට වැඩි ගෞරව හිමිකර ගැනීමට සමත්ව සිටියි.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආසියානු යොවුන් රැපිඞ් චෙස් තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක්