(අංජුල මහික වීරරත්න)
ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 ප්‍රකාශයට පත් කිරීමේ සමාරම්භක අවස්ථාව කොළඹ අරලියගහ මන්දිරයේදී අද (15) පැවැත්විණි.
එහිදී විජය පුවත්පත් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජනක රත්නකුමාර මහතා ‘ආසියානු ඵලදායිතා උපදේශකයන් සඳහා වන ජාතික සම්මානයෙන් පිදුම් ලැබීය.
ජනක රත්න කුමාර මහතා එම සම්මානය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතින් ලබා ගත්තේය.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති,ආසියානු ඵලදායීතා සංවිධානයේ මහ ලේකම් ආචාර්ය ඉන්ද්‍රා ප්‍රදාන සිංගවිනාටා,කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර,ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජේ.ඩී.නිරංජ එස්.ජයකොඩි මහත්ම මහත්මීහු ද මීට සහභාගී වූහ.
(ඡායාරූපය සුමුදු හේවාපතිරණ)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ආසියානු ජාතික ඵලදායිතා සම්මානය ජනක රත්නකුමාර
Chandrasiri Friday, 16 May 2025 08:04 AM
ලංකාවෙ කාලයක් ඔය එලදායිතා සම්මාන වලට ඉතාමත් ප්‍රසිද්ධියක් තිබුනා. ඉතින් එහි හරියාකාරව තේරුම නොදැන වැඩකලා කියල තේරුනා .සාමාන්‍යයෙන් රජයේ ආයතනයක් ආරම්භ කල තොරතුරු ඇතුලත් ලිපිගොනුව හා ලොග් සටහන් පොත් ආරක්ෂා කරන්න අත්‍යාවශ්‍යම වුනත් එම ගොනු පවා විනාශකල කාර්‍යාල සම්මාන ලබාගත්තා. ලකුණු දීමත් පිස්සුවක් .මොකද සමහර තැනකදී පළමුවැනි තැනක් නැහැ. දෙවැනි තැන තිබුනා .තව තැනක පළමු තැන හා තෙවැනි තැන දීලා තිබුනා. දෙවැනි තැනක් නැහැ .තවත් එකක් තමයි විමර්ශනට පැමිණෙන අයට ලැබෙන සැලකිල්ලේ තරමට සම්මාන නිර්දේශ වුනා තවත් එකක් තමයි ජනතා අදහස් ගැනීමේදී විෂය භාරව කටයුතුකල DO ලියල දෙන දෙයට සේවාලාභීන් අත්සන් කර පෙට්ටියට දානවා නමුත් වැඩ කටයුතු කෙරෙන්නේ නැහැ