ශ්රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ සහයෝගයෙන් දකුණු පළාත් බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන 25 වැනි ‘ආරියදාස සිල්වා අනුස්මරණ කුසලාන’ විවෘත ශ්‍රේණිගත බැඞ්මින්ටන් තරගාවලිය හෙට (27) ඇරැඹෙයි. තරගාවලිය මේ මස 30 වැනිදා දක්වා අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී හා අම්බලන්ගොඩ නව නගර සභා ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. තරගාවලිය විවෘත පිරිමි හා කාන්තා කේවළ, යුගල සහ මිශ‍්‍ර යුගල ඉසව්වලින් සමන්විතය. වයස 40 ට හා 50 ට වැඩි ක‍්‍රීඩකයන්ට සහ වයස 35 ට වැඩි පිරිමි හා කාන්තා කේවළ හා යුගල ඉසව් ද තරගාවලියට ඇතුළත් වේ. වයස 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ සහ 17 න් පහළ බාලක හා බාලිකා කේවළ ඉසව්වෙන් ද එහිදී තරග පැවැත්වේ. මෙම ඉසව් සඳහා ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ 263 දෙනෙක් ඉදිරිපත්ව සිටිති. එහිදී විවෘත ඉසව්වන්ගෙන් ජය ගන්නා කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන්ට ජාතික ශ්‍රේණිගත කිරීමෙන් ඉදිරියට ඒමේ අවස්ථාව හිමිවේ.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආරියදාස සිල්වා විවෘත බැඞ්මින්ටන් තරග හෙට සිට අම්බලන්ගොඩදී