(මුදිතා දයානන්ද)
මාර්ග සංවර්ධන අධිකාරිය නිමකළ ව්‍යාපෘති වෙනුවෙන් ගෙවිය යුතු කෝටි 43ක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හා අයෝජන මණ්ඩලය වසර නවයකට අධික කාලයක් තිස්සේ ගෙවා නැතැයි විගණන වාර්තාවකින් ආනරවණය වේ.
ආර්ථික සංවර්ධන අමාත්‍යංශ්‍ය කෝටි 30.6ක් ද ආයෝජන මණ්ඩලය කෝටි 12.4 ක්ද මෙලෙස ගෙවීමට ඇති බවද ඒ 2012 හා 2013 වසරවලදී නිමකළ ව්‍යාපෘති වෙනුවෙන් බවද එම වාර්තාවේ සඳහන් වේ.
එසේම එම විගණන වාර්තාවට අනුව වෙනත් ආයතන වෙතින්ද කෝටි පහකට අධික මුදලක් වසර 5කට අඩු කාලයක් තිස්සේ ලැබිය නැති අතර තවත් කෝටි හයකට ආසන්න මුදලක් වසර පහකට අධික කාලයක් තිස්සේ ලැබී නැත.
මෙම මුදල් අය කරගැනීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය අඛන්ඩව කටයුතු කර නැති බවද එම වාර්තාවේ සඳහන් වේ.
මේ බව සඳහන් වන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් 31 දිනට සිදුකළ විගණන වාර්තාවේය.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආර්ථික සංවර්ධනය මාර්ග සංවර්ධනයට කෝටි 43 ක් පොලු තියලා