
(සුජිත් හේවාජුලිගේ )
ආරක්ෂක, මහජන ආරක්ෂක සහ මුදල් අමාත්‍යාංශවල ලේකම්වරු එම තනතුරු සඳහා ජනාධිපතිවරයා විසින් අද (11) සිට නැවතත් පත් කරනු ලැබ සිටිති.
මේ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාද මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතාද මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස කේ .එම් මහින්ද සිරිවර්ධන මහතාද පත් කරනු ලැබ ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යෑම සඳහා ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම පත් කිරීම කළ බවද එම කාර්යාලය සඳහන් කරයි.
කැබිනට් මණ්ඩලය අහෝසිවීමත් සමග මෙම ලේකම් ධූරවල බලතලද අහිමිවිය.
COMMENTS
හමුදාව සීරුවෙන් සීරුවට... පියවරෙන් පියවරට... ආයිත් රටේ උද්ඝෝෂණයක් ඇතිවුණොත් කවුුරුවත් අස්ථාවර රජයකට මොන රටකින්වත් ණය මුදලක් දෙන්නේ නැත....!
ලොම් හැළුණු නාකි නැතිව පණ තියෙන රාජ්‍ය පරිපාලන නිලධාරීන් ලංකාවේ නැතිද? හරිම දුකයි...
අරලියගහ මන්දිරයේ සිට සංවිධානය වී ගොස් සාමකාමී අරගල ස්ථාන දෙකට පහර දුන් පොහොට්ටු මැරයින්ගේ පහරදීම සිදුවීමට ඉඩහැරීම හා එය වැළැක්වීමට නොහැකිවීම නිසා ආරක්ෂක ලේකම් එම තනතුර සඳහා සුදුසු පුද්ගලයෙකු නොවේ. ඒත්, තවත් වරක් ඔහුව පත්කොට ඇත.
අමාත්‍යාංශයන්හි ලේකම් ධූර සදහා විශ්‍රාමික හමුදා නිලධාරීන් සහ විශ්‍රාමලත් රාජ්‍ය නිලධාරීන් නොව රාජ්‍ය පරිපාලනය පිළිබඳ අත්දැකීම් සහිත දැනට රාජ්‍ය සේවාවෙහි නිරත පරිපාලන නිලධාරීන් පත් කිරීමට පියවර ගත යුතු අතර එය දැනට රාජ්‍ය සේවාවෙහි කඩා වැටීම නිවැරැදි කිරීමට හේතු වනු ඇත.